අධි ආරක්ෂිත පක්ෂියකු වන සැළලිහිණියන් පස් දෙනකු තී‍්‍ර රෝද රථයකින් රැගෙන ගිය කුරුළු වෙළෙන්දකු ගල්කිස්සේ දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදාහල බව වනජීවී වැටලීම් අංශය පවසයි. මහනුවර සිට කුරුල්ලන් විසි දෙනකු සමග පැමිණෙන බවට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකැර තිබේ. අතර මගදී තවත් කුරුල්ලන් විකුණා ඇතැයි සැක කෙරේ.
2025 නොවැම්බර් මස 17
96
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
936
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සැළලිහිණි වෙළෙන්දා අල්ලයි
ප්‍රසන්න Wednesday, 07 September 2011 07:19 AM
අනේ මෙහෙම වනජීවී නිලධාරීන්. අධි ආරක්ෂිත පක්ෂියෙක් අල්ලලා ඇයි මුදා හැරියේ. උසාවියට ඉදිරිපත් කරන්න නේද තිබුණේ. දේශපාලුවන්ගේ බලපෑම් ඇවිල්ලා ඇති නේද ?
හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 07 September 2011 08:43 AM
සැළලිහිණියන් පමණක් නෙවේ හැම සතෙකුගේම නිදහස ගැන නීතියෙන් යම් ආරක්ෂාවක් තිබිය යුතුයි ඇතැම් ස්ථානවල ගිරා මයින් සහ තවත් සුරතලයටයැයි කියා බොහෝ කුරුඵ විශේෂ කූඩු කරගෙන සිටීමත් වැලැක්විය යුතුයි අපේ රට නිදහස් රටක්නම් සෑම සත්වයෙකුටම ඒ නිදහස අපි ලබා දෙමු
නයනජිත් Wednesday, 07 September 2011 09:49 AM
කොළඹ මහනුවර මාර්ගය අයිනේ ස්ථාන කීපයකම ගිරවුන් අලෙවි කරනවා යක්කල කිට්ටුව පිහිටි ප්‍රසිද්ධ දේවාලයක් ළග ද ගිරවුන් සිර කර තබා අලෙවි කරනවා
සෙනවිරත්න Wednesday, 07 September 2011 10:05 AM
සැළලිහණියාව අතීතයේදී පවා නිවෙස් වල ඇති කළා ..සන්දේශ කාව්‍යට පවා භාවිතා කළා කූඩුවක දමා සිර කිරීම වැරදී
රංග Wednesday, 07 September 2011 10:30 AM
සත්ව හිංසනය නතර කරනු.
රොහාන් Wednesday, 07 September 2011 12:44 PM
අපේ නීති මදී මෙහෙම දේවල් වලට. බෝහෝම සතුන් විනාශ වෙමින් පවතින්නේ මේ වාගේ හේතු හින්දයි මේ වාගේ සත්තු ගෙවල්වල හිර කරගෙන ඉන්න අයටත් ඳඬුවම් දිය යුතුය