දඹුල්ල ජුජා භූමී ඉවත් කැරෙන පිරිස් ඒ පිළිබදව සංදේශයක් බාර දීමට දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගිය අවස්තාවේදී දඹුල්ල ප්‍රාදේශිය සහකාර ලේකම් එස් ඩී මොරවක මහත්මිය එය වාර්තා කරමින් සිටි දඹුල්ල ප්‍රාදේශිය මාධ්‍යවේදී තිලක විජේසුරීයගේ පටි ගත කිරීමේ යන්ත්‍රය උදුරාගෙන එහි අන්තර්ගත මකා දමද්දී ඇගේ ඇගේ කාර්යාල කාර්ය සේවකයකු ඔහුගේ කැමරාව පොළොවේ ගසා ඔහුටද පහර දී ඇතැයි දඹුල්ල පොලීසියට පැමිණිලි කැර ඇත.
මාධ්‍යවේදියා රෝහල්ගත කරනු ලැබ සිටිති.
මේ සම්බන්ධයෙන් මාතලේ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල මහත්මියටද පැමිණිලි කැර ඇත.
පටිගත කිරීමේ යන්ත්‍රයට හා කැමරාවට සිදු අලාභ එම දෙදෙනාගෙන් අය කර දෙන ලෙස එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදී කරන අය රකින නිලධාරින් උසස්වීම් පත් කරන(අ)
තවමත් ලංකාවේ තියෙන්නේ පසුගාමී අදහස් සර්ලා, මැඩම්ලා කිව්වොත් ඕනෑ දෙයක් කරයි. මේ මාධ්‍යවේදියා එම නිලධාරිනියට මැඩම් කියලා සේවකයාට සර් කිව්වානම් බේරෙන්න තිබුණා. (අ)
ප්‍රා.ලේකම් සහකාර ප්‍රා. ලේ. සාමාන්‍ය නීතියට පයින් ගසා කැලෑ නීතිය අතට අරන් වාගේ. ලංකාදීප/එසැණ පුවත්, විජේසුරිය මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිට සාමාන්‍ය නීතිය ආරක්ෂා කර ගනිමු. (නි)
ජංගම දුරකතනයක්වත් තිබුන් නැද්ද? එයා යක්ෂාවේශයෙන් ඔය කරපු සේරම රෙකෝඩ් කරගෙන , පත්තරේට දමන්න තිබුනා. රටේම මිනිසුන්ට දකින්න..එවිට මෙයාලට ලැජ්ජා වෙනවා. නැතුව මේ මිනිස්සු හදන්න බැහැ.වාර්තාකරු කව්රු වුණත් ඔබේ උත්සාහය පසු නොබැස නැවතත් මේ සම්බන්ධව වාර්තාකර සත්‍ය ලොවට හෙළිකරන්න ඔබට ශක්තිය ලැබේවා! ඔබට ඉක්මන් සුවය පතමු ..! (නි)
ගෙහිමියාටත් වඩා ගෙදර ඉන්න සුනඛයා නපුරු වෙන වේලාවන් තිබෙනවා. (නි)
අනේ මම දන්නේ නෑ, රටේ නීතිය හැමෝම අතට අරන්. (ස)
බොහෝ රජයේ නිලධාරීන් අද මැර දේශපාලකයන්ගේ අතකොලු බවට පත් වෙලා. තමන්ට ලැබෙන සුළු වාසියට ඕනෑම කැත වැඩක් කරන්න මේ අය සුදානම් වෙලා. (ස)
කාන්තාවක් ගිය උඩ කිවුවලු! (නි)
අපි කවුරු වුනත් මාධ්‍යයට ගරු කරන්න ඕනෑ. සමහර මාධ්‍ය කරන දේ හරි වුණත් වැරදි වුණත් , අපි මාධ්‍යයට ගරු කළ යුතුයි (නි)
ඔය කවුරු ආවත් ඔච්චර තමයි (නි)
මාධ්‍යයත් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෑ. නැත්නම් ඔහොම දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. (නි)