පාසලේ ගුරුවරියක සතු පවුම් තුන හමාරක් බැරැති රන් මාලය වංචනිකව ලබා ගත් ඌව පරණගම පාසලක උසස් පෙළ සිසුවියක් සැකපිට අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය පවසයි.
විදුහල්පති එම මාලය ඉල්ලා සිටින බවට ‘හොර ලියුමක්‘ ලියා ගුරුවරියට දී මාලය වංචා කර ඇතැයි පැමිණිල්ලේ සදහන්යේ.
ගුරුතුමිය සතු වී කරල හැඩයෙන් යුත් රන් මාලය අත්‍යවශ්‍ය කරුණක් සඳහා විනාඩි 10කට විදුහල්පතිවට බාර දෙන ලෙසත්, ලිපිය රැගෙන එන සිසුවිය අතට මාලය බාර දෙන ලෙසත් විදුහල්පති ලියන අයුරින් එම ලිපිය ලියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුඩ් මෝනින් වරුණ! අදත් ඔයාගේ රස කතා/මෝඩ කතා ඇසීමට අපි පුල පුලා බලා සිටිමු! (නි)
නීතිපතිතුමාට යොමු කළොත් මොකද? (නි)
ළමයෙක්ගේ අතේ ලියුමක් එවපු ගමන් කරේ තියෙන මාලේ ගලවලා දෙන්න තරම් විදුහල්පතියි ගුරුතුමියයි අතර තියෙන හිතවත්කම මොකක්ද? (ස)
මම නම් හිතන්නේ විදුහල්පතිතුමාගේ හා ගුරුතුමියගේ හොර වැඩක් මේ ළමයාට අහුවෙන්නේ ඇති.ඒක මාට්ටු කරන්න ගොතපු කතාවක්. (ස)
වෙනදාටත් මේ ළමයා විදුහල්පතිතුමා දෙන ලියුම් ඔය ගුරුතුමියට ගිහින් දෙනවා ඇති කියලයි මට නම් හිතෙන්නේ. (ස)
දෙන්නගේ පට්ටම් මාරු කරමුද? (ස)
හපොයි? (අ)
ගුරුතුමිය ඉගෙන ගත්තෙ මොන ස්කෝලෙන්ද? (ස)
මේ ළමය ලොකු මානසික අවපාතයකින් පෙලෙන බවයි පෙනෙන්නේ. බොහෝවිට දරිද්‍රතාවයෙන් පේලි සිටින කෙනෙක්, රන් පළදින්න ලොකු ආසාවක් තියෙන්න ඇති. ගුරුතුමියට බනින්න එපා, ළමය පන්තියේ දක්ෂ, විශ්වාසය දින සිටිය කෙනෙක් වෙන්න ඇති. පාඩමක් කරමින් ඉන්න වෙලාවක ආවද දන්නේ කොහෙද. එක දාල යන්න බැහැනේ. (අ)
මෙම කතාවේ හොඳම අදහස දක්වලා තියෙන්නේ "චමී" කියලයි මට හිතෙන්නේ. (නි)
පාසල් සිසුවියක් නිසා මේක පාසලේදී විසදුවන්ම් නිවරේදී.අනික ගුරුවරියට මේ ළමයා විස්වාස නිසානේ ලිපියේ පරිදි ඒ ළමයා මාලය දුන්නේ.මං හිතන්නේ මේ තුන් දෙනා අතර අපි නොදන්නා දෙයක් තිබෙනවා.ඇයි විදුහල්පති ලියන විදිහට ලිව්වේ කිසිම බයක් නැතිව ......? (අ)
අවදි වන්න, අවදි වන්න, දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.ගූඩ් මෝර්නින් රූපා අක්කේ, මොකද තාම නින්දේද පෙන්න නැත්තේ.චන්දි අක්කා නම් කලින් අවදි වෙලා.. (ස)
