(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කාණ්ඩ කිහිපයක පත්වීම් ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තිකයෝ 154 දෙනෙක්  හෙට (10) පත්වීම් ලබති.

විකිරණ ශිල්පී උපාධිය හදාරන ලද හා ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරන ලද, සය මාසික අනුස්ථාපන සහ සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද විකිරණ ශිල්පීන් ලෙස 69 දෙනෙකුට සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් ලෙස 10 දෙනෙකුට මෙහිදී නව පත්වීම් ප්‍රදානය කෙරේ.

එමෙන්ම ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-2) සේවා ගණයේ සෞඛ්‍ය රසායනාගාර සහායක හා කීට‌විද්‍යා ක්ෂේත්‍රයේ උපස්ථායක තනතුරු සඳහා සීමිත පදනම මත බඳවා ගන්නා නිලධාරීන් ලෙස  කීට විද්‍යා සහායකයින් 4 දෙනකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනකුට ද  නව තනතුරට අදාලව පත්වීම් ලිපි ප්‍රදානය මෙහිදී සිදු කෙරේ.