(යොහාන් භාසුර)
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා අද (5) පස්වරුවේ පැවසීය.
ආණ්ඩුව වී මිල සකස් කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ තොග රැස්කිරීමේ, තොග රඳවාගැනීමේ සහ බැංකු පොලිය ආදි වියදම් ගණනය කර නොමැති බවත් ඒ හේතුවෙන් මෙම මිලත් සමඟ සහල් නිෂ්පාදකයන් දැඩි ගැටලුවකට මුහුණ දෙන බවත් ඒ මහතා කීය.
ආණ්ඩුව නියම කළ මෙම මිලත් සමඟ ඉදිරියේ සහල් ප්‍රශ්නය තව දුරටත් උග්‍රවියහැකි බව කී මුදිත පෙරේරා මහතා ඒ හේතුවෙන් මෙම මිල පිළිබඳව ආණ්ඩුව තව දුරටත් සළකා බැළිය යුතු බව සඳහන් කළේය.
කීරි සම්මා වී කිලෝවක මිල රුපියල් 132 ක් ලෙස මිල නියම කිරීම ගැටලුසහගත බව කී ඒ මහතා පැවසුවේ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදීගෙන සහල් කිලෝවක් පාලන මිලට අළෙවි කළ නොහැකි බවය.
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
WCA Wednesday, 05 February 2025 05:32 PM
ඔය ආණ්ඩුව ගන්න ගානනේ ඔය පාලන මිලට විකුණන්න පුළුවන් ගානට ගනිල්ලා. හැමදාම ඔය බයිලාව නේද ගහලා වැඩි මිලට වික්කේ... හාල් ටික...!
ලසා Wednesday, 05 February 2025 05:33 PM
මැරීගෙන වවන ගොවියෝ ගන්නේ රු132යි. මොවුන් පොහොර ගහලා බෙහෙත් ගහලා හැම කට්ටක්ම කාලා වවපු අයටත් වඩා ලාබ ගන්න හදන්නේ. මැද එකා හැමදාම ගොඩ. ඉතිං පාරිභෝගිකයන් ගිනි ගණන් දීලා ගන්නේ. වී තේ පොල් එළවළු ඇතුළු සියලුම බෝග වලට ලංකාවේ අද අත්වී ඇති ඉරණමයි...
ජනරළ Wednesday, 05 February 2025 05:42 PM
ඔය නමේ මුලට එක්සත් කියන කෑල්ල එන්නේ UNP එකේ කට්ටිය. සමගි කිව්වොත් සජබේ. ඒ නිසා ඒ අය කියන ඒවා ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඒ ගොල්ලන්ට මොනවා කරත් ඇදයි කුදයි තමයි හැම තිස්සේම පේන්නේ. ඒ අයව නොසලකා හරින්න.
Mahajanathawa Wednesday, 05 February 2025 06:12 PM
බිස්නස් එක කරන එක වටින්නේ නැත්තම් නවත්තන්න හොඳේ... හැකි එකා කරයි.
අරුණ Wednesday, 05 February 2025 06:15 PM
ආණ්ඩුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අද මුහුණ දී තිබෙන සැබෑ ප්‍රශ්නය ගංවතුර හෝ වී මිලට ගැනීම, සහල් මිල පාලනය කිරීම නම් නොවේ. ආණ්ඩුව මුහුණ දී තිබෙන සැබෑ ප්‍රශ්නය ගෙවුණ ආණ්ඩු කාලවල නාමල් කරුණාරත්න ගොවියන් වෙනුවෙන් කළ ප්‍රකාශ ගොවියාට මතක තිබීමයි.
fairoos Wednesday, 05 February 2025 07:09 PM
රජයෙන් නිලධාරීන් සහ ආණ්ඩුවේ ඉන්න අය ඕවා හොයලා බලලා තමයි මිල තීරණය කරලා තියෙන්නේ.. නිකන් බයිලා ගන්නේ නැතිව ඉන්න.
amda Wednesday, 05 February 2025 09:20 PM
බස් හිමියා සහ මෝල් හිමියා ජනතාවගෙන් අරන් ජනතාවටම කොකා පෙන්වූ කාලය ඉවර කරමු.
skra Thursday, 06 February 2025 01:14 AM
එක්කෝ ගොවින් වී වගාකිරීම වසරකට නවත්වන්න ඕන නැතිනම් සහල් නිෂ්පාදකයින් තමන්ගේ කර්මාන්තය වසරකට නවත්වන්න ඕන එහෙමත් නැතිනම් මේ දෙකම වෙන්න ඕන . අන්න එතකොට මේ ගැටලුව සමාජයට හරියටම තේරේවි . වී ගොවියෙකුගේ වසරක ආයෝජනයට වැඩ විශාල මුදලක් සහල් නිෂ්පාදකයෙක් ආයෝජනය කරනවා . ඉතින් ආයෝජනයේ තරමට ප්‍රතිලාභ ලැබෙන්න ඕන . විසඳුම නම් සහල් මිල රෝ 350 වගේ අගයක පවත්වා ගැනීමයි.
Janaka Paranamama Thursday, 06 February 2025 03:16 AM
උඹගේ බැංකු ණයට අපි පොලීත් ගෙවන්න .
නිර්දෝශා අහින්සකා Thursday, 06 February 2025 08:40 AM
පාඩු නම් හාල් බිස්නස් එක නවත්තලා කජු බිස්නස් එකක් පටන් ගන්න . රටේ මිනිස්සුන්ට පව් නොදී
Ruwan R Thursday, 06 February 2025 09:06 AM
වී මිල රුපියල් 100 ටත් අඩුවෙන් අරන් හාල් 250 - 350 වගේ ගාණකට විකුණලා දැන් රස වැටිලා, ලාබෙ අඩු කරන්න බෑද?. තොපි මින්ස්සුන්ව හූරගෙන කාපුවා දැන් වමාරපල්ලා.
kumara Thursday, 06 February 2025 12:01 PM
සහල් නිෂ්පාදකයෝ කියන්නේ ගොවියෝනේ බොල! උඹලා කොහොමද නිෂ්පාදකයෝ වුණේ? උඹලා කරන්නේ දුප්පත් ගොවීන් හූරා කන එකනේ. උඹලට ගෞරව නාමයක් මෝල් හිමියන් කියන එකත්. කූඩැල්ලෝ වගේ නමක් තමා ගැලපෙන්නේ.
RS Thursday, 06 February 2025 12:25 PM
පාඩුයි නම් බිස්නස් එක නවත්වලා වෙන එකක් කරන්න පුළුවන් අය කරයි රජයට කියන්නේ මුදලාලිලාට නැමෙන්නේ නැතුව හාල් ප්‍රශ්නය විසඳන්න කියලා
prasanna Thursday, 06 February 2025 12:40 PM
බැරි මඟුල් කරන්නේ ආණ්ඩුව වෙන කරන්න පුළුවන් එකෙකුට දීලා පලයල්ලා
කුමාර Friday, 07 February 2025 07:21 AM
ඔය ගානට බැරි නම් නොගෙන ආන්ඩුවටම වී ටික දෙන්න කියන්න... හැමදාම කලේ හුරන් කන එකනේ... පොඩි ගාබයක් තියන් බිස්නස් එක කරන්න. හූරන් කන්කැතුව...