(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට බලපා තිබෙන දරුණු තුවාලය සුව කිරීම සඳහා ජනපතිට අසීරු තීරණ ගැනීමට සිදු වුවත් සැප්තැම්බර් - දෙසැම්බර් වෙද්දී ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ටිකෙන් ටික බඩු මිල අඩු කරමින් යන අතර විදුලි බිල ද ඉදිරියේ දී අඩු කිරීමට හැකි වනු ඇතැයි විජයවර්ධන මහතා කීය.
මොනරාගල දිස්ත්‍රික්කයේ එජාප පාක්ෂික හමුවකට සහ පළාත් පාලන අපේක්ෂක හමුවකට සහභාගී වෙමින් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මොණරාගල ෂන්ෂයින් හෝටලයේ පැවැති මෙම හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා:- රට අරාජික වූ වෙලාවෙි බාර ගෙන කරන්නැයි විපක්ෂය කණ්ඩායම් වලට කතා කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කතා කළා. නමුත් හැම කෙනෙක්ම ඒ වගකීම ගැනීම මගහැරියා. අවසානයේ මේ රට බාර ගන්න කතා කළාම කිසිදු චකිතයකින් තොරව බාරගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විතරයි. ඔහු ඒ වෙලාවේ දේශපාලනය ගැන හිතුවේ නැතිව ජනතාව ගැන හිතලා ඔහුගේ දැක්මට අනුව මේ රට ඉදිරියට ගෙනියන්න ඉදිරිපත් වුණා.
එතකොට විපක්ෂයේ අය මොකද්ද කිව්වේ. ඔන්න ආණ්ඩුවත් එක්ක ඩීල් දානවා යැයි චෝදනා කළා.
එතුමා රට බාර ගෙන හැම තැනම තිබුණු පෝලිම් නැති කළා.විදුලිය නිසි පරිදි ලබා දී තෙල් නිසි පරිදි ක්‍රමවත්ව ලබාදී ගොවීන්ට අවශ්‍ය පොහොර ටිකත් ලබා දුන්නා. පෝලිම් වල මිනිස්සු මැරෙන එක නතර කළා.මාස දෙකක් ඇතුලත යම් ක්‍රමාණුකූල තත්ත්වයකට මේ රට රැගෙන ආවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ, පාට භේදයකින් තොරව ලංකාවේ දේශපාලකයින් කියන කිසිම කතාවක් විශ්වාස කරන්නවත් එපා... ඔය ඔක්කොම අවස්ථාවාදී පාහරයෝ... ලංකාව ගොඩදාන්න ඔය දැන් ඉන්න කාටවත් බැහැ.. එකම විසඳුම රටින් පිටවීමයි.
ප්‍රශ්නයකට තිබෙන්නේ මේ යන විදිහට සැප්තැම්බර් වෙනකන් ඔබලා බලයේ ඉඳීවිද කියන එක...?
ශ්රී ලංකාවට තිබෙන දරුණුම තුවාලය තමයි රනිල් වික්‍රමසිංහ... ඒ තුවාලයට ඔයා බෙහෙත් හොයන්න එපා... ළඟදීම අපි මහපාරේදීම එයාට බෙහෙත් දෙනවා. අර ගඩාෆිට දුන්නු බෙහෙත... !!!
ආයෙත් ඔය මෝඩකතා කියන්න එපා... ඔයාලට ආයේ මේ ලෝකය පවතින තුරු සහන දෙන්නත් බැහැ... ගොඩ එන්නත් බැහැ. අපි දැන් තත්වය දන්නවා. බොරු නොකියා ඉන්න... පුළුවන් නම් වීසා හදලා දෙන්න මෙහෙන් යන එක විතරයි. ඔයාලාට කරන්න පුළුවන් කරනවා නම්...
නිකම් මේ බොරු අනාවැකි නොකියා ඉන්න...
මාමාත් සමග අස්වෙලා ගෙදර යන්න... ඒක ලොකු සහනයක්...
රනිල් කියන කෙනාට පුළුවන්ද මේ රටේ ආර්ථිකය හදන්න. ඔබලා ඔක්කොම එකයි..
රනිල් රාජපක්ෂලා තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...
පින් ජනපතියා කොහොමද එහෙම කරන්නේ? සහන දෙන්න නම් දූෂිත රාජපක්ෂලා, දූෂිත දේශපාලුවන් හොරාකාපුවා අයකරගන්න ඕනේ... එයා කරන්නේ ඔවුන්ව රකින එක...
පක්ෂයේ නායකත්වය වෙනස් කරනවා ප්‍රතිසංවිධානය කරනවා කියලා ඔබතුමාව රැවැට්ටුවා මතකද? ඔබතුමාලාටත් සහනයක් නැතිව අපිට කෝමද සහන දෙන්නේ? සිත නිවන කතා...
මේ ලබන වසරද?