සිංහරාජ කලාපයේ කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි ‘වැසි වනාන්තර සුරකින්නෝ‘ සංවිධානය කියයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි සාමාජික පේෂල පසන් කරුණාරත්න මහතා පවසන්නේ මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුල පිහිටා ඇති අතර කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ වැසිවනාන්තරය බැකෝ යන්ත්‍ර යොදා එළිපෙහෙළි කිරීම නිසා පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතින බවයි.
ඊට අමතරව මෙම ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය යොදාගෙන ඇති ගුරුපාර හේතුවෙන් යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසිවනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගණනාවකට බරපතල හානි සිදුවී ඇති බවත් සිංහරාජයට යාබද එහි ප්‍රෙරක කලාපයේ පිහිටි මෙම වැසිවනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතින බවත් කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහරාජය රැකගනිමු (ම)
කවුද මේවාට වගකියන්නේ දැන් (ම)
සිංහරාජය ගැන මොන කතාද.? (ර)
සිංහරාජය ලෝක උරුමයක් එය රැක ගත යුතුයි. (ර)
මිට අමතරව තවත් කුඩා ජලවිදුලි බලාගාරයක් සිංහරාජයේ තියෙනවා..අන්ත දුෂිත,ඥාති සංග්‍රහය තදින්ම කරන දේශපාලුවෙකුට එය අයත්ය. (බ)
මේවා හෙණ ගහන අපරාද (හේ)
මේක වහාම නවත්වන්න.ජාතික උරුමය නැති කරන්න එපා.(හේ)
සිංහරාජය රැකගනිමු. (ර)
දෙවන විල්පත්තුවක්ද.? (ර)
මේ අපේ ජාතික උරුමයක්. මේක නැතිවෙන්න දෙන්න බැහැ (නි)