සිංහයන් දෙදෙනෙකුගේ ග්‍රහණයට අසුවී මරණය පෙනී පෙනී සිටි තරුණ මී ගවයකුව එම රැලේ තවත් මී ගවයින් දෙදෙනකු විසින් සිංහයකුට විශ්මිත ප්‍රහාරයක් එල්ල කොට බේරා ගත්තේය.
මෙම සිදුවීම පසුගියදා, ඔලිවර් හා ඉයන්මැතිසන් නමැති වාර්තාකරුවන් දෙදෙනා ද.අප්‍රිකාවේ ක්රූගර් ජාතික වනෝද්‍යානයේදී වීඩියෝ ගතකළහ.
මෙම ප්‍රහාරයෙන් සිංහයා මීටර් පහක් පමණ ඉහළට විසිවී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම සිංහයෝ වෙන්න බෑ(දිල්)
උඩ පනින අයට මේක හොඳ පාඩමක්.(නදී)
හරකුන්ට මොලය පෑදෙනකන් සිංහයොත් සිංහයෝ. කොයි සිංහයටත් හොඳ පාඩම්.(නදී)
කොසොල් රජතුමාගේ 16 වැනි සිහිනය සැබෑ වන කාලය ලං වෙලා.(නදී)
මී හරකා උනත් තමාගේ එකා වෙනුවෙන් ඉදිරිපත් උනා. ප්‍රසංසනීයයි ලංකාවේ උනානම් මීහරකට ගෙයකුත් තෑගි කරනවා. (නදී)
ඕක තමයි අපිටත් ඕනා. දැන් ලෝකේ සිංහයෝ වෙන්න හදන අයට හොද පාඩමක්.(නදී)
මීටර් 5 කොහොම උනත් මීටර් 2 ක් විතරනම් සිංහයා උඩයනවා. (දිල්)
මේකෙන් ඉගෙන ගන්න වටිනා පාඩමක් තියනවා, ඒ තමා අපි හැමදාම ප්‍රබලයෝ ඉදිරියේ දුබලයෝ වෙලාම ඉන්නේ නැතුව, ප්‍රබලයාටත් හැකි අවස්ථාවක අමතක නොවන පාඩමක් උගන්වන එක..(දිල්)
ලෝකේ සිංහයෝ වෙන්න හදන අයට හොද පාඩමක් (ස)
අන්න නියම වෙලාවට නියම තැන ඉන්න නියම යාලුවෝ.(නදී)
තමාට හිමි අවයව වලින් ප්ර යෝජනය ගන්න තරම් මොළයක් මේ මහීෂයාට තිබුණා. (ස)
නියමයි සිංහයාට උතුර දකුණ හොයාගන්න බැරිවුණා මගේ හිතේ. (නදී)
කාලෙකට ගවයො කන්න එන එකක් නෑ. (ත)
නියම දේ. (ත)
විය යුත්තේ එයයි (ත)
තිරිසනා වුණත් විපතෙදි හැර නොගිය එක මිනිසුන්ට ආදර්ශයක්. (ත)
නියම ගවයෙක්. (ත)
ඉලක්කය හරි ගියොත් හරියටම හරි. (ත)
වැදගත් සම්පුර්ණ වාර්තාවක්. පලකලාට ලංකාදීප ට ගොඩක් තුති (ත)
මට මතක් වුණේ අර වටු කරුලු කතාව සමගියේ බලය(දිල්)
සිංහයා වුනත් හැමතැනම ලොකු කම් හරියන්නේ නැහැ. මේකෙන් හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්.(නදී)
සමගියේ, එකමුතුවේ බලය වටහාගන්න හොඳ පාඩමක් මේකේ තියෙනවා. දේශපාලන පක්ෂවලට බෙදී එකිනෙකාට විරුද්ධ කම් කිරීමට යාම නිසා අද ජාතියේ බලය අඩුවෙලා තියෙන හැටි තේරුම්ගන්න. (නදී)
හොද වෙලාවට අප්‍රිකාවේ. ලංකාවේ උනානම් ජය භූමියක් කියල කැලේ කපල මාලිගාවක් හදාගනිවී.(නදී)
ඉස්සරහට සිංහයාට තණකොල කන්න වෙන්නේ. (ත)
කැලේ නීතිය ගැන අදහස් දැමීමේදී සැලකිලිමත් වන්න. සිංහයින් ඉතා අඩු වශයෙන් බෝ වන සත්ව කොට්ඨාශයකි මී ගවයින් එසේ නැත. එහෙත් මේ සිදුවීම අහබු සිදුවීමකි. (නදී)
