දිග කලිසම් අඳින්නට එපා යැයි කැලණි සරසවියේ ශිෂ්‍යාවකට නවක වදය දුන් බව කියන ජ්‍යෙෂ්ඨ සිසුන් පස් දෙනකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
නවක සිසුවියන් වසරක් යනතුරු දිග කලිසම් නොඇඳිය යුතු යැයි සරසවියෙන් පනවා ඇතැයි කියන ‘නීතියක්‘ ගැන සඳහන් කරමින් කලිසම් ඇඳ එන සිසුවියන්ට කුණුහරපයෙන් බැන ඇතැයි නවක සිසුවියක් පොලිසියට පැමිණිලි කර ඇතැයිද ඇගේ පැමිණිල්ල අනුව ජ්‍යෙෂ්ඨ සිසුවියන් 4ක් හා සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රටක්. කලිසමක් ඇඳගෙන ඉගෙනගන්න ආවහම මොකද වෙන්නේ? (නි)
මේගොල්ලොත් හරියට අපේ පාර්ලිමේන්තු කට්ටිය වගේ. යන්නේ එක දේකට, කරන්නේ තව එකක් (නි)
නියම වැඩේ! අපිත් ඔය කැම්පස් වල හිටිය අය. නමුත් වාසනාවකට ඉතාම හොඳ එකක හිටියේ. අපේ අයියලා අක්කලා අපිට එහෙම සැළකුවේ නැහැ. ඉතින් අපිත් ඊළඟ වසරේ නංගිලා මල්ලිලාට හොඳින් සැළකුවා. ඕක හීන මානසිකත්වයක් තියෙන, තරඟයට බය කට්ටියක් කරන දෙයක්. (නි)
රෙද්දකුයි හැට්ටෙකුයි හොඳයි කියයි. දිග කලිසම තමා නරක. හැබැයි ඔය කියන අයම අත්අල්ලාගෙන පසුව යනවා පේන්නේ කලිසම් ඇඳපු සන්ග්ලාස් දාපු නංගිලා එක්කම තමයි (නි)
දැන් පොලිසියට පැමිණිලි කර ඇති එඩිතර නවක සිසුවිය, ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන්ගෙන්, ආරක්ෂා කරගත යුතුව ඇත. (නි)
මෙම කතාව සහතික ඇත්ත. අන්තරෙන් තමයි මෙවන් නීති නවකයින්ට දාන්නේ. මේවා කරන අයගේ සියලු අධ්‍යාපන සහතික අවලංගු කරන්න නීතියක් ගෙනෙන්න ඕනෑ (නි)
මේ වගේ අශෝභන වැඩ වලට වහා තිත තැබිය යුතුය. (නි)
අපි දන්නා විදිහට ලෝකයේ වෙනත් රටවල නම් විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ උගත්කමින්, බුද්ධියෙන් ඥානයෙන් පිරිපුන්, රටක අනාගතය මෙහෙයවීමට සිටින ශක්තිමත්ම තරුණ පරපුරයි. එ්ත්, කියන්න කණගාටුයි ලෝකෙන් උතුම් අපේ රටේ විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ, ගෝත්‍රික ආකල්ප හා දුපත් සංකල්ප හා පුහු මතවාද වලින් පිරි නව අනාගත දැක්මක් වෙනුවට, මනසින් අතීතයට ගමන් කිරීමට උත්සාහ දරන හීනමානයෙන් යුතු තරුණ ජන කොට්ඨාශයක්. (නි)
කලිසම කොහොමත් පිරිමි අයට සුදුසු ඇඳුමක් (නි)
