දිඹුලාගල මහවැලි කුඹුරුවල මහ කන්නයේ අස්වැන්නෙන් අගසස් දානයක් පිරිනැමීම පැරැණි සම්ප්‍රදායානුකූලව කළුකැලේ විජය පරාක්‍රම විදුහල් සිසුන් අතින් සිදු විය.
සිසුහු සිය මව්පියන්ගේ කුඹුරු වලින් ලබා ගත් වී කොටා සහල් පෙරහරින් පාසලට ගෙන ආහ.
විදුහල්පති ජයතිලක බණ්ඩා මහතා මේ උත්සවය සංවිධානය කළේ සිසුනට ගොවිතැන ගැන ප්‍රායෝගික අත්දැකිමක් ලබා දීමේ අරමුණිනි.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුහු අගසස් දානයක් දෙති
ප්‍රභා Wednesday, 02 April 2014 11:29 PM
සතුටු කඳුළු එනවා මෙවන් ආදර්ශයන් දුටුවහම. මේවා තමයි ඉදිරි පරපුරට දෙන්න ඕනෑ දායාදයන්. දිගු දුර හිතන දරුවන්ට තමන්ගේ අනාගත රැකියව ගමෙන්ම හොයන්න හිතෙනවා නව තාක්ෂණයත් එක්ක. දරුවනි, ඔබට සුභ අනාගතයක්! (නි)
රුවන් Wednesday, 02 April 2014 11:20 AM
මල්ලියේ, ඔයාලට අපෙන් සුභ පැතුම්! මම දිඹුලාගල රුවන් (නි)
නිහාල් Wednesday, 02 April 2014 11:35 AM
මෙවන් දේවල් ඉදිරි පරපුර වෙනුවෙන් රැකගන්නා ඔබට පින්! (නි)
ප්‍රියා Wednesday, 02 April 2014 11:39 AM
සෑම අතින්ම අනර්ඝ වැඩක්.මෙවැනි දෑ කෙරෙහි සිසුන් යොමුකරන විදුහල්පතිතුමාට ජාතියේ ප්‍රණාමය! (නි)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 02 April 2014 06:30 PM
අපේ පළාතෙත් මේ අලුත් සහල් මංගල්‍යය ඉතාම උත්සවාකාරයෙන් පවත්වනවා. විජය පරාක්‍රම විදුහලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සියලුම සිසු දරුවන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා. (නි)
පිටබැද්දර ජයා Wednesday, 02 April 2014 01:04 PM
පරිසරයත් එක්ක බද්ධ වුණ අපේ තවත් පාරම්පරික උතුම් වැඩක් ! (ස)
කුමාර Wednesday, 02 April 2014 01:16 PM
මේක නම් හරිම වටිනා වැඩක් (නි)
සුනේත්‍රා Wednesday, 02 April 2014 01:38 PM
මෙවැනි උතුම් වැඩ වලට සුදුසු සහ අවශ්‍යම ප්‍රචාරය ලබාදීම වෙනුවෙන් ලංකාදීපයටත් තුති! (නි)
අසෝකා Wednesday, 02 April 2014 01:40 PM
වැනසී යන අපේ ජාතික දේවල් නඟා සිටුවීම වෙනුවෙන් ගන්න උත්සාහයට අපගේ ප්‍රණාමය! (නි)
දයා අලහකෝන් Thursday, 03 April 2014 09:58 AM
විදුහල්පති තුමා නියම බෞද්ධයෙක්. ජය වේවා. (ස)
කුමාරි Wednesday, 02 April 2014 02:09 PM
අපි පොඩි කාලේ අපේ ගම් වලත් මේවා තිබුණා.ගමේම මිනිස්සු එක්වෙලා කරන මේ මංගල්‍යය හරිම අපුරුයි.දැන් මිනිසුන් අසල් වාසීන්ගෙනුත් දුරස් වෙලා. ලංකාදීපයට ගොඩක් පින් මෙය පළ කළාට. (ස)
නිලුපුල් Wednesday, 02 April 2014 02:40 PM
ඉතාමත් වටිනා ක්‍රියාවක්. අලුත් සහල් මංගල්‍යය යන වචනය කලින් අසා තිබුණත් මේ සඳහා අගසස් දානය යන වචනය මම මීට පෙර අසා නොතිබිණි. සියලු දෙනාටම පින් සිදුවේවා.... තෙරුවන් සරණ වේවා....! (ස)