(යොහාන් භාසුර)
සුරාබදු අද (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ද, මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600 ක් වන බද්ද රුපියල් 7.320 ක් දක්වා ද, ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මෙම සුරාබදු ඉහළ නැංවීමත් සමඟ මත්පැන් මිල තව දුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ගල් අරක්කු බෝතලයක් ලක්ෂයක් විතර කරන්න.. චිවස් රීගල් එකක් මිලියනයක් විතර කරන්න... බොන්න දේවල් නැති වෙලා... බොලාගේ ලේ බොනවා මිනිස්සු පෙරේතයින් වෙලා ඇවිත්... බලන් ඉන්න..
අන්තඃපුරය සමග ලෝකය වටේ රවුම් ගහන්න සල්ලී මදිවෙලා වෙන්න ඇති. "ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුළුව දිය කෙළියේ" කියලා විතරක් මතක තියා ගනිල්ලා.
සම්මා සම්බුදු සරණින් උදා වූ නව වසර, සුරාවෙන්, දුසිරිතෙන්, අකුසලයෙන් තොර, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා! සම්මා සම්බුදු සමිඳුගෙ සරණින් අපි සතුටින් සිටිමු,~ සම්මා සම්බුදු සමිඳුගේ දහමින් කුසල් ද අපි කරමු,~ සම්මා සම්බුදු සමිඳු ගිය මගින් දුගතිය අපි වසමු,~ සම්මා සම්බුදු සමිඳුගේ බලයෙන් අපි සසරින් මිදෙමු.
ගොනා ඇනගෙන ඇනගෙන යනවා. තව ගිනිකෙළි පත්තු කරපල්ලා...
කාට හරි කියන්න පුළුවන්ද යම් භාණ්ඩයක් මත පැටවෙන බදු වර්ග කීයක්තියෙනවද කියල....රුපියල් 100 ට භාණ්ඩයක් මිලට ගත්තම එතන බදු විතරක් කීයක්තියෙනවද? එහෙම පිටින්ම මේක බදුලන්තයක්...විදෙස් විනිමය උපය ගන්න ගත්තු ක්‍රියාමාර්ග මොනවද? අනාගතේ විදෙස් ණය ගෙවන්න හදන්නෙ රුපියල්වලින්ද?
රනිල් හාමු ආපහු ලංකාවට වැඩවසම් ක්‍රමය ගෙනල්ල , මිට පස්සේ අරක්කු ,විස්කි ,බ්‍රැන්ඩි බොන්න පුළුවන් වෙන්නේ හාමුලගේ පැලැන්තියේ අයට විතරයි
මේ රනිල්ට නම් බදුවලින් මිසක් ආදායම් ලැබියහැකි වෙනත් ක්‍රමයක් ගැන හිතන්නෙම නැති කෙනෙක්. දැන්නම් බදුවලින් හොදටම හෙම්බත්වෙගා ඉන්නෙ. හැකි ඉක්මනින් ආණ්ඩුව කලහැකි කෙනෙකුට භාරදී ගෙදර ගොස් පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න. මෙයාට බදු රනිල් කියල කියමු.