රජයේ සහනාධාර පොහොර හොරට විකුණු බව කියන බිබිල ගොකාගොන්නේ නිලධරයෙක් සැක පිට අත්අඩංගුවන ගත් බව බිබිල පොලිසිය කියයි රුපියල් 3000 ක් වටිනා පොහොර රුපියල් 1000 කට විකනා ඇතැයි තොරතුරු ලැබී ඇත
රජයේ සහනාධාර පොහොර හොරට විකුණු බව කියන බිබිල ගොකාගොන්නේ නිලධරයෙක් සැක පිට අත්අඩංගුවන ගත් බව බිබිල පොලිසිය කියයි රුපියල් 3000 ක් වටිනා පොහොර රුපියල් 1000 කට විකනා ඇතැයි තොරතුරු ලැබී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කෝ කරන හොර කම් බලන කොට මේ අසරණයෝ මොනවද. (නදී)
පොලිසියට සැක නම් ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්,එත් ඉතින් පොහොර ගෝනි මිලදී ගත් අයයි පොහාර ගෝනි ටිකයි උසාවියට ඉදිරි පත් කරන්න වේවි (අ)
ඔය පොහොර ගෝනි දෙක මොකක්ද අනිත් ගැහිලි එක්ක බලද්දී හාල් මැස්සෙක්. කුඩු එන්නේ කොන්ටිනේර් වල කිලෝ ගණනින්.(නදී)
ඔයාලගෙන් අපට සහනයක් ඇත්තෙම නැද්ද? (නි)
වංචා සොරකම් වලට සහ දූෂණ වලට ලොකුපොදිකම් නැහැ. (අ)
ඇත්තටම ඔක්කොම නතර කරලා හොරා කන අය අල්ලන්න වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ. නැත්නම් වෙන්නේ රටේ මුදල් නාස්තියක් විතරයි. බලන්න මේ දවස් වල කොටුවේ ඉදලා ගොල්පේස් පැත්තට යනකම් පේමන්ට එකේ අල්ලලා තියෙන කහ පාට ගල් . කිසිම ප්‍රමිතියක් නැහැ. හදපු ගමන් පතුරු ගිහිල්ලා. මිනිස්සු කී දෙනෙක් එතනින් එහා මෙහා යනවාද. අන්තිම බාල විදිහට කරලා තියෙන්නේ. තව මාස දෙක තුනකින් ගලවලා හදයි. අන්තිමට වෙන්නේ ගහපු බෙරයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. එතනින් යන හැම කෙනාම ඒකට බනිනවා. අදාල බලධාරින් මේක ගැන බලලා ඉදිරියට මේ වගේ වැඩ නොකරන්න වැඩ කෙරුවොත් අපේ රටේ මීට වඩා වේගයෙන් දියුණු වෙයි. (අ)
පොහොර සහනාධාර! තෙල් සහනාධාර! මේවා තමයි හොර මගඩි වලට මිනිසුන් පොළඹවන, ජනතාව මුලා කරන ප්‍රයෝග. රජය කියන්නේ, කෝටි ගණන් මුදල් පාඩු විඳගෙන සහනාධාර දෙනවා කියල. ඔය කියන සහනාධාර ගන්න, කරන්න වෙන දේවල් ගැන මම මෙතන අමුතුවෙන් ලියන්න ඕන නැහැනේ. උදාහරණයක් ලෙස පොහොර අවශ්‍ය වන්නේ ගොවීන්ට නේ, ඉතින් එම ගොවින් හට කාගෙවත් පසුපස යමින්, පගා දෙමින් කාලය නාස්ති කරගන්නේ නැතිව, සහන මිලකට කඩෙන් පොහොර ගන්න තියනවනම්, නමට පමණක් තියන "සහනාධාර" මොකටද? සහන මිලට කඩේ බඩු තියනවනම්,උපදේශකයෝ අවශ්‍යත් නැහැනේ. ගොවීන්ට අවශ්‍ය වන්නේ, තමන් තමන් දුක් මහන්සිවී උපයා ගත් අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගත හැකි ක්‍රමවත් වැඩපිළිවෙලක් පමණයි. (නදී)
ගොඩක් රජයේ නිලධාරීන් හොරු. අහිංසක ගොවියාගේ පොහොරට ටික හොරාට කනවා.(නදී)
හැම තැනම හොරු ඉන්න එකේ ඕක මොකක්ද? (නදී)
කව්ද මේ පොහොර ටික හොරාට කන කෙනා? (නි)
මෙම ලිපිය ඔබට ඉදිරිපත් කිරීමට ක්‍රමයක් නොමැති බැවින් මෙහි අදහසත් ලෙස ඉදිරිපත් කරමි. වර්ථමානයේ යතුරු පැදි කරුවන්ට ආරක්ෂක ආවර්ණය ඇති ( ෆුල් ෆේස්) හිස් ආවරන පැලදීමට විරුද්දව නීති පනවා ඇත. ඒ නිසා ලක්ෂ සංඛයාත යතුරු පැදි කරුවන් විශාල ලෙස අපහසු තාවයට පත්ව සිටින නිසා මේ පිළිබදව වර්ථාවක් සකසන මෙන් ඔබ ආයතනයෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.(නදී)
මෙවැනී පරපෝෂිතයන් නිසා තමයි රටක් දුප්පත් වන්නේ ,රජයක් පෙරලෙන්නේ,උද්ගෝෂණ ඇතිවන්නේ.(නදී)
ලොක්කෝ කරන හොර කම් බලන කොට මේ අසරණයෝ මොනවද. (අ)
මේ මහජන දේපල හොරා කන මිනිසුන්ගේ ...නිශ්චල චංචල දේපල සියල්ලම රජයට අත් කරගන්නා වැඩ පිළිවලක් වහාම යෙදුවානම් ඔවුන් බයවෙනවා, මේ වගේ දේවල් ඉදිරියට නොවේවි ...? (නදී)