මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2010 වසරේ හොඳම නවකතා වශයෙන් ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද සහ සුනේත‍්‍රා රාජකරුණානායකගේ කවිකඳුර සම සම්මාන දිනා ගත්හ. හොඳම ස්වතන්ත‍්‍ර කෙටි කතා සංග‍්‍රහය ලෙස අභයවංශ දේවප‍්‍රියගේ ”සිරදඬුවම” කෘතියටද හොඳම කාව්‍ය සංග‍්‍රහය ලෙස සුනන්ද ප‍්‍රසාද් මස්ඉඹුලගේ ”හිරුත් හිම පියල්ලක්” කෘතියටද සම්මාන පිරිනැමිණි. මහව විජයබා ජාතික පාසලේදී මෙම සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්වය අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පැවැත්විණි. එහිදී රාජ්‍ය සම්මාන ලැබූ අනෙකුත් කෘති අතර හොඳම ගීත සාහිත්‍යය කෘතිය ලෙස ධම්මික බණ්ඩාරගේ ”මගේපුංචි රෝස මලේ ” ද හොඳම සිංහල ළමා සාහිත්‍ය කෘතිය ලෙස පියල් උදය සමරවීරගේ ”පරණ තොප්පිය” යන කෘතියද විය. හොඳම දෙමළ නවකතාව ලෙස එස්.ඒ. උදයන්ගේ ”වාසප්පු” කෘතියද හොඳම ඉංග‍්‍රීසි නවකතාව ලෙස ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ ගේ ”ප‍්‍රී ඇට් ලාස්ට් ඉන් පැරඩයිස්” කෘතියද රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන ලැබූ අනෙකුත් කෘති මෙසේය. හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය- ”සේමියානු කාන්තාව-මහාචාර්ය මර්ලින් පීරිස්” හොඳම පරිවර්තිත කෙටි කතා සංග‍්‍රහය-මුතු ඇටය චන්දන මෙන්ඩිස්” හොඳම පරිවර්තන නවකතාව- අභිරහස් ආනන්ද අමරසිරි හොඳම පරිවර්තිත ශ‍්‍රාස්ත‍්‍රිය කෘතිය-සත්ව සහ ශාක විහේෂයන්ගේ සම්භවය-පසන් කොඩිකාර හොඳම ස්වතන්ත‍්‍ර ශාස්ත‍්‍රීය කෘතිය-සීගිරිය-මහාචාර්ය සිරිගුණසිංහ වසරේ වැඩිම ග‍්‍රන්ථ ප‍්‍රකාශයට පත් කළ ආයතනය-එස්.ගොඩගේ සමාගම. හොඳම පිටකවර නිර්මාණය (සාහිත්‍ය කෘති) සුළඟසේ සපැමිණ-ජී.ජී. අමරජීව. හොඳම පිටුසැලැසුම හා නිමාවෙන් යුතු ග‍්‍රන්ථය-ප‍්‍රිසර් වින් හෙරිටේජ්-එරංග තෙන්නකෝන්. හොඳම යොවුන් නව කතාව-එයා හරි අපූරු ළමයෙක්. පියදාස වැලිකන්න. හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍ය ග‍්‍රන්ථය-ජගන්මා-කේ.බී. හේරත්. හොඳම ළමා සාහිත්‍ය කෘතිය-ඉංග‍්‍රීසි ද ඩියෝබියන්ඩි ප‍්‍රින්ස්-සිබිල් වෙත්තසිංහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මාන ලැබිය යුතු ඇතැම් වැදගත් කෘති වලට, කර්තෘවරුන්ට ලැබී ඇති අතර, ඇතැම් වැදගත් කතුවරුන්, කෘති අමතක ව ඇති සෙයකි. "හොඳම ආගමික සාහිත්‍ය කෘතිය" වැනි සම්මාන ද එකතු වන්නේ නම් වඩා අගනේ ය.