අත්තිඩිය සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ සභාපති හපුතලේ පඤ්ඤාරාම අවවාද අනුශාසනා පරිදි ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම පුරවැසි මව්පියවරුන් 2000 ක් පමණ සහභාගිත්වයෙන් දෙහිවල අත්තිඩියේ සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම පරිශ්‍රයේදී පැවැත්විණි.
නාට්‍ය හා ගීතමය ජවනිකා ඇතුළත් "කුලදෙටු අභිනන්දන" නම් විවිධ ප්‍රසංගයට ජ්‍යෙෂ්ඨ පුරවැසි මව්පියවරුන්ගේ රංගන දායක්වය දුන්හ. වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම වැනි සාරධර්ම ළමා පරපුරට පුරුදු පුහුණූ කිරීමේ අරමුණ ඇතිව වැඩිහිටි උපහාර සංස්කෘතිකාංග ඇතුළත් වැඩසටහනක් ද සංවිධානය කැර තිබිණි.
වයස අවුරුදු 90 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා විශේෂ උපහාර පිදීමේ වැඩසටහනක් ද ඔවුන් සියළු දෙනා හට සහභාගිත්ව තිළිණ ද තෑගි කැරිණි.
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රධානත්වයෙන්, පැවති උත්සවයට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ,උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු මහත්වරු ද එහි වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන් එහි සංවිධානය කර තිබුන කටයුතු දැක බලාගැනීමට මටද අවස්ථාවක් ලැබුණා. ඉතාම හොඳට එම වැඩකටයුතු සංවිධානය කර තිබුණා. එමෙන්ම එහි වැඩිහියන්ට ඉතා හොඳින් සළකන ආකාරයද මා දුටුවා. දෙමව්පියන් වෙනුවෙන් අප පවුලේ අය කාලයක සිට සහන උදය වැඩිහිටි නිවාසයේ උතුම් කටයුතු වෙනුවෙන්, අපේ ශක්ති ප්‍රමාණය අනුව දායක වෙනවා. අත්තිඩිය සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ සභාපති හපුතලේ පඤ්ඤාරාම හිමියන් සමග වචන කිහිපයක් කතාකිරීමේ අවස්ථාවද මට එහිදී ලැබුණා. එම උදාර වැඩකටයුතු තව තවත් දියුණු වේවා!! (නි)