විසි එක් හැවිරිදි තරුණියක කෙළෙසී යැයි කියන සිදුධියක් සම්බන්ධයෙන් නිතීඥවරයකු මාර්ගයෙන් ඉදිරිපත් වී ඇප ප්‍රතික්ෂේප වීමෙන් පසුව උසාවියෙන් පැන වාහනයකින් පළා ගිය බව කියන නාවලපිටිය නාගස්තැන්න සහකාර වතු අධිකාරි සංජීව අබේසේකර සොයා නාවලපිටිය පොලීසිය පරීක්ෂණ අරඹයි.
ඔහු පැන ගිය වාහනයේ රියදුරා අත්අඩංගුවට ගත් පොලීසිය ඔහු මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා ඇප නියම කළේය.
අහසට වෙඩි තබා 21 හැවිරිදි තරුණියක බිය කැර වතු බංගලාවේදී ඇය කෙළෙසා ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහු උසාවියෙන් පනිද්දී පොලීසිය ප්‍රධාන ගේට්ටුව වසන්නට ගත් උත්සාහයද අසාර්ථක විය.කාරයෙන් පැන ගිය ඔහු අතරමගදී බැස ගොස් ඇතැයිද පොලීසිය අධිකරණයට වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිංහලයට සිංහලයන් කරපු උදව්වක් වගෙයි (නි)
මොහමඩ්, මෝඩයෙක් වගේ අදහස් ප්‍රකාශ කරන්න එපා.. (ස)
මහජනයා නොවෙයි මෙවැනි අවස්ථා වලදී කටයුතු කරන්නෙ. රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක්. උත්තරීතර අධිකරණයේ ආරක්ෂාව මෙසේ වන්නේ නම් නීති ක්‍රියාත්මක වන්නේ කෙසේද? රාජකාරි නීත්‍යනුකුල වන්නේ කෙසේද? පළමුව රටේ සියලුම රාජකාරි නිවැරදිව ඉටුකිරීමට නිලධාරීන් සඳහා නීති ක්‍රියාත්මක විය යුතුය. (නි)
ඡායාරූපයක් සමග ඔවැනි සිදුවීම් වාර්තා කළොත් බොහොම ඉක්මනට ලෝකයේ කොහේ හිටියත් අල්ලාගන්න පුලුවන්. අනිවාර්යෙන්ම මෙයාලා රටින් පනිනවා. (නි)
පුදුම විහිළු තමයි මේවා. ලංකාවේ නීතිය ලිහිල් දවසින් දවස අපරාද අපරාද කාරයෝ දන්නවා මිනිමරලා ඇප අරන් එලියට එන්න පුළුවන් කියලා. ලංකාව සිරි ලංකාවක් වෙන්නනම් මෙද පෙරදිග නීති ගෙනෙන්න ඕනේ, අනික ගැහැනු අරාබින්ගේ කක්කුස්සි සේදීමට යන එක නතර කරන්න ඕනේ, පාරවල් හදල විතරක් මදි.(නදී)
ආරංචි හැටියට මේ වැඩේ කරලා තියෙන්නේ පෙර සූදානමක් ඇතුව. ඒ නිසා පෙරකදෝරුවන් ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි (නි)
සින්න දොරේ නියම වැඩකාරයෙක් වගේ! ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් ඇති එයාගේ හයියට. (නි)
දුප්පත් මිනිහෙක් ඔය වැඩේ කළා නම්.... ජයා කියන කතාව හරියට හරි! (නි)
පිටබැද්දර මහත්මයා හරි. මේ වැඩේට නීතිඥ සහය ලැබිලා වගෙයි. (නි)
ඇයි හත්දෙයියනේ වාහනේ ටයර් එකකටවත් උණ්ඩයක් නිකුත් කරගන්න නොහැකි වුනාද? සදා කල් එයා හැංගිලා ඉන්නද? ආය අහු වුනාම ඉතින් ඇප ඕනෙත් නැ නඩු ඕනෙත් නැ අච්චු කල අයට බාර දුන්නනම් හරි.(නදී)
උසාවියේ පොලිස් ආරක්ෂාව.?බන්ධනාගාර නිලධාරී ඒ වෙලාවේ අඩ නින්දේද හිටියේ?(දිල්)
වෙදමහත්තයා කියනදේමයි මටත් හිතෙන්නේ. මේක නම් පෙර සුදානමක් ඇතුව සිදුවුණ දෙයක්. ඔය පැනලා ගිය කාර් එකේ රියදුරෙකුත් ඉඳලා තියෙනවා. සමහර විට කාර් එක පණගන්වාගෙන ඉන්න ඇත්තේ. ඉස්සර පොඩි විජේ වගේ දක්ෂයින් නම් උසාවියෙන් ඔහොම පැනලා ගියා. හැබැයි, අන්තිමට වෙඩි කාලා මැරුණා. (නි)
අයි බැරි? අපේ රටේ පුළුවන්. මෙයත් ලොක්කෙක් වෙන්න ඇති.නම මොකක්ද? (නි)
මෙයාට යන්න දුන්නේ ඇයි? (නි)
වතුවල තව ඇති හොයලා බලන්න ඔය වගේ(දිල්)
උසාවියේ ආරක්ෂාව ගෙන මොනවාට පෙහෙදිලිද ? පොඩි මිනිහෙක් කලා නම් වෙඩි තියල නොමරා මරා හෝ අල්ලගන්නවා එතනදීම . මේක සල්ලි වලට උදව් එතිව පන යාමක් වගේ මට පෙන්නේ (දිල්)
මොහොමඩ්, මෝඩ කතා කියන්න එපා (නි)
මේ වගේ ටාසන් වැඩ වතු අදිකාරී වරයෙක් කරන්නේ කොහොමද ඉහලින් උදවුවක් නැතුව ?(දිල්)
අනිවාර්‍යෙයන්ම එහෙනම් වාහනය පදවන්න ඇත්තේ ඒ තැනැත්තා.(නදී)
පුදුම රටක්නෙ මේක, ගැහැණු දුෂණය කරපු එවුන් මහා දවල් උසාවියෙන් පැනල යනවා. කොස්සෝ ටික නිදා ගත්තද ඕකා පැනල යනකම්. මෙයාලගෙ ගුද මාර්ගය පරික්ෂා කරොත් හොඳ නැද්ද .මම මේ නිකන් කිව්වේ. (ස)
1. අහසට වෙඩි තියනවිට වතු බංගලාවේ වහලයක් තිබුනේ නැතිද? 2. උසාවිය තුල හා අවට පොලිසිය සිටියේ නැතිද? 3. ආරක්ෂාවට හිටපු පොලිස් නිලධරයන්ට ගිනි අවි පාවිචිය තහනම්ද? 4. සිදුවුන සියලු කරුණු සාධක අනුව පෙරකදෝරුව අත් අඩංගුවට ? (ස)
මම හිතන්නේ හයි ජම්ප් ,ලෝන්ග් ජම්ප් වලින් රන් පදක්කම් දිනලා ලෝක වාර්තා තියන්න ඇති.නැත්නම් කොහොමද ඔය විදියට බේරිලා යන්නේ. (නි)