මෙරට සුළු ජාතීන්ගේ අරබුදය හා ඔවුනගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන ආකාරයේ නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සුළු ජාතික කටයුතු භාර විශේෂ නියෝජිතවරියක වන අයිඑන් රීටා මහත්මිය විසින් ලබන මාර්තු පැවැත්වෙන 34 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව නැගෙනහිර මහ ඇමැති හාෆිස් නසීර් අහමද් මහතා සදහන් කළේය.
මෙරට සංචාරයක නිර වී සිටින රීටා මහත්මිය ඇතුළු පිරිවර අද 14 නැගෙනහිර ප‍්‍රධාන ඇමැති කාර්යාලයේ දී මේ බව සදහන් කළ බවද මහ ඇමැතිවරයා පැවසීය.
මෙරට සුළු ජාතීන් මුහුණ පා සිටින අර්බුද විසඳාලීම සම්බන්ධයෙන් හා එම ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කර දීම සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මෙලෙස මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කරන බව ද රීටා සහතික වුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර මහ ඇමැති හාෆිස් නසීර් අහමද් වගේම උතුරේ මහා ඇමති විග්නේශ්වරන් කියන මේ දෙන්නගෙම හැසිරීම අපිට නම් පිළිකුල් සහගතයි. මෙයාල හිතාන ඉන්නේ මෙයාල ජීවත් වන ප්‍රදේශයේ මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාව බහුතරයක් ජීවත් වීම තුලින් රටේ සම්පූර්ණ බලය ඒ අයට හිමිවෙලා කියලා. අපේ රටේ යම් යම් සිදුවීම් සිදුවූන බව ඇත්ත ඒත් ඒවාට විසඳුම් සෙවීමට අපිට පුළුවන් මහජාතියත් එක්ක සුහදව කතාකරලා විසඳ ගන්න. අපේ රටේ ප්‍රශ්න අප අතරේ සුහදව සාකච්ඡ කරලා විසඳ ගැනීම තම නිවැරදි ක්‍රමය. ඒ තුලින් තමා අපිට අපේ රටේ සාමය හා සන්හින්දියාවට නියම අර්ථකතනයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඒ හැර රටවල් වලට හෝ ජාත්‍යන්තරයට ගිහින් නහයෙන් හඬන එක නොවේ. හනික මෙයාල හිතනවා ඇති මේ යුරෝපය හා ඇමෙරිකාව ඇතුළු රටවල් මේවාට පිළිතුරු දෙය කියලා, අපේ රටේ යුද්ධය වසර 30 ක් දක්වා ඇදෙගෙන යාමට මේ අය තමා හේතුව, ඒ වගේම සිරියාවේ, ඉරාකය, පලස්තීනය, ලිබියාව, ඇෆ්ගනිස්තානය හා අනෙකුත් රටවල් වල සිදුවන මිනිස් ඝාතන වලට යුරෝපා සංගමය, මානව හිමිකම් සංගමය, එක්සත් ජාතීන්ගේ මහලේකම් හෝ වෙනත් ජාතන්තර ආයතන මොනවාද කලේ ? මොනවද කරන්නේ? ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්ව උද්‍යානයක ගෝරිල්ලෙකුට වෙඩි තැබීමේ පුවත ජාත්‍යන්තර මාධ්‍ය වලට දින 3ක් පමණ විශේෂ පුවතක් බවට පත්වුනා, මැදපෙරදිග කලාපයේ දිනපතා සිදුවෙන කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු අහිංසක සමූහ මිනිසා ඝාතන ඉදරියේ සියල්ලෝම අධ, ගොළු, හා බිහිරි වී සිටිති. අපේ රටේ යුද්ධ අපරාධ පිලිබන්ධව ඔවුන් දක්වන අවධානය ඔවුන් විසින් කරනු ලබන අපරාධවල එය යොමු නොකරන්නේ අය් ? ඉතින් මෙයාල එවැනි ආයතනයකට ගිහින් අපේ රටේ සිදුවෙන සුළු සුළු දේවල් කියන්න මෙයාල කවුද? මමත් සුලු ජාතිකයෙක් තම අහමඩ් නසීර් ගේ ආගමේ කෙනෙක් තමා නමුත් මම ශ්‍රී ලාංකිකයෙක් මට මහා ජාතියත් මේ රටේ පාලකයින් ගැනත් විශ්වාසයි. වෙනත් රටරවල් හා සන්සන්ධනය කල විට ලෝකයේ ඉන්නේ විශිෂ්ඨම මහා ජාතිය ජීවත් වන්නේ අපේ මේ පුංචි දිවයිනේ ඒ නිසා මහා ජනතාවගේ ජන්දයෙන් පත්වෙලා පිස්සු නටන්නේ නැතිව තමුන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් රටේ පාලකයින්ට ඉදිරිපත් කරන්න ඒ හැර එක්සත් ජාතීන්ගේ සුළු ජාතික කටයුතු භාර විශේෂ නියෝජිතවරිය මුණ ගැහෙන්න කලින්. (අ)
කොහේද සුළු ජාතියක් ඉන්නේ? ඒක සංඛ්‍යාවන් පිළිබඳ ප්‍රශ්නයක් මිස සංඛ්‍යාවෙන් වැඩි රටේ බහුතරය වූ සිංහලයින් විසින් ඇතිකළ ප්‍රශ්නයක් නොවන බව මෙතෙක් රට පාලනය කළ කාටවත් වැටහුනේ නැත්තේ රටේ අවාසනාවකට. (නි)
ෂරියා නීතිය ගෙනවා නම් මේ අර්බුද ඉවරයි (නි)
මේ රට සුළු ජාතින් යැයි කියන කණ්ඩායමටද ඇත්තේ එකම අයිතියකි.