‘‘සිසිලේ වෙලී පවනේ’’ ගීතයෙන් ගායන ලොවට පිවිසි ඔහු මිහිරාන් උදාන. අම්බලන්ගොඩ ධර්මරාජ විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ මිහිරාන් මේ වන විට හෝටල් පාසලේ අවසාන වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා.
‘‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’’ ලෙස කියමනක් තිබෙනවා. ඒත් මිහිරාන් ඔහුගේ වෘත්තියට හාත්පසින්ම වෙනස් ගායනයටත් දක්ෂතා දක්වන ප්‍රතිභා පූර්ණ තරුණයෙක්. පළමු ගීතයෙන් රසිකයන් අතරට ගිය මිහිරාන්ට දෙවන ගීතය කිරීමට අවස්ථාව උදාවන්නේත් ඔහු සතු වූ ඒ සහජ දක්ෂතාවය නිසා.
ලක් වෙලා හිනස්සාවි
ඈත හිද මට කොදුරා වී
මෑත ඈ මැකීයාවී
සොයමි මායාවී
සිහිනයේ ඡායාවී’’
ඒ මිහිරාන්ගේ දෙවැනි ගීතය සංඛ දිනෙත්, දුල්හාරි ඉලංගකෝන්, ලහිරු මුදලිගේ ඇතුළු පිරිස මේ ගීතයට පද රචනයෙන් අධ්‍යක්ෂණයෙන් හා සංගීතයෙන් දායක වෙලා ඉන්නවා.
ගල්කිස්ස මුහුදු වෙරළ ප්‍රදේශයේ හා නුගේගොඩ නගරයේ රූගත කර ඇති ගීතයට රංගනයෙන් දායක වෙන්නේ මාධව විජේසිංහ සහ සුබා වික්‍රම සිංහ ‘‘ඩි්රම් ගර්ල් කන්සෙප්ටෙකට අනුව කළ මේ ගීතය සැබෑම සුන්දරයි. ළඟදීම මිහිරාන්ගේ නවතම ගීතය රසික ඔබට මාධ්‍ය තුළින් බලාගන්න පුළුවන් වේවි.
කුමාරි හේරත්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd