තුන්සිය හය ඒ1 සිංහ සමාජයේ නව දිස්ත්‍රික් පාලක ලෙස ශ්‍රියන්ත රාජකරුණා මහතා තෝරාගනු ලැබ සිටී.
ඔහු කළුවාමෝදර මොරගල්ල සිංහ සමාජය නියෝජනය කරයි.
කොළඹ ඉසිපතන විදුහලේ ආදී සිසුවකු වන ඔහු විදුහල් මලල ක්‍රීඩා හා රග්බි කණ්ඩායමේ නායකයා විය. කළුතර ජ්‍යෙෂ්ඨ නිතීඥ කාමනි සමඟ විවාහ වී සිටින ඔහු සංවිධාන රැසක නායකත්වය දරයි.
පාසල් හා ජන ජීවිතය නගා සිටුවීමට ඔහු බොහෝ සමාජ සේවා වැඩ කර ඇත. නව පදවියේ දිවුරුම් දීම සදහා ඔහු ජර්මනියේ හැම්බර්ග් නුවරට යාමට නියමිතය. සිංහ සමාජයේ අනු හය වැනි ජාත්‍යන්තර සමුළුව එහිදී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිංහ සමාජ වැඩේ මහා බොරුවක් . කරන දෙයක් නෑ. සල්ලි තියෙන අයගේ සල්ලි හා කාලය වියදම් කරගෙන තත්වේ රැකගන්න කරන වැඩක්. දුප්පතුන්ට ඔකේ අති වැඩක් නෑ.(ස)
ආදී ඉසිපතනයෙක්වීම ගැන ආඩම්බරයි. සුබ පැතුම්, සුබ අනගතයක් !(ස)
සිංහල සිංහයන් වෙනුවෙන් වැඩ කරන්න (නි)
මගේ සුබපැතුම්! (නි)
ගල්කිස්ස සිංහ සමාජයේ සභාපති වන මා ඇතුළු සියලු සිංහයන්ගේ සුභ පැතුම්! (නි)
අපේ ගමෙත් තියෙනවා ඔය කියන සිංහ සමාජයක්. කරන වැඩක් නම් දන්නේ නැහැ. ඒකේ සාමාජිකයෝ ඉන්නේ ඔක්කොම ප්‍රදේශයේ ඉන්න සල්ලිකාර මුදලාලිලා සහ උසාවියේ නීතීඥ නෝනා මහත්වරු තමයි. වෙන කිසිම ජාතියක සමාජ සේවකයෙක්වත්, වෘතිකයෙක්වත් එතන නැහැ. මාසෙකට සැරයක් මෙයාලා එක සාමාජිකයෙක්ගේ ගෙදරට රැස්වෙලා හොඳට පදමට බීලා බඩවල් පිරෙන්න කාලා පුහු අටෝප දොඩවලා විසිරිලා යනවා ආපහු ඊළඟ මාසේ වෙනකම්. මම දන්නා තරමින් අඩු ගැනේ වැසිකිලි කටක්වත් දීලා නැහැ කිසිම මනුස්සයෙකුට. (නි)