IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සිංහල චිත‍්‍රපටවල රඟපාන්න අමාරුයි

2016-11-05-ent-09

ජාත්‍යන්තරව පැවැත්වෙන රූ රැුජිණ තරගයකදී ශ්‍රී ලංකාවට මෙතෙක් ඉහළම ස්ථානයක් ගෙනදුන් සුරූපිනිය ලෙස හැඳින්වෙන්නේ මොරීන් හින්ගර්ස්ගෙ නාමයයි. 1955 දී තමයි ඇය ශ්‍රී ලංකාවට ඒ කීර්තිය ගෙනැත් දුන්නෙ. එදායින් පසුව ශ්‍රී ලංකාවට විවිධ රූ රැජිණ ඉසව් ඔස්සේ බොහෝදෙනා කීර්තිය ගෙනැත් දුන්නත් මොරීන්ගෙන් පසුව ඉහළම තැනක් අරන් දුන්න කෙනා ලෙස හැඳින්වෙන්නෙ මේ ටේ‍්‍රසි ඈන් ඩි සිල්වාය. පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වූ මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෙවත් ලොව පුරා රටවල් ගණනාවක සුරූපිනියන් සහභාගි වූ අන්තර්ජාතික රූ රැුජිණ තරගයේදී දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ මේ ටේ‍්‍රසි ඈන් ඩි සිල්වාය. ශ්‍රී ලංකාවට රූ රැුජිණ තරග ඉසව්වකින් වසර පනහකටත් පසු දීර්ඝ කාලයකට පසුව මේ ජයග‍්‍රහණය ගෙනදුන් මේ ‘‘ටේ‍්‍රසි’’ කවුද?

 

‘‘ටේ‍්‍රසි’’ වෘත්තියෙන් ඔබ මොනවද කරන්නෙ?

2016-11-05-ent-07ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසලේ ප‍්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස කටයුතු කරනවා.

 

පවුලේ විස්තර කිව්වොත්?

ව්‍යාපාරික පවුලක්. පවුලේ අම්මා - තාත්තා, නංගි සහ මම විතරයි. අපි පදිංචිය තලවතුගොඩ.

 

ඇයි ඔබට මේ විදියට රූ රැුජිණ තරගයකට එන්න හිතුණේ?

බ‍්‍රයිඞ්ස් ඔෆ් ශ්‍රී ලංකා මෙහෙයවූ මනාලියන් ලෙස හැඩවූ බියුටි පැජන්ට් එකකට පෙනී සිටියා. ඒ නිරූපණ අවස්ථාවෙන් පසුව බොහෝදෙනා මට යෝජනා කළේ රූ රැුජිණ තරගයකට ඉදිරිපත් වෙන්න කියලයි. විශේෂයෙන්ම රටවල් හැට ගණනක සහභාගීත්වයෙන් ලංකාවේ පැවැත්වූ මේ තරගයට ඉදිරිපත් වෙන්න කීවා. ඒ විදියට තමයි මේ තරගයට ඉදිරිපත් වුණේ.

 

එහිදී ඔබට හිමිවුණේ?

දෙවැනි ස්ථානය සහ මිස් ඕෂනියා අංශයෙනුත් ජය හිමිවුණා. පසුව තමයි මම දැනගත්තෙ 1955 න් පසුව මේ වගේ විශිෂ්ට ස්ථානයක් ශ්‍රී ලංකාවට ලැබුණේ කියලා.

 

දැන් මේ ජයග‍්‍රහණයෙන් පසුව අරමුණ මොකක්ද?

මගේ රටට මේ ජයග‍්‍රහණයෙන් යමක් කළ යුතුයි. විශේෂයෙන්ම දුප්පත්කම නැතිකිරීම උදෙසා විවිධ සමාජ සත්කාර සහ ව්‍යාපෘතිවලට දායක වෙන්න උත්සාහ ගන්නවා.

 

ඔබ මොන විදියෙ කෙනෙක්ද?

ඉතා මිත‍්‍රශීලී, කරන දේට හරිම අවංක කෙනෙක්. සමහර විට හැමෝම මම වගේ කියලා හිතාගෙන විශ්වාස කිරීම මගේ දුර්වලකමක් වෙන්න පුළුවන්. නමුත් බොහෝදෙනාගෙන් ප‍්‍රශ්න අහනවාට වඩා මගෙන්ම ප‍්‍රශ්න අහන්න මම කැමතියි.

 

කාන්තාවක් කොහොම විය යුතුය කියලද ඔබ හිතන්නෙ?

කාන්තාවක් මොන දේ හෝ වේවා, සුබවාදීව ඒ දිහා බලනවා නම් හොඳයි. ඒ වගේම ගෞරවයෙන් ජීවත් විය යුතු වගේම අනෙක් අයටත් ගෞරව කිරීම අතිශයින්ම වැදගත්. කාන්තාවක් ස්වාධීන විය යුතු වගේම සමාජයෙන්ද ඇයට ඒ ස්වාධීන බව ලැබිය යුතුයි.

 

පාසල් කාලයේදී ඔබ වඩා දක්ෂ වුණේ?

ඉගෙනීමට අමතරව ක‍්‍රීඩා අංශයට බෙහෙවින් ලැදි වුණා. මලල ක‍්‍රීඩා, පිහිනුම්, දැල්පන්දු, පැසිපන්දු ක‍්‍රීඩා කළා. නමුත් පාසල් ජීවිතයට සමුදුන් පසුව ශාරීරික යෝග්‍යතාවල විතරයි නිරත වුණේ. දැන් වැඩිපුර කාලය ලබාදෙන්නේ ඉගැන්වීමේ කටයුතු සඳහායි.

 

විවේකය කොහොමද ගෙවන්නෙ?

නර්තනය, ගායනයට බොහොම ලැදියි. ඒ වගේම ආහාර රසවින්දනය ගැනත් හිතනවා.

 

ටේ‍්‍රසි ජීවිතය ගැන කොහොමද හිතන්නෙ?

සෑම දිනක්ම අලූත් දිනක්. ජීවිතයත් හැමදාම අලූත්. ගෙවී යන සෑම තත්ත්පරයක්ම හරිම වැදගත්. ඒ කාලයේදී මොනවද කළයුත්තේ කියලා හඳුනා ගැනීම වැදගත්. ජීවිතයෙ අපට අනාවැකි කියන්න බැහැ. නමුත් මිනිසුන් දිහා ආදරණීයව බැලීම වැදගත්. ඒ වගේම තමුන් තමුන්ගෙ ජීවිතයට ආදරය කිරීමත් ඉතා වැදගත්.

 

මේ ලැබුණු අවස්ථාවත් සමග ජාත්‍යන්තර සිනමාවට යාමේ අරමුණක් එහෙම නැද්ද?

ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් පැහැර හරින්නේ නැහැ. සිංහල චිත‍්‍රපටවල රඟපෑම නම් ටිකක් අමාරු වෙයි. මගේ සිංහල භාෂාව උච්චාරණය එච්චර හොඳ නැහැ.

 

සඳුන් ගමගේ

 

2016-11-05-ent-08



අදහස් (0)

සිංහල චිත‍්‍රපටවල රඟපාන්න අමාරුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 367 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 474 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site