IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සහල් වෙළෙන්දෝ වෙළෙඳකටයුතුවලින් ඉවත්වෙති

(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.

සම්බා කිලෝවක් රුපියල් 240.00 ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260.00 කට මිල නියමව ඇතත් මේ වන විට එම සහල් වර්ග තමන්ට ලැබෙන්නේ පාලන මිල ඉක්මවූ මිල ගණන්වලට බැවින් තමන්ටද ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඊට වැඩි මුදලකට අලෙවි කිරීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

එවන් පසුබිමක පාලන මිලට වැඩි ගණන් සඳහා සහල් විකුණන බවට චෝදනා කරමින් පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩ මුදල් ගෙවීමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ඔවුහු සඳහන් කරති.



අදහස් (6)

සහල් වෙළෙන්දෝ වෙළෙඳකටයුතුවලින් ඉවත්වෙති

මාලිමාපෙන්දා Tuesday, 01 July 2025 11:29 AM

හැම එකටම වේවැල අතට අරගෙන බෑ නේද. අර 71 , 89 කරන්න ගිහින් හත්පොලේ ගාගත්තෙ.

:       11       13

maalaka Tuesday, 01 July 2025 11:33 AM

මේ වෙළෙන්දෝ ඉතා අධික ලාභ ලබනවා පමණක් නොව බදු ගෙවීමට ඉතා හොරයි.... බොහෝ අය නියමිත ගිණුම් කටයුතු පවා වංචනිකව සිදු කරයි... එනමුත් හැම විටම ගෑස් පෙන්නන් අමතක නොකරයි....

:       6       14

ගුණරත්න Tuesday, 01 July 2025 12:51 PM

අය්යෝ ඕවත් ප්‍රශ්නද? මේසෙට ගහල පාලන මිල ඉහල දැම්මම වැඩේ හරි. කලින් කියන්න එපයි

:       12       15

ලුම්බිණි Tuesday, 01 July 2025 12:54 PM

පාරිභෝගික අධිකාරිය කරන්නේ වෙළඳපොල අවුල් කිරීමක් .

:       14       5

Ran Tha Tuesday, 01 July 2025 01:50 PM

ඉතින් ඒවා ගන්නේ නැතුව වෙන ඒවා වික්ක නම් ඉවරනේ

:       3       14

ප්‍රියන්ත ලියනාරච්චි Wednesday, 16 July 2025 01:43 PM

මෙහේ කීරි සම්බා විතරයි... මොවුන් අල්ලලා දඩ ගහන්නේ වැඩිමිලට විකුණනවා කියලා, ඉන්දියාවෙන් ගෙන්වන ආදේශක කීරිසම්බා වලට පාලන මිලක් නෑ... 270/=,280/= විකුණනවා. ඒවාට නීතිය නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site