විදුහල්පති නිල කාමරයේ තබා තිබු තම ජංගම දුරකතනය ගැනීමට වහලෙන් කාර්යාලයට බසින්නට ගිය බස්නාහිර පළාතේ පාසලක සිසුවකු සිවිලිම කඩාගෙන වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එම සිසුවා වහලට නැග මද වේලාවකට පසු රාත්‍රී පාසලේ රැඳී සිටි තවත් සිසුවකු මිතුරා තවම නැත්තේ ඇයි දැයි බැලීමට වහළයට නැඟ ඇති බවත්, මිතුරා සිවිලිම කඩාගෙන වැටී ඇතැයි දුටු ඔහු කාර්යාල කාමරයේ ජනේලයක් කඩා මිතුරා එළියට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
ජංගම දුරකතන පාසලට රැගෙන ඒම අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයක් මගින් තහනම් කර ඇත.එබැවින් පාසලේ ගුරුවරයකු එම ජංගම දුරකතනය විදුහල්පතිවරයාට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාසල් ළමයට පොන් 1ක් අරන් දුන්න දෙමාපියන් දැන් විදුහල්පතිට විරුද්දව නඩු කියන්න,,,, උත්ගොසන කරන්න.(අ)
වැඩේ නම් වැරදි තමයි. ඒත් මම නම් දකින්නේ හොඳ මිතුරු දමක්.(නදී)
සිවිලිම රයිනෝ නෙවෙයි නේද ? (නදී)
නැවත පාසලට එය රැගෙන නොයෙන ලෙස අවවාද කර එම සිසුවාගේ දුරකථනය ඔහුට නොදුන්නේ ඇයි. ළමයි ලොකු ප්‍රශ්න වල පැටලෙන්නේ අවශ්‍ය දේ ගුරුවරු ඒ වෙලාවේ නොකිරීමෙන්. ළමයි වරදට පොලබන වැඩ මේවා. ළමයත් වැරදියි එත් මුල් හේතුව අවශ්‍ය වෙලාවේ ප්‍රස්නේ විසදුව නැති එක නොවේද.(නධී)
මල්ලියාට මොබයිල් එක කොච්චර අත්‍යාවශ්‍යද කියලා පේනවා නේද? මේවට වරදකරු කවුද කියලා හොයනවට වඩා හොඳ දේ තමයි පාසල් ළමයින්ට දෙමවුපියන්ගේ අනුමැතිය සහිතව ජංගම දුරකථන නිකුත් කිරීමයි.(නදී)
මේක මන්දා මේක පාසල් ළමුන්ට අපල කාලයක් (දී)
බොහොමම ප්‍රවේශමෙන් දැන් දරුවන්ට දඩුවම් කරන්න ඕනා. පිට රටක ඔය වගේම දෙයකට ගුරුවරයාගේ බෙල්ල කපල තිබුන මට මතකයි එසැනින් බැලුවා.(නදී)
දරුවන්ගේ ප්‍රශ්න ලිහ්ලවා විසඳා ගත යුතුයි (දී)
දැන් ඉන්න ගුරුවරුයි විදුහලති වරුයි හිතාගෙන ඉන්නේ රටේ පාලකයෝ ළඟ නැති විනයක් පාසල් ළමුන් ළඟ තියෙන්න ඕනේ කියල. මේ අමනොඥ සිතුවිල්ල නිසා දිනාපතා මියැදෙන පාසල් ළමුන්ගේ ගේ ගණන වැඩිවෙනවා. මේ ජංගම දුරාතනයේ එම ශිෂ්‍යයා ට පෞද්ගලිකවූ තොරතුරු තිබුනා විය හැක. ඒවා විදුහල්පති දැනගන්නවා කියන්නේ තවත් මරණයක් බව දැනගෙන මේ ශිෂ්‍යයා අවදානමක් උසුලමින් තම ජංගම දුරකථනය ගන්න වහළයට නැග්ගා විය හැක. මේවා මේ තරම් දුර දිග යන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන මුලික දැනුමක් නැති මිනිසුන් අධ්‍යාපනය බාරව සිටීම නිසයි. (අ)
මෙන්න ඇවිල්ලා, ළමයි කියන්නේ තාත්තලා/මහප්පලාලා කියලා හිතාගෙන ඉන්න (අ)
සත්‍යයා නිකම් ලොකු කතා කිව්වට සිසුන් සිසුන් හැටියට පාසල් එන්න ඕනේ. වෙච්ච දේ නම් හොදයි. නියම පාඩම. (අ)
ඕගොල්ලෝ දන්නා දේ සමග ඕගොල්ලෝ සන්තෝෂ වෙනවා වගේ තමයි මමත් මා දන්නා තරමින් යමක් ලියා සතුටු වන්නේ. ගතානු ගතිකත්වය හා ප්‍රගමනය අතර වෙනස ඔන්න ඕකයි. ඔබලා වැන්නන් පාලකයින්ට උපදෙස් දෙන තුරු තව ජීවිත ගණනාවක් නැතිවේවි. මට දුක ඒ ඛේදවාචකය මැද "තාරුණ්‍යයට හෙටක්" ගැන පුරසාරම් දොඩන එකයි. (අ)
වැඩකට නැති ජිවිත තිබුනත් වැඩක් නැ. වැඩකට ඇති ජිවිත පමණක් තිබුනොත් මුළු රටේම අනාගතයම ලස්සන වේවි.(අ)
සත්‍යා සත්තමයි අපි ගියේ ඔයාල ගිය පාසල්වලට නොවෙයි. දුටු තැන ගුරුවරුන්න්ට දන නමා වදින පාසල්වලට. අද වගේ ගුරුවරුයි ගෝලයොයි එකට ගණිකා මඩම් වලට රිංගන කාලයක් එදා තිබුනේ නැහැ . අම්මට තාත්තට ගුරුවරයාට වැඩිහිටියාට නම කියල කතා කරන ප්‍රගමනයය් ගතානු ගතිකත්වයය් අතර තිබෙන වෙනස එයයි (අ)