පසුගිය ජනවාරි 30 වැනි දා කොළඹ මල්පාරේ අගමැති කාර්යාලයයට බලයෙන් කඩා වදින්නට තැත් කළැයි සිහල රාවය සිව් දෙනකුට එරෙහිව නඩු පවරන බව කොළඹ අපරාධ විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
කේ ජී දිල්ෂාන්, ලසිත කුමාර, රංජිත් කුමාර හා දිනේෂ් සුචරිත සැකකරුවෝය.
මත්කුඩු කන්ටේනරයක් සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශයකට විරුද්ධව අගමැති දුන් පිළිතුර ඉල්ලා අස් කර ගන්නැයි කියමින් සිහල රාවය සංවිධානය අගමැති නිල නිවස ඉදිරිපිට එම විරෝධය පැවැත්වීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
සිහල රාවයේ හතරකට නඩු?
මාලිංග Monday, 21 April 2014 05:37 PM
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. බොදු බළ සේනාවේ හාමුදුරුවරු ප්‍රවේශම් වීම මොනවා නැතත් නුවණට හුරුයි (නි)
දමිත් සුරංග Monday, 21 April 2014 07:15 PM
කුඩු ගෙනාපු අය තවම නිදැල්ලේ. ඇයි එයාලට නඩු දාන්න බැරි? (නදී)
ඩොමිනික් Monday, 21 April 2014 07:16 PM
දැන් කුඩු ගෙන්නපු අයටත් නඩු දාලද? (නදී)
දමිත් සුරංග Monday, 21 April 2014 07:22 PM
කේ ජී දිල්ෂාන්, ලසිත කුමාර, රංජිත් කුමාර හා දිනේෂ් සුචරිත ජාතික වීරයෝ.(නදී)
උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Monday, 21 April 2014 09:43 PM
නඩු අසා දඬුවම් දිය යුතුය . (අ)
මංජුල Monday, 21 April 2014 10:54 PM
කුඩු ගෙන්නපු අය එළියේ ඊට විරුද්ධ අය ඇතුලේ.(ස)
දොන් රොෂාන් ද සොයිසා Tuesday, 22 April 2014 12:30 AM
ජාතියේ අබාවයද? කනගාටුයි අහාන්න ලැබීම. (නදී)