විශ්ව විද්‍යාල වලට ගියත්,ගල් යුගයේ ජීවත්වන අය. තමාගේ හීනමානය වසාගැනීමට කරන බොළඳ වැඩ. (නි)
සංගම්වල බලය අල්ලගෙන ඉන්න කට්ටිය අරයා මෙයා නිදහස් කරන්න කියලා පෙළපාලි යන්න කලින් මෙන්න මේ වැඩ නවත්වන්න වැඩකළොත් නරකද? (නි)
නවකවදය දෙන්නේ හීනමානය තිබෙන අයයි.මේ අය විප්ලව හා අරගල කරනවා මිසක් ඉගෙනගත් දෙයක් නැත. තමන්ගේ ඒ දුර්වලකම් වසාගන්න තමයි මේවා කරන්නේ. (නි)
නොබියව තමුන්ගේ අයිතීන් පිළිබඳව සටන් කරන සිසුවියට අපගේ ප්‍රණාමය! (නි)
වරද ඔප්පු වුණොත් අවුරුද්දක්වත් පන්ති තහනම් කළයුතුයි (නි)
මෙවැනි අයගේ ශිෂ්‍යබාවය අහෝසිකරලා විතරක් මදි. දැඩි දඬුවම් දෙන්නත් ඕනෑ (නි)
මගේ දුවලා දෙන්න මම නම් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇරියේ නැත්තේ ඔන්න ඔය කියන තිරිසන් සත්තු වගේ කණ්ඩායමක් ඕවා ඇතුළේ ඉන්න නිසා. මම නම් කියන්නේ නොමිලේ පත්තරයක්වත් දෙන්න හොඳ නැහැ, සල්ලි ගන්න ඕනෑ. එතකොට තේරේවි නිදහස් අධ්‍යාපනේ රඟේ (නි)
ගොඩක් සතුටුයි. ගොඩක් අය තේරුම් අරගෙන තියෙනවා මේකේ වැරදි පැත්ත. කෙනෙක් අපහසුතාවයට, හිංසනයට පත්කරලා ලබන වින්දනය මොකද්ද? (නි)
රවින්ද්‍ර, මේ සිසුවට අවුරුද්දක්. අර උත්තරීතර තැන අරගොල්ලන්ට සතියක්?? (නි)
නවක වදය කියන්නේ නවක සිසු සිසුවියන්ට සරසවි ජීවිතය ගැන අවබෝධයක් ලබා ගන්නත් වැඩිහිටි සිසුන් දැන හඳුනා ගන්නත් හොඳ අවස්ථාවක්. එය විනෝද ජනක ලෙස බාර ගන්න අයට කවදාවත් වදයක් වෙන්නේ නෑ. මේ ජ්‍යෙෂ්ඨ සිසුන්ම තමා ඊළඟට මේ අයගේ හැම දේකදිම සහෝදරයෝ වගේ උදව් කරන්නෙත්.(හේ)
ධම්මිකගේ අදහස මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. (නි)
කල්හාර, ඔයා හරි. සරසවි නොගිය අය ඒක දන්නේ නැහැ (නි)
ගිහාන්ලා, ෆයිසර් හා කමනි ඇතුළු අයට කැම්පස් යන්න ආසාව තිබුණට ඒක කරගන්න බැරිවෙලා වගේ. කතාකරන තරමින් පේන්නේ ප්‍රාථමික අධ්‍යාපනයක් විතරක් ලබලා වගේ. (නි)
අල්ලාගත් සිසුවාට ගවුමක් අන්දලා , අනිත් හතර දෙනාට එලදෙන්නු වගේ කෑගහන්න කිව්වනම් හරි (හේ)
කැම්පස් ගිය නැති උන් ඕක හරියටම මොකක්ද කියන්න දන්නේ නැ. ඕක කරන උන් සිමාව දන්නේ නැ. කැම්පස් ගිහිල්ල එලියට අපු එඋන්ට ඕක හරියටම වෙන්න ඕන කොහොමද කියල කියන්න පුළුවන්. (ම)
