නව පරපුරේ යොවුන් ගායන ශිල්පියෙකු වන දර්ශන ඉලංගසිංහ ගායනා කරන 'දෙමලිච්චි' මියුසික් විඩියෝවට මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලැබේමින් පවති. දැනට රූපවාහිනි නාලිකා රැසකම විකාශය වන මෙම ගීතය වෙනස් ආරේක නිර්මාණය වූ ගීතයක් හා මියුසික් විඩියෝවක් ලෙස හැඳින්විය හැකිය.
"මේ ගීතය ලිව්වේ රාජාංගනේ හාමුදුරුවෝ. සංගීතවත් කළේ නයන කරුණානායක. ඔහු තමයි 'රාජ මාලිගේ පරවියා වගේ' හා 'සප්ත ස්වරය' ගීත සංගීතවත් කළේ. මෙහි මියුසික් විඩියෝව අධ්‍යක්ෂණය කළේ රුමේෂ් බණ්ඩාර.'නාද' ප්‍රඩක්ෂන් ආයතනය හරහා තමයි මේ නිර්මාණය සිදු වුණේ. මෙහි ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුනිළි යුවළක් වන රුක්ෂානා දිසානායක හා විරාජ් පෙරේරා ඇතුළුව නව පරපුරේ ජනප්‍රිය නළුනිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මෙම ගීතය හාස්‍යය දනවන ගීතයක්. දමිල තරුණියකට පෙම් කරන සිංහල තරුණයෙක් ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නේ."
දර්ශන ඉලංගසිංහ මීට පෙර ගීත කිහිපයක්ම ගායනා කර ඇති නවක ගායන ශිල්පියෙකි. ක්ෂේත්‍රයට පැමිණ දිගු කාලයක් වුවද ඔහුව රසික, රසිකාවියන් අතර වඩාත් ජනප්‍රිය වූයේ මෙම 'දෙමළිච්චි' මියුසික් විඩියෝව හරහාය. ඉදිරියේදී තවත් වෙනස් ආරේ ගීත කිහිපයක් ගායනා කරන්නට අදහස් කරමින් සිටින දර්ශන දැනටමත් 'දෙමලිච්චි' මියුසික් ගීතයේ දෙවැන්න වූ 'සිකුරු කලන්තේ' ගීතය එළිදැක්වීමට සූදානම් කරමින් සිටියි. එහිද පද රචනාව රාජාංගනේ හාමුදුරුවන් විසින්ද, සංගීතය නයන කරුණානායක විසින්ද සිදු කොට තිබේ.
බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිංහල තරුණයෙකු දමිල තරුණියකට ආදරය කරන 'දෙමලිච්චි' මියුසික් විඩියෝව
යොහාන් Tuesday, 19 April 2016 12:59 AM
හොඳ නිර්මාණයක්. සුබ පැතුම්! (නි)