සුළු අපනයන බෝග ආනයන හා ප්‍රති අපනයන කිරීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා , කුරුඳු, සාදික්කා, වසාවාසී, කරදමුරුගු, ඉගුරු, කහ සහ කාරඹුනැටි ආනයනය තහනම් වෙයි.
සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීම සහ දිරිමත් කිරීමේ අරමුණින් මෙම නීතීය පනවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වවන්න පටන් ගනිමු. අපිව අමාරුවේ නම් දමන්න එපා. මොකද රට යන්නේ ගසා කන්නන්ට කුට්ටිය ලැබෙන විදියටනේ. දින ගණනින් ඇමතිවරු මාරු වෙන රටක අපට කිසිවක් ගැන විශ්වාසයක් නොමැත.
අගය කළ යුතුම තීරණයකි. පහුගිය කාලේ වුනේ එක පුද්ගලයෙක් නිසා අසරණ මිනිස්සු දහස් ගණනකගේ ආර්ථිකය විනාශ වීමයි.
හොඳම හොඳයි.
ඉතාමත් අගය කළයුතු ක්‍රියාවක්. මෙයයි විය යුත්තේ. මෙය බොහෝ කලකට පෙර සිට කළ යුතුව තිබුනේ. දේශීය දෙය රැක ගැනීම සහ ප්‍රවර්ධනය කරන ආකාරයෙන් අනෙකුත් දේ කෙරෙහිත් මේ ආකාරයෙන්ම ක්‍රියා කළොත් හෙට රට එතරම් කලුවර නොවේවි.
දැන්වත් මොලේ පැදුනු එක හොඳයි. ඉස්සර අරාබිකරයේ, ස්පාඥ්ඥ, පෘතුගීසි වගේ රටවල නාවිකයින් මෙරටට පැමිණියේ කුළු බඩු සොයාගෙන කියලා ඉතිහාසයේ තියෙන්නේ. එහෙව් රටේ අපි කරන්නේ නම විකුණලා රට පාවාදෙන එක. අනික තමා මාළු වර්ග ගෙන්වීම, ඉඟුරු වගේ එළවලු වර්ග ගෙන්වීම. රටවට මුහුදයි සිප එන සුළඟයි මෙහි නොවැවෙන කිසිවක් ඇතිදෝ ...... කියලා තමයි ඉස්සර ළමයි දේශාභිමානය ගැන කිව්වේ. දැන් ඉන්න ළමයින්ට කියන්න වෙන්නේ පිට රටින් ආවේ නැතිනම් අපි කාලා ඉවරයි කියලයි.
නියමයි, නියමයි, මේ ප්‍රතිඅපනයන නිසා අපේ රටේ ගම්මිරිස් ගොවියා වගේ තවත් ගොවීන් රැසක් අන්ත අසරණ වෙලා හිටියේ... නියමයි, ජනපතිතුමනි සියළු ගොවීන්ගේ ප්‍රණාමය ඔබට...
මට සමාවෙන්න ජනාධිපතිතුමනි මගේ ඡන්දය අපතේ ගියාට..
විශිෂ්ඨ තීරණයක්. රනිල් තව හිටියා නම් ගොවීන්ට වස බොන්න වෙන්නේ....
සුලු අපනයන වාගේම තේ, රබර්, පොල් වලටත් එහෙම කරන්න කියලා වැඳ නමස්කාරව ඉල්ලනවා. අපි ආනාථ වෙලා ඉන්නේ...
සත්ව ආහාර ගෙන්වන එකත් ඇතැම් පළතුරු ගෙන්වන එකත් සීමා කරන්න ඕනේ. අපරාදේ රට ගිහින් දුක් විදලා හම්බකරන විදේශ විනිමය නිකරුනේ නාස්ති වෙන්නේ. ඛණිජ තෙලුත් අපි පිරිපහදු කරගත්තනම් තවත් හොදයි. මේ කොයි දේ කළත් පසුවිපරමක් අවශ්‍යයි. එකවර තියෙන වැරදි දේ උනත් කරන්න වෙනවා.
හොඳ වැඩක්. මම දැක්ක සරුංගල්, හඳුන්කුරු, වෙසක් කූඩු ගෙන්වීමත් නතර කළා කියලා. රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් කොච්චර හොඳද? අපේ මිනිස්සු හොඳ වැඩකාරයෝ... අතමිට සරුවෙයි. ජය වේවා..! වැඩි කලක් යන්නට පෙර වෙනසක් වේවි... අපි හැමෝම යහපත වෙනුවෙන් සහාය වෙමු. රජයේ මැතිඇමැතිවරු හොඳට වැඩ කරන්න 2/3 බලය අපි දෙන්නම්... ගෝඨාභය ජනපති, මහින්ද අගමැති අපේ රට වෙනස් කරන්න අපිට සතුටින් ඉන්නට පරිසරය ගොඩනගා දෙන්න. ඔබ සැමට ජයවේවා..!
බොහොම හොඳ තීරණයක්... මෙය අප අගය කරන්නෙමු. .
ගොවියා තව තවත් උනන්දු වෙයි, මෙවැනි දේ ගෙන්වීම සීමා කළොත්... ඒ වගේම රට සශ්‍රීක බිමක් වෙනවා දකින්න මම බොහොම කැමතියි. මිනිසුන්ගේ සැඟවුණු කුසලතා එළියට ගන්න පුළුවන් වෙන්නේ මෙවැනි දේවල් සදහටම නැවතුනොත් පමණයි..