ගිහාන්ගේ අදහස හරි. ඒ වගේම තමයි, මුන් මේ විදිහට හැසිරිලා කොහොමද රටක් බාර අරන් වැඩ කරන්නේ? ලංකාවට ඉතින් අබ සරණයි. මුන් ඉගෙන ගන්න මානසික ලෙඩ්ඩු. කැම්පස් පුද්ගලීකරණය කරන්න ඕනේ කියන තවත් එක ලොකු සාධකයක් තමයි මේ. (බ)
සරසවියේ පළමු වසරේ ගැහැනු ලමයි දිග කලිසම් නොඇදිය යුතුයි කියනදේ අපේ වසර වලදි නම් නවක වදය දීමක් විදිහට නෙමෙයි අපි සැලකුවේ. එ්ක සරසවියේ සම්ප්‍රදාය එ්කෙන් ඇත්තටම ගැහැනු ලමුන්ගෙ මහ ලොකු උජාරුකම් නැතිවෙලා හැදියාව ඉබේම හැදිල එනවා මහත්තයෝ. (බ)
කැම්පස් ඇතුලේ සංස්කෘතියක් කියල දෙයක් තියෙනවා. එක පිට සමාජේ දන්නේ නෑ. ඒවත් රැකෙන්න ඕනේ. (බ)
උඩින් තියෙන ප්‍රතිචාර නිසා මෙහෙම දාන්න හිතුවා. කැලණියේ විතරක් නෙමෙයි ගොඩක් කැම්පස් වල පළමු වසර විද්‍යාර්ථියෝ අදින්න ඕනේ ඔහොම කියල නීතියක් පනවල තියෙන්නේ අද ඊයෙක ඉදන් නම් නෙමෙයි. මේ කාලේදී ගෑනු ළමයි විලුබ ගාවට දිග සායක්, අත් වැහිච්ච හැට්ටයක් ඇදන් එන්න ඕනේ. (බ)
ඊළඟ බැච් එකට මුන් ඔයදේම කරන එකයි අවුල. මුන් විදපු කරදර අමතක වෙනවා අලුත් බැච් එක ආව කාලෙක.. ඕක වෙනස් කරන්න බැරි එකයි අවුල. (බ)
ගිහාන් හරියට හරි. මේ ඔක්කොම බල පුළුවන්කාරකම් නිකං උගන්වන ආයතනවලනේ. මේ අය මට්ටු කරන්න සුළු මුදලක් හරි අය කරන්න ඕනෙ. නැත්නං ඉස්සරහටත් තව තරුණ ජිවිත නැති වේවි. (බ)
මේවා කොහේ තියන නීතිද? ගමේ පුරුද්දට කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා වෙන්න ඇති.(බ)
මේවා තමයි මෙයාල සරසවියට වෙලා කරන්නේ . අන්තිමට ගිය සරසවියකුත් නැහැ ... ඉගෙනගත්තු දෙයකුත් නැහැ විප්ලවකාරයෝ (බ)
කෙල්ලන්ට කලිසම්, ෂර්ට් අඳින්න පුලුවන්නම් කොල්ලන්ට සාය හැට්ට, ගවුම් ඇඳලා යන්නත් ඉල්ලන්න පුළුවන් (නි)
මොකක්ද දිග කලිසමක් අඳින එකේ වැරැද්ද? (නි)
ඔවුන්ගේ ශිෂ්‍යභාවය වසරක් යනතුරු අත්හිටුවන්න (ම)
මේවට තමා කියන්නේ තාම තියෙන්නේ පහත් දීන මානසිකත්වයක් කියලා. මහලොකු අනාගත උගත් පරම්පරාව! (නි)
දිලුම් උගත් හැමෝම බුද්ධිමත් නැහැ , නමුත් බුද්ධිමත් හැමෝම උගත් නැහැ , ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවත් සමාජයේ ජීවත් වෙනගමන් ගන්න දැනුම උපාධි සීයක් වටිනවා (ම)
උපරිම දඬුවම් දෙන්න අනෙක් අයටත් පාඩමක් වෙන්න (නි)