පුදුම සිසුවියක්නේ? (නි)
මෝඩ ගුරුතුමියක්නේ! කවුරුන් හෝ මේ පසුපස සිටිනවා වෙන්න පුළුවන් (නි)
අනේ ටීචර්, ඔයා මොනවද උගන්වන්නේ? හරි අහිංසක පාටයි.ඒ වුණාට ගොඩක් බොළදයි නෝනා... (නි)
නිලුගේ අත්දැකීමක් වගේනේ කියන්නේ. ඔහොම හිතලා නිකන් පව් පුරවාගන්න එපා නිලූ. (ස)
පවුම් තුන හමාරක මාල ඉස්කෝලෙට දා ගෙන එනවද ? මෙතුමියගෙන් ඉගෙන ගන්න ළමයින්ට දෙයියන්ගේම පිහිටයි. මේ ප්‍රින්සිපල් ඊට හපන්. ඉස්කෝලේ ඇතුලේ වැඩේ පොලිසියට දන්වලා. ළමයාගේ කට උත්තරෙන් අපි නොදන්නා ඒවා එළිවෙයි. ඔහොම නිකම්ම මාලේ ගලවලා දෙනවද අතිශය විශ්වාසයක් නැතුව. (ස)
අනේ කෝ මේ අපේ රුපවති අක්ක,සරත්,දිසා ඔයාල කොහේ ගිහින්ද? ඉක්මනට එන්නකෝ. මගේ බඩෙන් බාගයක් කෑවා වගෙයි ඔයාගේ අදහස් නැතුව (සරත් මල්ලි මා එක්ක තරහ වෙලාද අයියෝ ).(නදී)
ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක් (නි)
මටත් හිතෙනවා යම් කිසි කෙනෙක් මේ ලමයව මෙවැනි දෙයක් කිරීමට පොළඹවන්න ඇති කියලා. පළමු වතාවට සිදු උණු දෙයක් නම් අවවාද කරලා පාසලේදීම මෙය අවසන් කළා නම් හොඳ වෙන්න තිබුනා ළමයාගේ අනාගතය ගැන හිතල.(නදී)
මෙහෙම කපටි වැඩ කරන්න කොහෙන්ද ''අප්පා'' ඉගෙන ගන්නේ ....?(නදී)
අයියෝ ගුරුතුමියනි, මීට වඩා දැනුම්වත් වෙන්න. පාසැල් වියේදි මෙහෙම නම් තව ඉදිරියෙදි කොහොම වෙයිද? (නදී)
දෙන්නා කපුකමට මේ ළමයා හැමදාම යොදා ගත්තද දන්නේ නැහැ. (ස)
සමහර වෙලාවට මෙම මාලය අරගෙන දීලා තියෙන්නේ විදුහල්පතිද දන්නේ නෑ. ඒකනේ ඉල්ලපු විගසම දීලා තියෙන්නේ (ස)
අඩු තරමින් පොලිසියේදී හෝ බුද්ධිමත් ලෙස ප්‍රශ්න කරලා සැබෑ සිද්ධිය සොයා ගත්තොත් හොඳයි. ළමයින් විනෝදයටත් මෙවැනි වැඩ කරන්න ඉඩ තිබෙනවා. විදුහල්පති ළඟට නොගොස් වටිනා මාලයක් ළමයාගේ අතට දුන්නේ කුමටද? අනෙක ළමයාගේ අත්අකුරු වලත් විදුහල්පතිගේ අත්අකුරු වලත් වෙනස මේ ටීචර් දන්නේ නැද්ද? (නි)
සිසුවියගෙන් ගුරුවරියට අමතක නොවෙන පාඩමක් (නි)
දෙන්නම මෝඩයි කියලයි මට හිතෙන්නේ. තුන් වෙනි පාර්ශවයක් ඉන්නවා කියලත් හිතෙනවා.(නදී)
