(බිමල් ශයාමන් ජයසිංහ)

ත්‍රිරෝද රථයකින් පලායමින් සිටි සැකකරුවකු පසු පස හබා ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සතුව තිබූ උණ්ඩ 12 ක් සහිත පතුරම් ගැබ අස්ථානගතවී ඇතැයි වැලිපැන්න පොලිසිය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හොරෙයින් මත්ද්‍රව‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරය වු කරුණු මත තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමටයාමේදී එම සැකකරු තීරෝද රථයකින් පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායම එම සැකකරු පසුපස හඹා ගොස් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

එම වැටලීම අතරතුරදී පොලිස් පරීක්ෂකවරයා සතුව තිබූ රාජකාරිය පිස්තෝල අවියේ නයින් එම් එම් වර්ගයේ උණ්ඩ 12 ක් අඩංගු පතුරෝම් ගැබ අස්ථානය ගතවී ඇති බව සඳහන් කරමින් 15 වැනි දින පොලිසිය වෙත පැමිණිලි කර ඇත.