මන්ද මානසික හීනමානයෙන් පෙළෙන සිසුන් සිසුවියන් තමා මේ අලුතෙන් එන අයට නවක වදය දෙන්නේ. විශේෂයෙන් පිට පළාත්වල සමාජ දැනුමක් නැති අයයි මේ හීනමානයෙන් පෙළෙන්නේ (නි)
මෙහෙම අය රටක් පාලනය කළොත් මොනවා නොකරාවිද? (නි)
ඔය සිසුන් දැනගන්න ඕනෑ ඔය නිදහස් අධ්‍යාපනය ලබන්නේ පරණ පිරිවෙනක කියලා. අතීතයේ සිටි සත්ගුණවත් මිනිසුන් කළ පරිත්‍යාගයන් නිසා අද විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල වුණේ. (නි)
දරුණු නවක වදය නිසා මගේ පුතා විශ්ව විද්‍යාලයට යන්න බැහැ කිවුවා. අපි එයාට යන්නම කිවුවහම එයා වස බීලා මැරෙනවා කිවුවා. මේ ජරා නවක වදය තියෙන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි. ඉතින් අනිත් රටවල්වලට අඩුවක් වෙලා තියෙනවද වදය දුන්නේ නැහැ කියලා? (නි)
නවකවදය සදහටම තුරන්කළ යුතුයි නවකවදය දෙන අයගේ ශිෂ්‍යභාවය සදහටම ඉවත්කොට දඩුවම්කළ යුතුයි (ම)
බලාගෙන ගියාම සරසවියට යන්නේ නුවණක්කාරයෝ නෙමෙයිනේ (නි)
මේ නවකවදය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)
මේවට දැඩි ක්‍රියාමාර්ග ගැනීම හොඳ දෙයක් (නි)
මේ දේවල් ගැන අත්දැකීමක් ගන්න සරසවියකට යන්නම වෙනවා (නි)
සනත් එක්කෝ ඔබ නවක වදයේ නමින් වන දේ ගැන ඇත්තටම දන්නේ නැහැ. එහෙමත් නැත්නම් දැන දැනත් බොරු කියනවා. මෙතන තනිකරම වෙන්නේ පිරිසක් තෘප්තියක ලබාගැනීමක්. මම අභියෝග කරනවා මේ අයට පුලුවන්නම් ඔය 'සරසවි ජීවිතය ගැන අවබෝධයක් ලබා ගන්නත් වැඩිහිටි සිසුන් දැන හඳුනාගන්නත්' කියලා කරන ක්‍රියා ප්‍රසිද්ධියේ කියලා කරලා පෙන්නන්න කියලා. (නි)
කල්හාර, ළිඳ ඇතුළේ ඉන්න ගෙම්බා හිතන්නේ ළිඳේ සංස්කෘතිය තමයි හැමතැනම තියෙන්න ඕනෑ කියලා. එ්ත් ඒක එහෙම නැහැ. (නි)
අපිත් ‘රැග්‘ කාලේ සායවල් ඇඳගෙන ගියා. ඊටපස්සේ අවුරුදු වලදී කලිසම් අඳින්නත් ගත්තා. ඕකෙන් කරන්නේ ඔක්කොම කට්ටිය එකම මානසික තත්වෙකට ගන්න හදන එක. මොකද එක එක අය එක එක මානසික තත්වෙන් තමා ඔතනට එන්නේ. මේක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. ලංකාවේ මීටවඩා ප්‍රශ්න තියෙනවා. (නි)
සරසවියක් දැකලාවත් නැති සමහරුන්ගේ අදහස් දැක්කහම ලොකු දුකක් හිතට එනවා (නි)
ලකුණු ටිකක් වැඩිපුර අරගෙන සරසවියට ගියාට ජන්ම ගතිය වෙනස් වෙන්නේ නැහැනේ. උපාධිය අතට අරගෙන රජයේ රැකියාවක් කළත් ඔය ආරේ ගතිය අරින්න බැහැ. ඒකනේ අපේ රටට ඔහොම වෙලා තියෙන්නේ (නි)