මඩුවන්වෙල පරපුරේ ආදිතමයා වලව්ව හැදුවේ සාවෙක් සිවලෙක් පරාජය කල මෙවැනි ජය භූමියක බව ජනප්‍රවාදයේ සඳහන්. (නදී)
එළ ගවයෙක්.(නදී)
සමගිය බලය වේ. අපට නැත්තේම එය වේ.(නදී)
අප්‍රිකාවේ තමයි සෆාරි යන්න ඕනේ. ලංකවේ ඉන්නේ අලි සහ මොනරු විතරනේ.(නදී)
එකමුතු වුනොත් මොනවද කරන්න බැරි.(දිල්)
සිංහයෙක් උනත් මු ගැහැණු සතෙක් ගැහැණු කොහේ ගියත් නෝන්ඩි වෙනවා.(නදී)
එක ප්‍රහාරයක් විතරක් නෙවෙයි. ජීවත්වන තුරා අමතක නොවෙන ප්‍රහාර ද්විත්වයක්. එත් අර ග්‍රහණයට අසුවී සිටි මීගවයාට ගොඩක් අමාරුයි වගෙයි. ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (නදී)
බොහොම නිර්භීත මීගව නාම්බගෙන් සිංහයාට අති දරුණු ප්‍රහාරයක්. රැහේ එකෙකුට අනතුරක් වෙද්දී අනින්නැති අං මොනොවටද කියලා හිතෙන්න ඇති. (නදී)
"යුද්දෙට නැති කඩුව මොටද කොස් කොටන්නද " කියන පැරණි සිංහල කියමන මේ අං දෙකක් තියෙන හරකටත් හිතෙන්න ඇති. (නදී)
තම සගයින් විපතේදී බේරගන්න කෙනා තමයි නියම නායකත්වයට සුදුස්සා. ඒ තමයි එයාලගේ නායකයා. පැනල දුවන ප්‍රශ්න මගහරින අයට නායකත්වය වෙනුවෙන් නියම පාඩමක් මේක. පලකලාට ලංකාදීපයට ස්තුතියි.(නදී).
ක්රුගේර් කියන ජාතික උද්‍යානායේ ලස්සන දේවල් සිද්ද වෙනවා. යු ටියුබ් ගියා නම් බලන්න පුලුවන්.(නදී)
තිරිසනා උනත් ජාතිය ගැන කැක්කුම තියෙනවා.(නදී)
පූසෙක් වගේ සිංහයව උඩ දාන්නේ.(නදී)
මේක පෙන්නන්න ඕනේ ගවයන්ට. හෑබෑයි සිංහයො කලබල වෙන්ඩ පුලුවන් ෂෙයාර් කරන්නේ බලාගෙන හොදේ.(නදී)
මි ගවය උනත් විපතේදී පිහිට උන හැටි අපේ සිංහයන්ට හොද පාඩමක් .(දිල්)
ඕනෑම දෙකට බිය නොවී මුහුණ දිය යුතුයි ජීවිතේ සමහර අවස්ථාවල අපට උනත් සමහර ස්ථාන වලදී මුහුණ දෙන්න වෙන සිදුවීම් තියෙනවා බලපුලුවන් කාරයා හැමතිස්සෙම ඉදිරියෙන්. ඒ අයට උදව් කරන්න වටේම හැමෝම ඉන්නවා එත් අහිංසක දුප්පත් මනුස්සයෙකුට කිසිස් පිහිටක් නැහැ. මේ සිදුවීමෙන් අපට ගත හැකි ආදර්ශය හැම මොහොතේම අපෙත් එක්ක තරග කරන අයට අපි බිය වියයුතු නැහැ. මන්ද අපටත් අභියෝගයකට නොබියව මුහුණ දිය හැකි (දී)
සිංහයා පැරදුනු එක මම ඉහලින් පිලිගනිමි. (නදී)
මේක ජය භූමියක් (දී)
කොයිතරම් මාරාන්තික වුනත් කැපවීම් සහ උත්සාහය තිබුනොත් එය වලක්වා ගත හැකියි. මේ ගවයාගෙන් අපට පාඩමක් උගත හැකියි.(නදී)
දන්න ඇති කාලෙකට ඔය සිංහයා මී ගවයෙක් ලඟට කිට්ටු වෙන එකක් නැහැ.(මෙවැනි දුර්ලභ ගනයේ ප්‍රවෘත්තියක් පල කල ලංකාදීපයට සුභ පැතුම්.) (නදී)
කොටින්ට දැන් මීහරකුත් අනිනවා.(නදී)
අපිට මනුස්සකම තියෙනවා වගේම මේ හරක්ට නියමෙට ගොන්කම තියෙනවා. (නදී)
සිංහයාට මොකද වුනේ? (නදී)