මොරටුව විශ්වවිද්‍යාලයීය විදුලි ඉංජිනේරු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "විදුලි ඉංජිනේරු සංගම් විද්වත් සංවාදය කොළඹ ගලදාරී හෝටලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී සිකුරාදා (20) පස්වරු 4.30ට පැවැත්වීමට යයි.“වඩාත් සාධනීය විදුලි පාරිභෝගික ගාස්තු ක්‍රමයක් උදෙසා” යන්න එහි තේමාවයි.
වඩාත් කාලීන මාතෘකාවක් වූ විදුලි අයකිරීම් පිළිවෙත පිළිබඳව මේ වසරේදී සාකච්ඡාවට බඳුන් වන බවත් සාම්ප්‍රදායිකව සාකච්ඡා කිරීමට මොරටුව විශ්ව විද්‍යාලීය විදුලි ඉංජිනේරු සංගමයෙන් ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්ති හා ආර්ථික ක්‍ෂේත්‍රයන්ගෙන්ද පරිපුර්ණ දැනුම සහිත විද්වත් මණ්ඩලයක් එකම සාකච්ඡා මණඩපයකදී කැඳවන බවත් විදුලි පාරිභෝගික ගාස්තු ක්‍රමය සංස්කරණය උදෙසා හරවත් කරුණු සහ යෝජනා එහිදී ඉදිරිපත් කරන බවත් සංවිධායකයෝ කීය.
මොරටුව විශ්ව විද්‍යාලයේ අංශ ප්‍රධාන විදුලි ඉංජිනේරු මහාචාර්ය ප්‍රීනාත් ඩයස් මහතා සාකච්ඡාව මෙහෙයවයි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,අධ්‍යක්‍ෂ ප්‍රමුඛ බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය ලංකා විදුලි සමාගමේ අංශ ප්‍රධාන ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා,ලංකා විදුලිබල මණ්ඩලය අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු බන්දුල තිලකසේන ,ඉංජිනේරු උපදේශක බලශක්ති විශේෂඥ ජයසිරි කරුණානායක ,ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අයපත් ක්‍රම හා ආර්ථික සම්බන්ධතා අධ්‍යක්‍ෂ , කාංචන සිරිවර්ධන යන මහත්වරු මෙයට සහභාගී වීමට නියමිතය.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සහ සම්භාවනීය අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවරයෙකු වන මොරටුව විශ්ව විද්‍යාලීය කුලපති මහාචාර්ය කේ කේ වයි ඩබ්ලිව් පෙරේරා මහතා සහභාගී වීමට නියමිතය.
යොමුව
www.eesoc.org
facebook.com/EESocPanelDiscussion2013

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ස්වයන් රැකියා හෝ සුළු ව්‍යාපාර කරන්නන්ට ,සහ අඩු ආදායම් පාරිභෝගිකයන්ට කිසිම සහනයක් නොදී නයිට් කාර් රේස් වලට කිසිම අය කිරීමකින් තොරව විදුලිය ලබාදීමේ දැනට පවතින පිළිවෙත වෙනස් කල යුතුය. (නදී)
ඔය මහ මොල කරුවෝ තියෙන පහසුකම් ලබාගෙන අහිංසක මහජනතාවට බර පටවනවා.(නදී)