IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


සිසුවාට ඉබේටම දඩුවම් ලැබේ

විදුහල්පති නිල කාමරයේ තබා තිබු තම ජංගම දුරකතනය ගැනීමට වහලෙන් කාර්යාලයට බසින්නට ගිය බස්නාහිර පළාතේ පාසලක සිසුවකු සිවිලිම කඩාගෙන වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

එම සිසුවා වහලට නැග මද වේලාවකට පසු රාත්‍රී පාසලේ රැඳී සිටි තවත් සිසුවකු මිතුරා තවම නැත්තේ ඇයි දැයි බැලීමට වහළයට නැඟ ඇති බවත්, මිතුරා සිවිලිම කඩාගෙන වැටී ඇතැයි දුටු ඔහු කාර්යාල කාමරයේ ජනේලයක් කඩා මිතුරා එළියට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

ජංගම දුරකතන පාසලට රැගෙන ඒම අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයක් මගින් තහනම් කර ඇත.එබැවින් පාසලේ ගුරුවරයකු එම ජංගම දුරකතනය විදුහල්පතිවරයාට බාර දී ඇත.



අදහස් (0)

සිසුවාට ඉබේටම දඩුවම් ලැබේ

කුමාරි Tuesday, 25 February 2014 09:43 AM

මේ පාසල් ළමයට පොන් 1ක් අරන් දුන්න දෙමාපියන් දැන් විදුහල්පතිට විරුද්දව නඩු කියන්න,,,, උත්ගොසන කරන්න.(අ)

:       0       0

ආන්නද Monday, 24 February 2014 05:18 PM

වැඩේ නම් වැරදි තමයි. ඒත් මම නම් දකින්නේ හොඳ මිතුරු දමක්.(නදී)

:       0       0

සමින්ද Monday, 24 February 2014 06:19 PM

සිවිලිම රයිනෝ නෙවෙයි නේද ? (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 24 February 2014 06:22 PM

නැවත පාසලට එය රැගෙන නොයෙන ලෙස අවවාද කර එම සිසුවාගේ දුරකථනය ඔහුට නොදුන්නේ ඇයි. ළමයි ලොකු ප්‍රශ්න වල පැටලෙන්නේ අවශ්‍ය දේ ගුරුවරු ඒ වෙලාවේ නොකිරීමෙන්. ළමයි වරදට පොලබන වැඩ මේවා. ළමයත් වැරදියි එත් මුල් හේතුව අවශ්‍ය වෙලාවේ ප්‍රස්නේ විසදුව නැති එක නොවේද.(නධී)

:       0       0

ටෝනි Monday, 24 February 2014 06:43 PM

මල්ලියාට මොබයිල් එක කොච්චර අත්‍යාවශ්‍යද කියලා පේනවා නේද? මේවට වරදකරු කවුද කියලා හොයනවට වඩා හොඳ දේ තමයි පාසල් ළමයින්ට දෙමවුපියන්ගේ අනුමැතිය සහිතව ජංගම දුරකථන නිකුත් කිරීමයි.(නදී)

:       0       0

ලනිත් ඔමාල් Tuesday, 25 February 2014 02:12 PM

මේක මන්දා මේක පාසල් ළමුන්ට අපල කාලයක් (දී)

:       0       0

කුමාරි Monday, 24 February 2014 06:47 PM

බොහොමම ප්‍රවේශමෙන් දැන් දරුවන්ට දඩුවම් කරන්න ඕනා. පිට රටක ඔය වගේම දෙයකට ගුරුවරයාගේ බෙල්ල කපල තිබුන මට මතකයි එසැනින් බැලුවා.(නදී)

:       0       0

ලන්කාසිරි Tuesday, 25 February 2014 03:28 PM

දරුවන්ගේ ප්‍රශ්න ලිහ්ලවා විසඳා ගත යුතුයි (දී)

:       0       0

සත්‍යයා Monday, 24 February 2014 10:31 PM

දැන් ඉන්න ගුරුවරුයි විදුහලති වරුයි හිතාගෙන ඉන්නේ රටේ පාලකයෝ ළඟ නැති විනයක් පාසල් ළමුන් ළඟ තියෙන්න ඕනේ කියල. මේ අමනොඥ සිතුවිල්ල නිසා දිනාපතා මියැදෙන පාසල් ළමුන්ගේ ගේ ගණන වැඩිවෙනවා. මේ ජංගම දුරාතනයේ එම ශිෂ්‍යයා ට පෞද්ගලිකවූ තොරතුරු තිබුනා විය හැක. ඒවා විදුහල්පති දැනගන්නවා කියන්නේ තවත් මරණයක් බව දැනගෙන මේ ශිෂ්‍යයා අවදානමක් උසුලමින් තම ජංගම දුරකථනය ගන්න වහළයට නැග්ගා විය හැක. මේවා මේ තරම් දුර දිග යන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන මුලික දැනුමක් නැති මිනිසුන් අධ්‍යාපනය බාරව සිටීම නිසයි. (අ)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 25 February 2014 02:42 AM

මෙන්න ඇවිල්ලා, ළමයි කියන්නේ තාත්තලා/මහප්පලාලා කියලා හිතාගෙන ඉන්න (අ)

:       0       0

තිළිණ බණ්ඩාර Tuesday, 25 February 2014 06:05 AM

සත්‍යයා නිකම් ලොකු කතා කිව්වට සිසුන් සිසුන් හැටියට පාසල් එන්න ඕනේ. වෙච්ච දේ නම් හොදයි. නියම පාඩම. (අ)

:       0       0

සත්‍ය්‍යා Tuesday, 25 February 2014 07:33 AM

ඕගොල්ලෝ දන්නා දේ සමග ඕගොල්ලෝ සන්තෝෂ වෙනවා වගේ තමයි මමත් මා දන්නා තරමින් යමක් ලියා සතුටු වන්නේ. ගතානු ගතිකත්වය හා ප්‍රගමනය අතර වෙනස ඔන්න ඕකයි. ඔබලා වැන්නන් පාලකයින්ට උපදෙස් දෙන තුරු තව ජීවිත ගණනාවක් නැතිවේවි. මට දුක ඒ ඛේදවාචකය මැද "තාරුණ්‍යයට හෙටක්" ගැන පුරසාරම් දොඩන එකයි. (අ)

:       0       0

තිලින බණ්ඩාර Tuesday, 25 February 2014 08:25 AM

වැඩකට නැති ජිවිත තිබුනත් වැඩක් නැ. වැඩකට ඇති ජිවිත පමණක් තිබුනොත් මුළු රටේම අනාගතයම ලස්සන වේවි.(අ)

:       0       0

ටෙනිසන් Tuesday, 25 February 2014 08:44 AM

සත්‍යා සත්තමයි අපි ගියේ ඔයාල ගිය පාසල්වලට නොවෙයි. දුටු තැන ගුරුවරුන්න්ට දන නමා වදින පාසල්වලට. අද වගේ ගුරුවරුයි ගෝලයොයි එකට ගණිකා මඩම් වලට රිංගන කාලයක් එදා තිබුනේ නැහැ . අම්මට තාත්තට ගුරුවරයාට වැඩිහිටියාට නම කියල කතා කරන ප්‍රගමනයය් ගතානු ගතිකත්වයය් අතර තිබෙන වෙනස එයයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1655 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 649 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site