
(ශාන්ත චන්ද්‍රසිරි)
සැළලිහිණියන් දෙදෙනෙකු හා අළු ගිරවුන් දෙදෙනෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් සිව්දෙනෙකුට රුපියල් 120,000 ක දඩ මුදලක් ගෙවන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද(25) නියෝග කළාය.
මෙලෙස දඩ ගෙවීමට නියමවූයේ වැලිමඩ, ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකුටය.
මෙම පුද්ගලයන් සැළලිහිණියන් දෙදෙනෙකු හා අළු ගිරවුන් දෙදෙනෙකු අල්ලාගෙන කූඩු කර, නිවෙස්වල තබාගෙන ඇතිකරමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න මහතා පැවැසීය.
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
ඒ අනුව, එක් සැකකරුවකුට රුපියල් 30,000 බැගින් පුද්ගලයන් සිව්දෙනා සඳහා මහේස්ත්‍රාත්වරිය දඩ මුදල නියම කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd