IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


සෞඛ්‍ය මානව සම්පතේ දීමනා අයවැයෙන් කපලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සෞඛ්‍ය මානව සම්පතට තිබූ බොහොමයක් දීමනා මෙවර අයවැයෙන්  කප්පාදු කර ඇතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"එදා වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයන් ඇවිත් ඒ පිළිබඳව සාකච්ඡා කළ විට ඔබේ ආණ්ඩුව පොරොන්දු වුණේ මේ අයවැයට ඒක ඉදිරිපත් කරන බවටයි.හැබැයි මේ අයවැයේදී වත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත පිළිබඳව ඔබේ අවධානය යොමු වී නැහැ

.අපේ ආණ්ඩුවල තිබෙන ලොකුම ගැටලුව වන්නේ යටිතල පහසුකම් පිළිබඳව බොහෝ විට කතා කරනවා.ගොඩනැගිලි ගැන කතා කරනවා.හැබැයි ආයතන වල අමාත්‍යංශ වල රාජ්‍ය සේවයේ,මානව සම්පත පිළිබඳව කතා කරන්නේ නැහැ.යුද්ධය පැවති කාලයේ පවා වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජීවිතය කැප කරමින් කටයුතු කළා.කොරෝනා වසංගතයේදී පී.එච්.අයි මහත්තයා දක්වා තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා පැය විසි හතරේම වැඩ කළා.එන්නත්කරණය පටන් ගත්ත වෙලාවෙත් එහෙමයි.ආර්ථිකය අර්බුදය අවස්ථාවේදීත් ඉල්ලීම් බොහොමයක් ඔවුන් පිටුපසට ගත්තා.

ඉතිරි කරපු ට්‍රිලියනයක ගිණුමක් තිබෙන බව ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා. තව බිලියන 150 ක් වැට් බද්දෙන් අය කර ගන්නවා.මුදල් ඕන තරම් තියෙනවා නම් අත්‍යවශ්‍ය සේවාව සපයන මානව සම්පත ආරක්ෂා කරගන්න රජයට වැඩපිළිවෙලක් නැත්තේ ඇයි? යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

 



අදහස් (1)

සෞඛ්‍ය මානව සම්පතේ දීමනා අයවැයෙන් කපලා

ගමේ එකාලා Sunday, 23 November 2025 04:09 PM

දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ බාල බෙහෙත් දීලා මිනිස්සු මැරෙන කොට තමුන් මොන ලෝකෙද උන්නේ? එදා අයවැය කතාව කරපු හැටි, අයවැයෙන් වැඩිම කොටසක් දූෂිත පව්ලේ අයගේ සුඛවිහරණය වෙනුවෙන් වෙන් කෙරුවේ. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු අය ගැන කවර කතාද?...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site