ගිහාන්, ජනතාවගේ බදු මුදල් නාස්ති කරන්නේ සරසවි ශිෂ්‍යයෝද? එහෙම නැතිනම් දේශපාලකයෝද? ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළවල්, නැව් එන්නේ නැති වරායවල් හදපු සල්ලි වලින් විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුනද? ශිෂ්‍යයෝ කී දෙනෙකුට සරසවි වරම් ලබාදෙන්න තිබුනද? ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ඇති වෘත්තිකයන්ට අද ලෝකයේ ඕනෑම තැනකට ගිහින් රැකියා කරලා මව්බිමට විදේශ විනිමය ලබාදෙන්න පුළුවන්. (නි)
මේ මානසික මට්ටමට කියන්නේ හීනමානය කියලා. තමාට ජීවිතයේ නොයෙකුත් දේ නොලැබීම නිසා ඇතිවූ කණගාටුව, ඊර්ෂ්‍යාවට සහ කුහකකමට පෙරලුනු මොහොතක්.... (නි)
කැලෑ ගතිගුණ නිදහසේ මුදාහැරීමට තිබෙන ස්ථානයක් විදිහට දැන් ශ්‍රී ලංකාවේ සරසවිය පත්ව ඇති අයුරු ගැන දුකයි (නි)
මේ ළමයින් අභියෝගයකට මුහුණ දෙන්න දන්නේ නැහැ. මේ වගේ මෝඩ වැඩ නම් කරයි. (නි)
අනික් අය අඳින ඇඳුම තීරණය කරන්න වෙන කෙනෙකුට බැහැ. සරසවි වල සංස්කෘති ඒවට කැමති අයට විතරයි. ක්‍රිස්තු පූර්ව ගණන් වල නීති අදට හරියන්නේ නැහැ. ලෝකේ වෙනත් දියුුණු මානව නිදහස ගරුකරන රටවල මේවා නැහැ. මේක පොලිසියට පැමිණිලි කළ එක ගැන සතුටුයි. මම වුණත් කරන්නේ සද්ද නොකර ඔය මාස කිහිපය අඳින්නේ නැතුව ඉඳලා රැග් ඉවරවුණ ගමන් පේන්නත් එක්ක කොට කලිසමක් හරි අඳින එකයි. ඒ අතින් මේ ගැහැණු දරුවො ඉදිරියෙන් ඉන්නේ. (නි)
විශ්ව විද්‍යාල වලටත් උප සංස්කෘතියක් තියෙනවා.ජ්‍යෙෂ්ඨ සිසුන් තමා නවකයන්ගේ හැම දේකදිම සහෝදරයෝ වගේ උදව් කරන්නෙත්. ඕනෑම පවුලක පොඩි පොඩි ගැටුම් තියෙනවා. පොලිසි යන්න ඕනද කියන එක තව පාරක් හිටන්න ඕන කාරණයක්.(ම)
කිසිදා රජයේ විශ්ව විද්‍යාලයකට නොගිය අය ගිය අය එක්ක කොහොමත් ඊර්ෂ්‍යාවක් තියෙනවා. පළමු වසරේ කලිසම් අඳින්න එපා කියලා එයාලා කියන්නේ අනිවාර්යයෙන් දිග සායවල් අඳින්න කියලා. ඒක දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැහැ. (නි)
ඔය මහා ලොකු සිසු නායකයෝ උඩපනින්නේ ඔවුන්ට වාසි හදාගන්න. නැත්නම් ගැහැණු ළමයෙක් යාලු කරගන්න. ඔය නායකයෝ ගොඩකට පෞරුෂත්වයක් කියලා දෙයක් නැහැ (නි)
