සිංහරාජ කලාපයේ කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි ‘වැසි වනාන්තර සුරකින්නෝ‘ සංවිධානය කියයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි සාමාජික පේෂල පසන් කරුණාරත්න මහතා පවසන්නේ මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුල පිහිටා ඇති අතර කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ වැසිවනාන්තරය බැකෝ යන්ත්‍ර යොදා එළිපෙහෙළි කිරීම නිසා පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතින බවයි.
ඊට අමතරව මෙම ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය යොදාගෙන ඇති ගුරුපාර හේතුවෙන් යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසිවනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගණනාවකට බරපතල හානි සිදුවී ඇති බවත් සිංහරාජයට යාබද එහි ප්‍රෙරක කලාපයේ පිහිටි මෙම වැසිවනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතින බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංහරාජයට කණ කොකා හඬයි?
රවී Thursday, 19 November 2015 09:23 AM
සිංහරාජය රැකගනිමු (ම)
රත්න Thursday, 19 November 2015 09:33 AM
කවුද මේවාට වගකියන්නේ දැන් (ම)
සේන Thursday, 19 November 2015 10:37 AM
සිංහරාජය ගැන මොන කතාද.? (ර)
අනිල් Thursday, 19 November 2015 10:37 AM
සිංහරාජය ලෝක උරුමයක් එය රැක ගත යුතුයි. (ර)
විජිත් Thursday, 19 November 2015 04:15 PM
මිට අමතරව තවත් කුඩා ජලවිදුලි බලාගාරයක් සිංහරාජයේ තියෙනවා..අන්ත දුෂිත,ඥාති සංග්‍රහය තදින්ම කරන දේශපාලුවෙකුට එය අයත්ය. (බ)
අසංග Thursday, 19 November 2015 11:47 AM
මේවා හෙණ ගහන අපරාද (හේ)
දිලීප් Thursday, 19 November 2015 11:58 AM
මේක වහාම නවත්වන්න.ජාතික උරුමය නැති කරන්න එපා.(හේ)
අමල් Thursday, 19 November 2015 08:36 AM
සිංහරාජය රැකගනිමු. (ර)
දුමින්ද Thursday, 19 November 2015 08:36 AM
දෙවන විල්පත්තුවක්ද.? (ර)
චමාලි අමරසිංහ Thursday, 19 November 2015 02:49 PM
මේ අපේ ජාතික උරුමයක්. මේක නැතිවෙන්න දෙන්න බැහැ (නි)