කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර දුන්නේදැයි සොයා බැලීමට පොලිස්පති නියමෙන් පැවැත්වෙන විමර්ශණයේ දී සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පිරිසක් අද (12) දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගත්හ.
එම පාසල් සිසුවා සහ කැළුම් අත්තනායක නම් එක්දරු පියා පොලිසියේ රඳවාගෙන සිටි බව කියන දින කිහිපයේ පොලිස් සිර මැදිරියේ රඳවා තැබූ සැකකරුවෝ ද ඊයේ (12) ප්‍රකාශ ලබා දුන් පිරිසට අයත් වෙති.
එම පිරිස දිවුලපිටිය පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවත්, තවත් පිරිසක් කැඳවීමට නියමිත බවත් පොලිස් ආරංචි කියයි.
පාසල් සිසුවා සහ එක්දරු පියාගෙන් ද, පාසල් සිසුවාගේ මිතුරන් ඇතුළු පිරිසකගෙන් ද මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පාසල් සිසුවා අත්අඩංගුවට ගනිද්දී නිවසේ තිබිය දී ගෙන ගියැයි කියන භාණ්ඩ නැවත ලබානුදුන්නැයි කියන සිද්ධිය ගැන ද විමර්ශනයක් පැවැත්වෙයි.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මසිරි මුණසිංහ සහ ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරු විමර්ශන පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදී ඒක තමයි අපටත් ප්‍රශ්නේ. පොලිසියේ ඉන්නේ සාමාන්‍ය ජනතාවගේ නෑදෑයෝ ද කියල. අවස්ථාව අාවහම පොලිසියට විරුද්ද වෙන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. (ස)
අනේ අපේ පොලිසිය! (නි)
පොලිස් අත් අඩංගුවේ හිටපු සැකකරුවෙක් කවදාවත් පොලිසියට පක්ෂව සාක්කි දෙන්නේ නැහැ. ඒගැන බයවෙන්න එපා . අඟුලාන පොලිසියේදී වෙච්ච දේ මතකනේ. නදීටත් එක්ක මේ කියන්නේ. (ස)
නීතිපතිගේ සිට අධිකරණ වෛද්‍ය නිලධාරීන් ,පොලිසිය ඇතුළු අනෙකුත් සියළු නිලධාරීන් සාධාරණ වියයුතුයි (නි)
වරදකට පොලිස් කූඩුවට ගිය කෙනෙක් බලන්නේ පොලිසිය හොඳින් තියාගෙන නඩුවෙන් ගැළවෙන්න මිසක් පොලිසියට විරුද්ධව ගතු කේළම් කියන්න නොවෙයි නේද? (නි)
පහරදීම නොමිනිස් ක්‍රියාවක්. සැකකරුවකුගෙන් සත්‍යය හෙළිකර ගැනීම අපහසු කාර්යක් බව ඇත්තයි. එහෙත් පුහුණු නිලධාරියකුට එය අපහසු නැහැ. වෙසෙසින් පාසල් සිසුවකුගෙන් සත්‍ය හෙළිකර ගැනීමට පහරදීමක් අවශ්‍යම නැහැ. (නි)
සාධාරණයක් වෙයි කියා මිනිස්සු අතර විශ්වාසයක් නැහැ දැන්නම් (නි)
මෙයට ස්වාධීන කමිටුවක් පත් කළයුතුයි. (නි)
බලන් ඉන්න පොලිසියෙන් සාධරණේ ඉටු කරයිද කියල. එහෙම වුනේ කවද්ද? හැමදාම මිනිසුන්ට වුනේ අසාදාරනයක්. (ස)
සීසීටීවී නැත්ද බලන්න? (ස)
කිසිම මනුස්සයෙක් පොලිසියට පක්ෂව නම් සාක්කි දෙන්නේ නැහැ. හැමතිස්සෙම පොලිසියෙන් කරන්නේ අහිංසක මිනිසුන් තළන පෙළන එකනේ. අවස්ථාව ආ ගමන් මිනිස්සු ඒකට 'රිටර්න්' එක දෙනවා (නි)
අජිත් කරුණාරත්න, ඔයාවත් පොලිසියට අරන් ගිහිල්ල තඩි බෑවානම් ඔහොම කියන්නේ නැහැ. (බ)
රටේ මහජන මුදල් රුපියල් කෝටි 14000 ක් හොරා කාල ඩුබායි රටේ මශ්රෙක් බැංකුවේ තැන්පත් කරපු පට්ට හොරුන්ටත් ඔය විදිහට සලකනවද? (බ)
ඉන්දික, අජිත් කරුණාරත්න කියන්නේ ඇත්ත .. පොලිස් කුඩුවේ හිටපු අපරාධ වලට සැක කරුවන් ගෙන් පොලිසියට විරුද්ධව සාක්ෂි දෙන එකට බලපෑම් කරන්න පොලිසියට පුළුවන් .. වෛද්‍ය වාර්තා පදනම් කර ගත්තම මදිද ? (බ)
