IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ හොරට ගෙන ගිය සෙබළිය මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි )

කොහුවල සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා පිටතට රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළියක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට අනුයුක්ත සෙබළියකි.

ඉකුත් 01  වෙනි දින  රාත්‍රී භාණ්ඩ සමීක්ෂණයේදී මස් විකුණුම් මංශයේ ඉතිරි තොග වල යම් අඩුපාඩුවක් හේතුවෙන් සීසීට්වි කැමරා පරීක්ෂා කර බැලීමේදී කාන්තාවක් විසින් මුදල් නොගෙවා මස් විකුණුම් අංශයෙන් මස් පාර්සලයක් පිටතට ගෙනයන බවට නිරීක්ෂණය වී එම ආයතනයේ කළමනාකාරීත්වය විසින් කාන්තාවගේ හැඩරුව නිරීක්ෂණය කර තිබූ බව පොලිසිය කියයි.

සැකකාරිය ඊයේ  (16)  දිනද  ලබාගත් භාණ්ඩ මුදල් නොගෙවා පිටතට රැගෙන යාමේදීම ආයතනයේ සේවකයින් විසින් අල්ලාගෙන     භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය රත්මලාන කල්ද මුල්ල පදිංචි වයස අවුරුදු 28 තැනැත්තියකි.

 



අදහස් (0)

සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ හොරට ගෙන ගිය සෙබළිය මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 848 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1788 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site