නුවන් ජයතිලකගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන සුළඟ අප රැගෙන යාවී (The Wind Beneath Us) චිත්‍රපටය මේ දිනවල ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක ප්‍රදර්ශනය කෙරෙනවා. එමෙන්ම එය ඇමෙරිකාවේ හූස්ටන් අන්තර්ජාතික සිනමා උලෙළේ රෙමී සම්මානය දිනාගැනීමටද සමත්වී තිබෙනවා. ‘සුළඟ අප රැගෙන යාවී’ චිත්‍රපටය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩන් ජාත්‍යන්තර ආසියානු සිනමා උලෙළ, නෙදර්ලන්තයේ සිනේකිඩ් සිනමා උලෙළ, ඉතාලියේ මිලානොහි සිනමා ඩි රින්ගේරා සිනමා උලෙළ, රෝමයේ සිනමා ඩි මැන්ඩෝ සිනමා උලෙළ හා පසුගිය මාසයෙහි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඉන්දියානු සිනමා උලෙළ යන සිනමා උලෙළවල අවසන් වට සඳහා තේරී පත්ව තිබෙනවා. එමෙන්ම එය මෙම මස අගභාගයේදී කැනඩාවේ Toronto World International Film Festivalහිද තිරගත වීමට නියමිතයි.
මේ අතර, ලබන මස 16 වැනිදා ජර්මනියේ මියුනිච් නගරයේ සහ ඉදිරි මාස කිහිපයේ ඉතාලියේ වෙරෝනා සහ බ්‍රෙෂියා නගර දෙකෙහි මෙන්ම මිලානෝ නගරයේ විශේෂ දර්ශන 02ක්ද, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, පර්ත් සහ මෙල්බර්න් නගරවලදී එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙහි තිර රචනයද නුවන් ජයතිලකගේම වන අතර, නිෂ්පාදනය සම්මානනීය ගත්කරු සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම විසිනි. එමෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා සහ නිෂ්පාදිකාව ඇතුළු ශිල්පීන් බහුතරයකගේ කුලුඳුල් චිත්‍රපටය මෙය වීමද විශේෂිත්වයක්.
‘සුළඟ අප රැගෙන යාවී’ චිත්‍රපටයේ රංගනයෙන් සුදම් කටුකිතුල, ප්‍රවීන් කටුකිතුල, සේමිනී හෙන්නායක යන ළමා නළු නිළියන් සමග අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල් යන ප්‍රවීණ නළු නිළියෝ රංගනයෙන් දායක වෙනවා.
විධායක නිෂ්පාදනයෙන් විමුක්ති ජයසුන්දර, කැමරාකරණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංගීතයෙන් චිත්‍රලාල් සෝමපාල, කලා අධ්‍යක්ෂණයෙන් වයි. දේශප්‍රිය, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් කේ. රාජපක්ෂ, වර්ණ සංයෝජනයෙන් ආන්නද බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණයෙන් මහේෂ් කන්කාන්නගේ, නිෂ්පාදන කළමනාකරණයෙන් ලසන්ක මදුශංක යාපා, ගයාන් දේශප්‍රිය, ඇඳුම් නිර්මාණයෙන් සංජීව කරුණාරත්න සහ වේෂ නිරූපණයෙන් හර්ෂ මංජුලද මේ සඳහා දායක වී තිබෙනවා.
තිසර ගංගාදර
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සුළඟ අප රැගෙන යාවී ජර්මනියේ