ලොකු සර් කෙනෙක් මීට ඉස්සරලත් ටීචර්ගේ මාලේ අරගෙන ඇති.(නදී)
උසස් පෙළ සිසුවියක් මෙවැනි මෝඩ වැඩක් නොකරයි. බළලුන් ලවා කොස් ඇට බාවා ගැනිමකි.(නදී)
හේමන්ත මහත්තයෝ අත් දැකීම් නම් බොහොමයක් තියනවා. ඒත් ලියන්න කැමති නැ. ඒ මන්ද උඩ බලන් කෙල ගහනවා වගේ වැඩක්. ගොඩක් දුරට මියන්ගෙන් තමා කොස් ඇට බාවන්නේ. වෙන රටක උනානම් ලියනවා අත දිග ඇරලා. මොන දේ උනත් උපන් රටට ගරු කරනවා. තිත්ත ඇත්ත වෙන්න බැරිද.(නදී)
නිලුයි හේමන්තයි දෙන්න ඇවිලිලා අද උදෙන්ම. නෑ අනේ ඔය වැඩේ කරපු ගැණු ළමය හරියට ශසිනි වගේ මහා ඇට්ටර ගැණු ළමයෙක්.(නදී)
කොහොමද ටිකිරි මොළේ? (නි)
අපේ යාලුවෝ හැමෝම එක එක දේවල් අහලා කියලා තියෙනවා. ඒත් කවුරුවත් දැන් මාලේ හම්බ වුණාද කියලා නෑ. දැන් ඔය මාලේ හොයාගෙනද? මට හිතෙන්නේ කවුරුහරි ඔය ළමයාව ඔය වැඩේට පොළඹවන්න ඇති කියලයි. (ස)
මෙතන කොහෙද හොරකමක්? දෙපාර්ශවයක් අතර වුණ දෙයක්.ඔය අහිංසක කෙල්ලව නිදහස් කරන්න. (නි)
කොහොමද ටිකිරි මොළේ? (නි)
හෙට මේ ගුරුතුමීට කව්රුහරි ඇවිල්ලා ලියුමක් දීලා වෙන මොනවාහරි ඉල්ලුවා කිවුවොත් ඒකත් දෙනවද? (නි)
අපේ කාලේ නම් කෙල්ලෝ හොර ලියුම් ලිව්වේ කොල්ලන්ට. දැන් කාලේ ටීචර්ලට. මට ඊයේ ලංකාදීපේ තිබුණු ප්‍රවෘත්තියක් මතකයට ආවා. දොස්තරලා කියනවලු එක ජාතියක කට්ටියකගේ ප්‍රතිශතිය වැඩිවෙලාලු. මේ දෙන්නත් ඒ කට්ටියගෙන් දෙන්නෙක්ද? (නි)
මාර ළමයෙක්නේ. උසස් පෙලේදී මේ වගේ දෙයක් කළා නම් සරසවි ගිහින් එලියට එනකොට ජනාදිපති පුටුවටත් විදියිනේ , පරෙස්සමෙන් ටීචර්.(නදී)
මෝඩ ළමයෙක්. සමාව දෙන්න. මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් (නි)
කොහොමද ටිකිරි මොලේ?මේ ඉන්නේ අස්චර්යයේ දරු දැරියෝ..(අ)...
කවදා හරි ලොකු තනතුරකට හෝ පාර්ලිමේන්තුවට හරි නැත්තම් අර දැයට කිරුල කොමිස් නෝනා වගේ කෙනෙක් වෙයි. කාටද ආඩම්බර? (නි)
ළමයා දක්ෂයි. ගුරුවරිය මෝඩයි. මෙහෙම ලියුම් කැල්ලකට ඔහොම මාලය යවන්න තරම් විදුහල්පතිතුමා සමග තියෙන හිතවත්කම මොකක්ද? අනෙක ලියුම් කෑල්ල දුන්නා නම් ඕක අතේ ගෙනත් දෙන්න තිබුනා. (නි)
පුදුම ගුරුවරියක්නෙ? ඔච්චරම මෝඩ වැඩක් කරන්න තරම්! (නි)
මේවා කාටත් හොඳ පාඩම්. (ස)