සිංහරාජ වනාන්තරයේ වැද්දාගල හා පොතුපිටිය අතර පනාපොළ කොස්ගුලනේ දී හඳුනා නොගත් අමුතු සිව්පාවකු සොයා ගත් බව වනජිවි අමාත්‍යාංශය කියයි.
ඉරිදා (28) සවස 4.00 පමණ මේ සතා දැක ඇත. පෙනුම අනුව මේ සතා රන් හෝතබුවා වැනි සතකුගේ පෙනුමට ආසන්න පෙනුමක් ඇතත් වලිගයක් නැතැයි නිලධරයෝ කියති.
සතාගේ ඇඟේ කහ , කළු හා දුඹුරු වර්ණ පවතී.උගුඩුවනට වඩා මේ සතා වෙනස් බව ද කියති. කොස්ගුලනේ දී සොයාගත් සතාගේ බර කිලෝ 3 ග්‍රෑම් 300 ක් ද දිග සෙන්ටීමිටර 60 ක් බවත් බාහු ප්‍රදේශයේ උස සෙන්ටිමීටර 36 ක් බව කියති.
කුඩා කාලයේ දී ම මේ සතාගේ වලිගය කැඩී ඇත් දැයි සැකයක් පවතින බව වනජිවි නිලධරයෝ පවසති. සතා හඳුනා ගැනීමට ගැමියන් හා වෙනත් පුද්ගලයන්ගේ සහාය පතන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
(ජායාරූප - වනජිවි කාර්යාලය)
![IMG_8343[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_83431.jpg)
![IMG_8365[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_83651.jpg)
![IMG_8376[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_83761.jpg)
![IMG_8378[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_83781.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකාට කියන්නේ බිම් ඌරා කියලයි. ටිකක් කුලෑටි සතෙක්. (ර)
ඔය වලිගෙ තමා යෝෂිතටත් එල්ලලා තියෙන්නේ (කෞ)
මිමින්නෙක් වගේද? උටත් නැට්ට නැහැ. එත් මේක නම් බහිරවයෙක් වගේ(කෞ)
මේ සතාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගන්න මිනිසුන්ට තිබෙන බලය කුමක්ද? දියුණු රටවල් දිහා බලාවත් පාඩමක් ඉගෙනගන්න. (නි)
සෙබස්තියන් මමනම් අහලා නැහැ නැට්ට තියන උනහපුලුවෝ. (ර)
මම හිතන විඩියට ඔය සතා කිවි. (ර)
සතා හඳුනා ගැනීමට ගැමියන් හා වෙනත් පුද්ගලයන්ගේ සහාය පතනවාට වඩා තමුන් කවුද, හැඳුනුම්පත කෝ කියලා සතාගෙන්ම අහන්න තිබුනා. (ර)
ආපදාවක් සිදුවී නැත්නම් කරුණාකර මේ සතාව කැළයට මුදා හරින්න. (ර)
මුහුණ නම් උගුඩුවකුගේ මුහුණට සමානයි. (නි)
මේ සතා මොනතරම් ලස්සනද? (නි)
මේ සතා මැරිලාද නැත්නම් තාම පණපිටින්ද කියලා හිතාගන්න බැහැ (නි)
මට හිතෙන්නේ මේක හයි බ්රිඩ් නරියෙක් වගේ , කොහොමටත් දියවන්නාවට අතාරින්න හොද ජාතියේ වගේ (හේ)
මේ සතා ටිකක් "තස්මේනියානු ඩෙවිල්" (Tasmanian devil) වගෙයි. (නි)
අමුතු සතෙක් නම් වෙන්න බෑ (ම)
ඇසල මාර කතා තමයි කියන්නේ.ඔය සතා එහාට සුදුසු නෑ.පුත්තලමේ සත්තුනම් එහෙට සුදුසුයි. (බ)
කවුද මේ අලුත් සතා.(හේ)
මොකටද මේ සතාව මැරුවේ (බ)
කවුද කියල මම කල්පනා කළේ (බ)
සෙබස්තියන් උනහපුලුවෝ දැකල නැද්ද? (බ)
කිසියම් විකෘති තත්වයකට පත්වුණු අපි දන්නා සතෙක්ද? එහෙම නැත්නම් සිංහරාජයටම ආවේනික සතෙක්ද? තීරණය අපේ සත්වවේදීන්ට භාරයි. අපටත් කුතුහලයක් නිසා ඉක්මනින් පර්යේෂණ කරන්න හැකිවේවා කියමු. (බ)
කාපු සතා අදුනනවද කියලා වේදමහත්තයා ඇහුවලු. ලෙඩා කිව්වලු අදුනනවානම් ඌ මාව කාවිද වේදමහත්තයෝ කියලා. (ර)
දැන් කොහොමත් ලංකාවෙන් හමුවෙන්නේ නැට්ට නැති සත්තු තමයි (බ)
හොදයිනේ. (ර)
රංජිත් අහන දේ මයි මාත් අහන්නේ. ඇයි මේ සතාව මැරුවේ? කවුද මැරුවේ? හිසේ තුවාලයක් තියෙනවා පේනවා. වන ජීවී එකෙන් උත්තරයක් අපි බලා පොරොත්තු වෙනවා. (බ)
ඔයතරම් වටේ යන්න දෙයක් නැහැනේ ජාන පරීක්ෂණයක් කරානම් ඉවරනේ. (ර)
මොකක් හරි අනතුරකට ලක් වෙච්ච සතෙක් වෙන්න ඇති. (ර)
පුදුම දුකහිතෙන මුහුණක්නේ තියෙන්නේ. (නි)
රංජිත්, උපාලි කියනදේ මම දැනගෙන හිටියේ නැහැ. මේ සතාව කව්ද මැරුවේ? ඇයි මැරුවේ? උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
නගුට කැඩිච්ච බල්ලෙක් නේ ඔය... (ර)
කලවැද්දෝ, උරුලෑවෝ වගේ සතෙක් නම් නෙමෙයි (නි)
පවු නේද? (නි)
ඇත්තටම අමුතු සතෙක් නම්, හමුවුණේ පළමු වතාවට නම් මේ වර්ගයේ සතුන් ඇත්තේ සීමිත ගණනක්. ඒකත් මැරුවට පස්සේ බෝවෙන්නේ කොහොමද? (නි)
ඉක්මනට දියවනන්වට අරින්න ඇමති කමකට සුදුසුයි. (ර)
අපේ තිලක් ඩුබායිගෙන් ඇහුවා නම් ටක් ගාලා නම කියයි. (නි)
හයිනා කියන සත්ව කුලයේ සතෙකුට සමානකමක් දිස්වෙනවා (නි)
අනිවාර්යෙන්ම මේ සතා වලිගය කැඩුණු උගුඩුවෙක් (ම)
පුදුම අහිංසකයෙක් (නි)
මම මේ සත්වයා දන්නවා මු ටස්මනියන් ට්යගෙර් පැටියෙක්. (කෞ)
අමුතු සතෙක් නම් වෙන්න බැහැ. සුවර් එකටම නැට්ට කඩා ගත්ත උනහපුලුවෙක් වෙන්න ඇති. (ර)
මොකෙක් හරි සතෙක්නෙ. තව හොයනවානම් ඕනෑතරම් තව සිංහරාජේ ඇති. (ර)