
(යොහාන් භාසුර)
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම සහල් මෙට්‍රික්ටොන් 67000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි සීවලී ඔය රුපියල් කෝටි 430 ගන්න ඩොලර් කොපමණක් විදේශවලට ගියාද? භාණ්ඩාගාරය කොතරම් හිස් වුණාද කියලත් කියන්න ලංකාවට ඇතිතරම් සහල් නිෂ්පාදනය කළා නම් ඩොලර් ටික විදේශගත වෙන්නේ නැහැ. ඒ වුණත් සීවලීලාට ආනයන නිසා රේගුවට අච්චර ලැබුණා මෙච්චර ලැබුණා කියන්න ලැබෙන්නෙත් නැහැ.
සහල් කියන්නේ අත්‍යාවශ්‍ය ආහාරයක්. එයට බදු ගසා ආදායම් ඉහළ නැංවීම නොවේ මේ මොහොතේ කළ යුත්තේ. අනික ඔය බද්ද ගෙවන්නේ ආනයනයකරුවන් වුණාට එය ගෙවන්නේ සාමාන්‍ය ජනතාව කියලා හොඳට මතක තියාගන්න. මිනිස්සු කබලෙන් ලිපට වැටිලා ඉන්න මොහොතක ඔහු බදු ඉවත් කර පුළුවන්නම් අඩු මිලට සහල් ලබා දෙන්න...!
රුපියල් වලින් ආදායම වියදම ගණන් කරන්න දන්නවා වුණාට ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම නම් බින්දුවයි...
ලෙඩා මැරුණත් බඩ සුද්දයි...
වස්තරේ මළපහ වෙලා, කැටයම් කපනවා කියන්නේ ඔන්න ඕකට තමයි...
ඔය බදුසල්ලි ගෙවන්නේ මහජනයා...
මට මතකයි ජනාධිපතිතුමා කිව්වා. මීනිහෙක්ට බඩගිනි වෙලා කන්න හදද්දී ඒකට බදු ගහලා වැඩක් නෑ කියලා. හැබැයි කිව්වේ ඡන්දෙට කලින්...
ලංකාවෙ සිස්ටම් එකම සම්පූර්ණයෙන් වැරැදියි. ගොවියන්ට පොහොර සහනාධාර වගා ණය වගා විනාශ වුණොත් වන්දි. මෙකී නොකී හැම දෙයක්ම දෙන්නේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. හැබැයි ගොවිරාලලා වී ටික දෙන්නේ මහා පරිමාණ හාල් මුදලාලිලාට. ඔවුන් අධික ලාභයක් තියාගෙන මේ රටේ මීනිස්සුන්ට හාල් විකුණනවා. නැත්නම් හාල් තොග හංගලා වැඩි ගණන් වලට විකුණනවා. එතකොට ආණ්ඩුව හාල් රටින් ගෙන්නනවා. ඩොලර් ටිකට කෙලවෙනවා. රටින් ගේන හාලටත් මේ අය කිලෝ එකට පොඩි ගාණක් නෙමේ බදු ගහන්නේ. එතකොට මේ රටේ මිනිස්සු ඒ බද්දත් ගෙවලා තමයි හාල් ගන්නේ. එතකොට මම අහන්නේ අපේ බදු සල්ලිවලින් ගොවියන්ට පොහොර සහනාධාර, අර සහනාධාර, මේ සහනාධාර වගාවට වන්දි ආදී මෙකී නොකී හැම දේම දෙන එක සාධාරණද?
පව් නේද? මේ මිනිස්සු හාල් ටික ගන්න හැම තැනම ඇවිදිනවා. අන්තිමට දුප්පතාගේ බත්පතෙන් මහ ධනස්කන්ධයක් එකතු කරන්...
ඩඩ්ලි ඇතුළු මාෆියාව ලංකාවේ නිපදවන සහල් වලින් ගසාකනවා. ආණ්ඩුව රටින් ගෙන්වන සහල් වලින් රුපියල් 65 ගසාකනවා... මෙහෙම කරන කොට සහල් 230-240 නැවතුණොත් ඇති... ඩඩ්ලිගේ සහ ආණ්ඩුවේ වැඩි වෙනසක් නැහැ.. ඔක්කෝම යාලුවෝ, ඔක්කෝම බොරු කාරයෝ මල්ලී...!
අසංක හරිනැහැනේ, සමහර වචන කියලා සතුන්ට අසාධාරණයක් කරන්න. අනික ඔයාට එහෙම වෙන අයිඩෙන්ටි කාඩ් එකක් හදන්න වෙනවා.
ඕවා ගේන්නේ මිනිස්සුන්ට කන්න හාල් නැති නිසා. නිකං මහ ලොකු වැඩක් කළා වගේ කියවන්නේ ඇයි...?