IMG-LOGO

සහජ හැකියාවට වඩා මුදලට තැනක් අද ගීත ජනප්‍රිය වීමට බලපානවා

කලා පරපුරකින් පැවත එන ඇය සුභාවිත ගීතයෙන් කලාව පෝෂණය කරමින් සිටින්නීය. නිහඬ ගමනක් යන ඇය නමින් දිනිති පරණගමයි. ඇය විසින් මේ වනවිට ගීත 7 කට ආසන්න ප්‍රමාණයක් එළිදක්වා තිබේ. ඒ පිළිබඳව හා ඇගේ අලුත්ම කලා කටයුතු සම්බන්ධයෙන් ‘සාරවිට’ සමගින් පැවසීමට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

20160929Dinithi-2ඔබව හඳුන්වා දුන්නොත්?

මම දිනිති පරණගම, ඉන්නේ කොළඹ. රැකියාවක් කරනවා. මම ‘ඉන්ද්‍රානි’ කියන ගායිකාවගේ දුව.

 

කලා පසුබිමක් තියෙන ඔබ ඇයි කලාවට එකතු වුණත් බොහෝ දෙනා නොහඳුනන්නේ?

කලාවට එකතු වෙලා දැන් ටික කාලයක් වෙනවා. ඒත් ඒ කාලේ කරපු ගීත මාව හඳුනගන්න පුළුවන් තරමට ප්‍රචාරය වුණේ නැහැ.

 

ඒ කරපු ගීත ගැන කිව්වොත්?

මම ගීත 07ක් කළා. සංගීත නිර්මාණය කළේ, සංගීත් වික්‍රමසිංහ, සරත් ද අල්විස්, දිනේෂ් බෝගොඩ කියන අය. ඒ ගීත හැම එකක්ම සුභාවිත ගීත ඝනයට අයිති ගීත.

 

ඒ ගීතවල නම් කිව්වොත්?

‘අනන්තයට පාවී යමු’, ‘හිරු වගේ එළිය දෙන්න’, ‘මේ මල් මාලී’, ‘විලක මල ඔබේ මා නම්’, ‘අන්දර වැට’, ‘මල් සර කුමරුවනේ’, මගේ අලුත් ගීතය තමයි ‘මේ අනාදර වූ ලොව්’ ගීතයන් ටිකයි.

 

අද කාලේ සුභාවිත ගීත සඳහා වැඩි ඉඩක් ලැබෙන්නේ නැත්තේ ඇයි?

ඒකට හේතු තුනක් මට කියන්න පුළුවන්. එකක් තමයි, අද අන්තර්ජාලය තියෙන නිසා වර්තමාන පරපුරේ රසවින්දනය සුභාවිත ගීතයට සීමාවෙලා නැහැ. දෙවැනි එක තමයි, 70 සහ 80 දශකවල වගේ නෙමෙයි අද රටේ රූපවාහිනි නාළිකා සෑහෙන්න තියෙනවා. නාළිකාවෙන් නාළිකාවකට වෙනස් සංස්කෘතියක් හැදිලා තියෙනවා. තුන්වෙනි එක තමයි, අද සල්ලි තියෙනවානම්, ගායකයෙක් හෝ ගායිකාවක් වෙන්න පුළුවන් තරම් තාක්ෂණය දියුණුයි. ඒ නිසා සහජ හැකියාවට වඩා තැනක් මුදල්වලට ලැබිලා තියෙනවා.

20160929Dinithi-1

ඔබ මෑතකදී කරපු ගීත ගැන කිව්වොත්?

මෑතකදී එළිදක්වපු ගීතය තමයි, ‘මේ අනාදර වූ ලොවේ’ ගීතයයි.

 

අමරසිරි පීරිස් මහත්මා එක්ක ගීතයක් ගායනා කිරීම පිළිබඳව ඔබේ අදහස කොහොමද?

ගොඩක් ලොකු ගෞරවයක් වගේම, වාසනාවක්. මගේ අම්මත් එක්ක වැඩිම ප්‍රමාණයක් යුග ගීත ගායනා කරලා තියෙන්නේ අමරසිරි පිරීස් සර් තමයි. එතුමන්ගේ නිහතමානී බවට මම සෑහෙන ගරු කරනවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මම වෘත්තීයෙන්, ‘software development filed’ එකේ ඉන්නේ. ඒ  නිසා රැකියාව සංගීත ජීවිතේට වඩා වෙනස්. මේ දෙකම සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තව හොඳ නිර්මාණ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඇති නේද?

ඔව් අනිවාර්යයෙන්ම, මුලින්ම මතක් කරන්න ඕනෙ කෙනා තමයි, විශාරද අමරසිරි පීරිස් මහත්මයා. එතුමා මාත් එක්ක යුග ගීය ගායනා කරන්න නිහතමානීව ආරාධනය පිළිගත්තා. ඒක මට ජීවිතේ තිබෙන තුරුම කවදාවත් නොකරනවා වගේම, හදවතින්ම ස්තූති වන්ත වෙන දෙයක්. ඒ වගේම එතුමා මාව දර්ශන රුවන් දිසානායක සහ අමිල තේනුවර කියන දෙපළට හඳුන්වලා දුන්නා. ඒදේත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ලස්සන පද රචන ලියලා දුන්නට අමිල තේනුවරටත්, ලස්සන තනුවක් කළ දර්ශන රුවන් අයියටත්, ගොඩත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම හැමදේටම මාත් එක්ක ඉන්න, මට හැමදේටම පිටිපස්සෙන් ඉඳන් ශක්තියක් වෙන අම්මට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම හරි පාර තෝරගන්න ගුරුහරුකම් දෙන, තාත්තටත් ස්තූතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 

 



අදහස් (0)

සහජ හැකියාවට වඩා මුදලට තැනක් අද ගීත ජනප්‍රිය වීමට බලපානවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site