අතීත සිදුවීම් පාඩමක් කරගනිමින් සිංහල දෙමළ වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සියලු දෙනා එකමුතු විය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) රාත්‍රීයේ පැවැසීය.
පසුගිය කාලය පුරාවටම රට විවිධ අර්බුද මුහුණ දුන් බවත් අතීත සිදුවීම් බාධාවක් කර නොගනිමින් සංහිඳියා ක්‍රියාවලියට යා යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි දි කීය.
බම්බලපිටිය ඕසෝ හෝටලයේ පැවැති යාපනය හාර්ට්ලි විශ්ව විද්‍යාලයේ වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසී්‍ය.
“ රටේ විවිධ ජාතීන් ආගම් අතර ගැටුම් ඇතිවුණා. එල්.ටී.ටී.ඊය උතුරේ හා දකුණේ නායකයන් ඝාතනය කළා. ත්‍රස්තවාදය නිසා මූල්‍ය අර්බුද, පවුල් අර්බුද ආදී අර්බුද රැසක් රට තුළ නිර්මාණය වුණා. හමුදාවට සටන් කරන්න තිබුණා. සිවිල් වැසියන් ඝාතනය වුණා. එහෙත් ඒ දේවල් සියල්ල අතීත කරුණුයි. කවුද පහර දෙන්නේ කවුද ඝාතනය වෙන්නේ, කාගේ ජීවිත ද අවදානමේ තියෙන්නේ කියලා හොයාගන්න බැරි කාලයක් අපට තිබුණා. . සිංහල මාධ්‍යයෙන් මේ ගැන ලියැවෙනවා. දෙමළ මාධ්‍යයෙන් මේ දේවල් ලියැවෙනවා. ඒ කිසිවක් අන්තවාදී හෝ ජාතිවාදී නොවිය යුතුයි. අපි සියල්ල මතක තබාගෙන අපි සංහිඳියාව ඇති කරගනිමින් ඉදිරියට යා යුතුයි. අතීතයේ ඇති වූ තුවාල අපි සුව කරගත යුතුයි. අපි බෙදී වෙන්වෙනවා වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යාතවක් ගොඩනගා ගත යුතුයි. අතීත ක්‍රියාවක් බාධාවක් කර නොගනිමින් සංහිඳියාව ඇති කරගනිමින් අපි ඉදිරියට ගමන් කළ යුතුයි. අලුත් ශ්‍රී ලංකාවක් බිහිකළ යුතුයි.
ඡායාරූප ඉෂංත සුනිමල්


COMMENTS
එත් මහ ජාතියට හැමදාම ගුටි කන්න බැහැ. සංහිදියාව කියන්නේ ප්‍රදේශයක් වෙන්කරලා දෙන එකද? (ම)
නමුත් අලුතින් සිදුවෙන ඒවා සංහිදියාවට බාධාවක් වෙනවා.. විග්නේස්වරන් මොරගහකන්දේ වතුර වල අයිතිවාසිකම් ඉල්ලීම සහ එසේ ඉල්ලීමට දක්වන හේතුව සංහිදියාවට විශාල බාධාවක් වෙනවා (බ)
හ්ම්..හ්ම්.. අර ඔලු පැලුම් කාපු කැම්පස් කොල්ලත් මේක හොදට හිතට ගන්න ඕන.(රේ).
බම්බු සංහිඳියාව
මොනවත් බාධාවක් කරන්න ඕනේනෑ. ඔය යන විධියට ගියාම ඕන කරන ඒව ලැබෙයි (අ)
ඔබතුමා ඔය ටික කියන්න ඔනා ඉංග්‍රිසි බාසාවෙන් එක්සත් ජාතින්ගේ සැසිවාරයකදි සිංහල අපි ඕක දන්නවා(රේ)
මෙහෙ සංහිදියාව බේරෙනවා. උතුරේ අපේ ළමුන්ගේ ඔලු පලනවා. දකුණේ හැම එකගේම නැටුම් නටනවා. උතුරෙන් ගුටිකන එකද සංහිදියාව කියන්නේ.(රේ)
සිංහල දෙමල මුස්ලිම් වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගූ විට ලෝකය පුරාම ව්‍යාප්තව සිටිනා මහා ජාතීන් දෙකක් වූ දෙමළ සහ මුස්ලිම් ජාතීන් දෙකෙහි අනන්‍යතාවන් එලෙසම පවතීවි.(ම)
ඔය කියන සංහිදියාව රකින්න ඕනෑ සිංහල මිනිස්සු විතරද කියන එකයි ප්‍රශ්නය. සටන් විරාම, සංහිඳියාව කියන වචන වලට පිටිපස්සේ ඉඳලා කාවද මේ රවට්ටන්න හදන්නේ? (නි)
ඕවා කියන්න ඕනෑ උතුරේ සම්බන්දන්ටයි, විග්නේශ්වරන්ලාටයි ගෝලයෝ ටිකටයි. සිංහලයාට ඕක කියලා වැඩක් නැහැ. (නි)
කරන දේවල් බලාගෙන ඉන්න බැරි කුහකයොත් ඉන්නවා. අප්පච්චි නැහැනේ නේද? අනේ පව්! (නි)
බයවෙන්න එපා. අපිට ඔය මොකුත් මතක නැහැ (නි)
අතීත සිදුවීම් දෙස බලා කළයුත්තේ සිංහල ජාතියේ අනාගතය රැකීමයි. (නි)
මේ රටේ ලක්ෂ 58ක් ජනතාවට ඕනෑ අායෙත් යුද්ධයක්ද? ඒ උදවිය සංහිදියාව එකමුතුබව ශ්‍රී ලාංකිත්වය යන වචන වලටත් කැමති නැහැ වගෙයි. එක පවුලක් වෙනුවෙන් මේ රට තුළ නැවත යුද්ධයක් හරි ඇති කිරීමට මේ දේශප්‍රේමින් පසුබට වෙන්නේ නැහැ. එ්ක රටේ අවාසනාව. (නි)