කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා (17) සහ විවාහකයා පොලිසියට එරෙහිව කර ඇති පැමිණිලි පිරික්සා එම වාර්තාව ලබන 7 වැනි දින දෙන ලෙසට පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා බස්නාහිර පළාත් භාර ජේ්‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සිසුවා හා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට තරම් සාක්කි තිබුණේද යන්නත්,ඔවුන්ට පහරදී ඇත්ද යන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ කැරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ඔවුන් රිමාන්ඩ් කළාට පොලිසිය සමාව ගත යුතුයි (බ)
ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි (නි)
පොලිසියට එරෙහිව චෝදනාවක් පොලිසිය විභාග කරන එක හරිද යන ප්‍රශ්නය මට මතුවේ (නි)
පොලිස්පතිතුමනි, මේ ගැන සාධාරණයක් ඉටුකරන්න (නි)
අපි බලාඉන්නේ වාර්තාව එනතුරු නොවේ. වාර්තාව ලැබුනාට පසුව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳවයි. (නි)
මේකට ස්වාධීන කණ්ඩායම පත්කරන්න බැරි ඇයි. (නි)
මෙතැනදී පාසල් ළමයෙකුට වදදීමක් තිබෙන නිසාත් පොලිසියට සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට චෝදනා එල්ලවී තිබෙන නිසාත් , මේ පිළිබඳව විශේෂ කොමිසමක් පත්කිරීමට ජනාධිපතිතුමාට බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙනවා.ඒ ගැන සළකා බලන්න ඕනෑ.මන්ද මෙය රටේ නීතිය පිළිබඳව සහ පොලිසිය පිළිබඳව වැදගත් සන්ධිස්ථානයක් වන නිසා. (නි)
කොණ්ඩයා පාපොච්චාරණය කරලත්, ඔහුගේ කල්ක්‍රියාව සම්බන්ධව පොලිසිය හොඳට දැනගෙන ඉඳලත්, තවම ඔප්පුකරගන්න බැරුව දඟලන පොලිසිය, කිසිම පෙර වරදකට චෝදනා ලබා නොතිබුණු ශිෂ්‍යාට සහ අනෙක් තැනැත්තාට අමානුෂික ලෙස පහරදී වරද බලහත්කාරයෙන් ඔවුන්ගේ පිට පටවා දැමීමට උත්සාහයක යෙදී ඇති බවට මට හැඟේ. මෙයට සම්බන්ධ සියල්ලන්ටම අනිවාර්යයෙන් දඬුවම් ලබාදිය යුතුමයි. (නි)
පුජිත ජයසුන්දර යනු චකිතයකින් තොරව ධර්ම චක්‍රය අතේ පැළඳිය හැකි මෙරටේ සිටින උතුම්ම පොලිස් නිලධාරියාය. පුද්ගලිකව ඔහු අතින් අවැඩක් සිදු නොවුනත් රාජකාරිමය වශයෙන් ඔහුද ඉහලින් ලැබෙන අණ පිළිපැදිය යුතුය. එබැවින් විශ්‍රාමික විනිසුරුවරයෙක් ඇතුලත් ස්වාධීන මඩුල්ලක් මගින් මෙම පරීක්ෂණය කිරීම වටී. (ස)
පොලිසිය පමණක්ද වැරදි? (නි)