(රංජිත් රාජපක්ෂ )          

සෙන් ක්ලෙයාර් දිය ඇල්ල රක්ෂිතයේ අද (08) දහවල් හට ගත් ගින්නක් රක්ෂිතය පුරා පැතිර යමින් පවත්න බව දිඹුල පතන පොලිසිය පැවසීය.

ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවත්, ප්‍ර දේශයේ පවතින අධික වියලි කාලගුණය සහ තද සුළං හමුවේ ගින්න සීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බව කියයි.

එම රක්ෂිතයේ ඉදි කර තිබූ සංචාරක නිවාඩු නිකේතනයක්ද ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම සංචාරක නිවාඩු නිකේතන වලට ඇද තිබූ දුරකථන රැහැන් පද්ධතියද ගිනිගෙන විනාශ වී ඇත.

ගින්න පාලනයට කොටගල යුද  හමුදා බට පිරිස්වල සහය ඉල්ලා ඇති බවද නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය  කියා සිටියේය.

රක්ෂිතයේ  බැද තිබූ බඹර කූඩුවක් ගින්න හේතුවෙන් ඇවිස්සීමෙන් බඹරුන්ද ගින්න පාලනය කිරිමට එන පිරිස්වලට පහර දීම හේතුවෙන් ගින්න පාලනය කිරිම තරමක් අපහසු වි ඇත.