සුපුරුදු ලෙස ගුරු සංගමේ කළ දුටු කළ වල ඉහිනවා..අපරාධකරුවෙක් එකවර අත් අඩංගුවට ගන්න පොලිසියට දිවැස් නැහැ. සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බැරිනම් මුළු පොලිස් දෙපර්තුමේන්තුවම මේ මානව හිමිකම් සංවිධාන වලට සියල්ල කර ගන්න දීල පැත්තකට වුණා නම් ඉවරයි.මේ සිසුවා අත් අඩංගුවට පත් වුණේ සැක පිට. මෙපමණ අහල පහළ මිනිස්සු සිටියදී ඔහු අත් අඩංගුවට පත් වුණේ ඔහුගේ චර්යාවේ වැරැද්දකට ..(ම)
සුපුරුදු ලෙස ගුරු සංගමේ කල දුටු කල වල ඉහිනවා..අපරාධකරුවෙක් එකවර අත් අඩංගුවට ගන්න පොලිසියට දිවැස් නැහැ.සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බැරිනම් මුළු පොලිස් දෙපර්තුමෙන්තුවම මේ මානව හිමිකම් සංවිධාන වලට සියල්ල කර ගන්න දීල පැත්තකට වුනානම් ඉවරයි.මේ සිසුව අත් අඩංගුවට පත් වුනේ සැක පිට. මෙපමණ අහල පහල මිනිස්සු සිටියදී ඔහු අත් අඩංගුවට පත් වුනේ ඔහුගේ චර්යාවේ වැරැද්දකට ..ඔහු ජිවත් වුනු අකාරයේ ඔහු ගිය ගමන් මගේ වැරැද්දකට..ඒක තේරුම් අරන් ඔහුට අද නිවැරදි ගමන් මග තෝර ගන්න අවස්තාව ලැබිල තියෙනවා.. ඒ ගැන සතුටු වෙලා තම ගමන් මග නිවැරදි කර ගන්නවා මිසක් මේ ගුරු සංගම් වල මානව හිමිකම් සංවිධාන වල පටු අවශ්‍යතා ඉටු කර දෙන්න බිලි වෙන එක නෙමෙයි මේ සිසුවාගෙන් විය යුත්තේ..අත් අඩංගුවට ගන්න සැක කරුවෙක්ගෙන් සුරතල් කරලා ප්‍රකාශ ගන්න බැහැ..යම් සීමාවකට යටත් වෙලා බලපෑමක් කරන්න වෙනවා අනිවාර්යයෙන්.සීමාව ඉක්මවා ගිය වගක්නම් අපිට මෙයාලව දැක්කම පෙන්නේ නැහැ..මන් හිතන්නේ ඉදිරියේදී අපේ රටේ අපරාධ දරුණු ලෙස වර්ධනය වේවි..මේ යන විදියට සියලු පොලිස් නිළධාරීන් තම ඇග බේරා ගැනීම මිසක් අපරාධ මර්දනයක් ගැන නොසිතාවී.ඔවුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි. යහපාලනය ඉදිරියේදී මේ රට අපරාධකරුවන්ගෙන් පිරුණු පාතාලය රජවුණු ගෙදරට පැනල ගැණු දරුවෝ ඇදන් ගිහින් දුෂණය කරලා මරණ තත්වයට පත් වුනු අපරාධකරුවන්ගේ සැක බිය නැතිවුණු විසාලාවක් කරන බවනම් අපිට සක් සුදක් සේ පැහැදිලියි. (ස)
පොලිසියෙන් ඔය කියන තරමටම අසාධාරනයක් වෙනවනං අපේ රටට පොලිසියක් ඕනේ නෑ නේද මනෝරි. එක දවසකට අපේ රටෙන් පොලිසිය අයින් කරොත් මහජනතාවට සාධාරණය ඉටුවෙන හැටි බලාගන්ඩ තිබුණා. මහජනතාව කොහොමද පොලිසියට රිටර්න් දෙන්නේ පොලිසියේ ඉන්නෙත් මහජනතාවගේම සහෝදර සහෝදරියෝ මව්වරු පියවරු තමයි. නැතුව පිටසක්වලින් අපු අය නෙමෙයි. (ස)
දැන් මේකෙන් ගොඩයන්නේ කළු කබා මහත්තුරු ටික තමයි. (නි)
රටේ මහජන මුදල් රුපියල් කෝටි 14000 ක් හොරා කාල තැන්පත්කලා කියල මේ තරම් සාක්ෂි තියෙද්දිත් අඩුම වසයෙන් පොලිසියට ගෙනල්ල බලු කුඩුවේ දාල ,ගහල ප්‍රශ්න කලාද?නිතිය කාටත් පොදු වෙන්න ඕනේ. (ස)
මේ තරුණයා මොනවා වුණත් ටිකක් වාසනාවන්තයි.ඔය සිද්ධිය ජනවාරි 8 වෙනිදාට පෙර සිද්ධ වුණා නම් මේ වෙනකොට මොනවා වෙයිද? (නි)
හොරාගෙ හත්මුතු පරම්පරාවෙන් පේන ඇසීම (අ)
සිසුවාට පොලිසියේ කාමරය තුළ ඉන්න කම්මැලි නිසා ව්‍යායාමයක් ලෙස ඔහු ඔහුටම ගහගත්තා විය හැකියි. (අ)
මේ හැමෝම එල්ලන්න ඕනේ (අ)
ඒ අසරණ දරුවාට කළ අපහාසයට සුදුසු වන්දියකුත් ගෙවන්න නියම කරන්න කියලයි මම නම් කියන්නේ (නි)
ලංකාවේ පොලිසිය බොහොම නීතිගරුක වැදගත් පිරිසකගෙන් සමන්විත පොලිසියක්. අත්අඩංගුවට ගන්න කිසි කෙනෙකුට කිසිම හානියක් වෙන ආකාරයකින් ඒ අය කටයුතු කරන්නේ නැහැ. (නි)