අධි ආරක්ෂිත පක්ෂියකු වන සැළලිහිණියන් පස් දෙනකු තී‍්‍ර රෝද රථයකින් රැගෙන ගිය කුරුළු වෙළෙන්දකු ගල්කිස්සේ දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදාහල බව වනජීවී වැටලීම් අංශය පවසයි. මහනුවර සිට කුරුල්ලන් විසි දෙනකු සමග පැමිණෙන බවට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකැර තිබේ. අතර මගදී තවත් කුරුල්ලන් විකුණා ඇතැයි සැක කෙරේ.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම වනජීවී නිලධාරීන්. අධි ආරක්ෂිත පක්ෂියෙක් අල්ලලා ඇයි මුදා හැරියේ. උසාවියට ඉදිරිපත් කරන්න නේද තිබුණේ. දේශපාලුවන්ගේ බලපෑම් ඇවිල්ලා ඇති නේද ?
සැළලිහිණියන් පමණක් නෙවේ හැම සතෙකුගේම නිදහස ගැන නීතියෙන් යම් ආරක්ෂාවක් තිබිය යුතුයි ඇතැම් ස්ථානවල ගිරා මයින් සහ තවත් සුරතලයටයැයි කියා බොහෝ කුරුඵ විශේෂ කූඩු කරගෙන සිටීමත් වැලැක්විය යුතුයි අපේ රට නිදහස් රටක්නම් සෑම සත්වයෙකුටම ඒ නිදහස අපි ලබා දෙමු
කොළඹ මහනුවර මාර්ගය අයිනේ ස්ථාන කීපයකම ගිරවුන් අලෙවි කරනවා යක්කල කිට්ටුව පිහිටි ප්‍රසිද්ධ දේවාලයක් ළග ද ගිරවුන් සිර කර තබා අලෙවි කරනවා
සැළලිහණියාව අතීතයේදී පවා නිවෙස් වල ඇති කළා ..සන්දේශ කාව්‍යට පවා භාවිතා කළා කූඩුවක දමා සිර කිරීම වැරදී
සත්ව හිංසනය නතර කරනු.
අපේ නීති මදී මෙහෙම දේවල් වලට. බෝහෝම සතුන් විනාශ වෙමින් පවතින්නේ මේ වාගේ හේතු හින්දයි මේ වාගේ සත්තු ගෙවල්වල හිර කරගෙන ඉන්න අයටත් ඳඬුවම් දිය යුතුය