දිඹුලාගල මහවැලි කුඹුරුවල මහ කන්නයේ අස්වැන්නෙන් අගසස් දානයක් පිරිනැමීම පැරැණි සම්ප්‍රදායානුකූලව කළුකැලේ විජය පරාක්‍රම විදුහල් සිසුන් අතින් සිදු විය.
සිසුහු සිය මව්පියන්ගේ කුඹුරු වලින් ලබා ගත් වී කොටා සහල් පෙරහරින් පාසලට ගෙන ආහ.
විදුහල්පති ජයතිලක බණ්ඩා මහතා මේ උත්සවය සංවිධානය කළේ සිසුනට ගොවිතැන ගැන ප්‍රායෝගික අත්දැකිමක් ලබා දීමේ අරමුණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටු කඳුළු එනවා මෙවන් ආදර්ශයන් දුටුවහම. මේවා තමයි ඉදිරි පරපුරට දෙන්න ඕනෑ දායාදයන්. දිගු දුර හිතන දරුවන්ට තමන්ගේ අනාගත රැකියව ගමෙන්ම හොයන්න හිතෙනවා නව තාක්ෂණයත් එක්ක. දරුවනි, ඔබට සුභ අනාගතයක්! (නි)
මල්ලියේ, ඔයාලට අපෙන් සුභ පැතුම්! මම දිඹුලාගල රුවන් (නි)
මෙවන් දේවල් ඉදිරි පරපුර වෙනුවෙන් රැකගන්නා ඔබට පින්! (නි)
සෑම අතින්ම අනර්ඝ වැඩක්.මෙවැනි දෑ කෙරෙහි සිසුන් යොමුකරන විදුහල්පතිතුමාට ජාතියේ ප්‍රණාමය! (නි)
අපේ පළාතෙත් මේ අලුත් සහල් මංගල්‍යය ඉතාම උත්සවාකාරයෙන් පවත්වනවා. විජය පරාක්‍රම විදුහලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සියලුම සිසු දරුවන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා. (නි)
පරිසරයත් එක්ක බද්ධ වුණ අපේ තවත් පාරම්පරික උතුම් වැඩක් ! (ස)
මේක නම් හරිම වටිනා වැඩක් (නි)
මෙවැනි උතුම් වැඩ වලට සුදුසු සහ අවශ්‍යම ප්‍රචාරය ලබාදීම වෙනුවෙන් ලංකාදීපයටත් තුති! (නි)
වැනසී යන අපේ ජාතික දේවල් නඟා සිටුවීම වෙනුවෙන් ගන්න උත්සාහයට අපගේ ප්‍රණාමය! (නි)
විදුහල්පති තුමා නියම බෞද්ධයෙක්. ජය වේවා. (ස)
අපි පොඩි කාලේ අපේ ගම් වලත් මේවා තිබුණා.ගමේම මිනිස්සු එක්වෙලා කරන මේ මංගල්‍යය හරිම අපුරුයි.දැන් මිනිසුන් අසල් වාසීන්ගෙනුත් දුරස් වෙලා. ලංකාදීපයට ගොඩක් පින් මෙය පළ කළාට. (ස)
ඉතාමත් වටිනා ක්‍රියාවක්. අලුත් සහල් මංගල්‍යය යන වචනය කලින් අසා තිබුණත් මේ සඳහා අගසස් දානය යන වචනය මම මීට පෙර අසා නොතිබිණි. සියලු දෙනාටම පින් සිදුවේවා.... තෙරුවන් සරණ වේවා....! (ස)