වැදගත්කමක් නැති ළමයි. නවක වදය දීලා ආත්ම තෘප්තියක් ලබනවා. (නි)
නවක සිසුන්ට දෙන්න නවක වදයට වඩා වටිනා ඵලදායක දෙයක් ජ්‍යෙෂ්ඨ සිසුන් තුළ නැතිවීම ගැන ජ්‍යෙෂ්ඨ සිසුන් ලැජ්ජාවට පත්විය යුතුය. (නි)
සිසුන් සහ ශිෂ්‍යාවන් එකම මට්ටමකට ගන්න ඕනෑ නිසයි මෙහෙම දේවල් කරන්නේ (නි)
ලෙස්ලි, තමන් වහගෙන අඳිනවද නැද්ද තීරණය කරන්නේ තමා සහ තම දෙමව්පියන් මිසක් තමන්ට වඩා අවුරුද්දකට කලින් කැම්පස් ආ කට්ටිය නෙමෙයි. (නි)
දැනට ලංකාවේ හොඳම පුවත් මවන තැන බවට සරසවිය පත්වෙලා වගෙයි (නි)
මේ නවක වදය මහා පීඩනයක් සිසුන්ට. මේවා වහාම නවත්වන්න ඕනෑ (නි)
සමාජවාදය කණපිට හරවන බොරුකාර විකෘති අාශාවන්ගෙන් පෙළෙන අයට දැඩි දඬුවම් දෙන්න (නි)
මධුර, ඔයා කීදෙනෙක් මේ වෙනකොට එක මට්ටමට අරන් තියෙනවද? අනේ මේ ආදිකාලේ කියපු කතා වනපොත් කරලා නිකන් ඔහේ කියවන්න එපා. ඕක පරණ කාලෙට හරි. අදට නම් වැරදියි. (නි)
මමත් විශ්ව විද්‍යාලය තුළ බොහෝ දේවල් වලට සම්බන්ධ වුණා. අවුරුදු ගානක්ම අන්තරයේ වැඩ වලට සහයෝගය දුන්නා. දැන් මට තේරෙන විදිහට අපි කොච්චර මෝඩ වැඩ කළාද, එක එක පුද්ගලයන්ගේ පෞද්ගලික මත වලට අපේ කාලය, ශ්‍රමය නාස්ති කළාද? මේ නවක වදය මම දකින්නේ තවත් කණ්ඩායමක නිදහස් අයිතීන් නැති කිරීමක් ලෙසයි (නි)
කල්හාර, මම තාමත් ආඩම්බර වෙනවා පේරාදෙණියේදී අපි නවකවද විරෝධී කණ්ඩායමේ සාමාජිකයන් වීම ගැන! (නි)
නරකද රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳගෙන ආ යුතුයි කියලා නීතිය දැම්මොත්? (නි)
එහෙම කරන එක හොදයි.(හේ)
නවක වදය වැඩිහිටි සිසුන්ගේ මානසික තත්වය කියාපාන හොඳ අවස්තාවක්. මෙයින් බලය ඇතිවිට ඔවුන් හැසිරෙන හැටි මැනවින් කියාපායි. මේ අය තමා බලය නැතිවිට බියගුල්ලන් මෙන් හැසිරෙන්නෙත්. අත්දැකීම් ඇති හැමෝම මෙය දන්නවා. (නි)
ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදින එක මේ අයට දුකක් වෙලා.(හේ)
මහජනයාගේ බදු සල්ලි නාස්ති කරමින් , ඉගෙන ගන්න ආපු අලුත් ළමයින්ට හිරිහැර දෙන මේ ලමාතැනි ලාගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්න වටින්නේ. දැන් ඉතින් සමහරු කියාවි මේකත් නිදහස් අධ්‍යාපනය රකින්න කරපු දෙයක් කියලා . (හේ)
හොඳ වැඩේ! දැන් නඩු කියන්නකෝ. (නි)