(අංජුල මහික වීරරත්න)
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.
ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මකය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරයි.
මේ අතර ලබන මැයි 19 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රට ඉඳි මෙට්‍රික් ටොන්300ක් ද පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතා පැවසීය.
දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලුම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.
රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක
හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව
ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත විය.
කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් න
රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
පුරවැසියා Friday, 19 April 2024 05:58 PM
දෙමාපියන්ගේ රැකියා සුරක්ෂිත භාවය තහවුරු කලා නම් දරුවන්ට හොඳ පෝෂ්‍යදායක ආහාර වේලක් දෙන්න තිබුණා. ඒත් එතකොට ජනතාවට පාලකයින් මතක් වෙන්නේ නැහැනේ... ඡන්දෙ කාලෙට ඒක නිසා වෙන්න ඇති දරුවන් ට කන්න දෙන්න බැරිවෙන්න තරම් දෙමාපියන් ගේ ආර්ථිකය කඩාබිඳ දමලා ආණ්ඩුවෙන් කන්න දෙන්නේ...!
AnihiFriday, 19 April 2024 07:31 PM
හම්බ කරන අය හම්බ කරන්න ඕනෑ මොවුන්ටත් එක්ක...
Nimal Friday, 19 April 2024 07:22 PM
හොරා කෑවාට පස්සේ ඉතුරු වුණ අපි ගෙවපු බදුමුදල් වලින් මොකක් හරි කරන්නත් එපැයි...
Lalla Friday, 19 April 2024 07:45 PM
දරුවන්ට පවුලට පෝෂණය දීමට නොහැකි මිනිස්සුන්ට දරුවන් හදන්න ඉඩදීම වැරැදි නොවේද? පවුලේ පියාගේ වගකීම මහජනතාව භාර ගත යූතුද? නිකමුන් බෝවීම පාලනය කිරීම රජයක යුතුකම...
achini Saturday, 20 April 2024 02:58 PM
දැන් නම් විශ්වාසයි ඡන්දයක් කිට්ටුයි කියලා...