IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසුවාගේ පැමිණිල්ලේ වාර්තාව බදාදාට ඉල්ලයි

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා (17) සහ විවාහකයා පොලිසියට එරෙහිව කර ඇති පැමිණිලි පිරික්සා එම වාර්තාව ලබන 7 වැනි දින දෙන ලෙසට පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා බස්නාහිර පළාත් භාර ජේ්‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිසුවා හා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට තරම් සාක්කි තිබුණේද යන්නත්,ඔවුන්ට පහරදී ඇත්ද යන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ කැරේ.



අදහස් (0)

සිසුවාගේ පැමිණිල්ලේ වාර්තාව බදාදාට ඉල්ලයි

රෝයි ජයවර්ධන Sunday, 04 October 2015 03:35 PM

මුලින්ම ඔවුන් රිමාන්ඩ් කළාට පොලිසිය සමාව ගත යුතුයි (බ)

:       0       0

අතුල Sunday, 04 October 2015 07:33 PM

ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි (නි)

:       0       0

චන්දා Sunday, 04 October 2015 08:14 PM

පොලිසියට එරෙහිව චෝදනාවක් පොලිසිය විභාග කරන එක හරිද යන ප්‍රශ්නය මට මතුවේ (නි)

:       0       0

තිලක් Sunday, 04 October 2015 08:37 PM

පොලිස්පතිතුමනි, මේ ගැන සාධාරණයක් ඉටුකරන්න (නි)

:       0       0

ලෙනාර්ඩ් Sunday, 04 October 2015 09:36 PM

අපි බලාඉන්නේ වාර්තාව එනතුරු නොවේ. වාර්තාව ලැබුනාට පසුව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳවයි. (නි)

:       0       0

නාරම්මල Monday, 05 October 2015 02:56 AM

මේකට ස්වාධීන කණ්ඩායම පත්කරන්න බැරි ඇයි. (නි)

:       0       0

සකුන්තලා Monday, 05 October 2015 02:57 AM

මෙතැනදී පාසල් ළමයෙකුට වදදීමක් තිබෙන නිසාත් පොලිසියට සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට චෝදනා එල්ලවී තිබෙන නිසාත් , මේ පිළිබඳව විශේෂ කොමිසමක් පත්කිරීමට ජනාධිපතිතුමාට බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙනවා.ඒ ගැන සළකා බලන්න ඕනෑ.මන්ද මෙය රටේ නීතිය පිළිබඳව සහ පොලිසිය පිළිබඳව වැදගත් සන්ධිස්ථානයක් වන නිසා. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 05 October 2015 03:32 AM

කොණ්ඩයා පාපොච්චාරණය කරලත්, ඔහුගේ කල්ක්‍රියාව සම්බන්ධව පොලිසිය හොඳට දැනගෙන ඉඳලත්, තවම ඔප්පුකරගන්න බැරුව දඟලන පොලිසිය, කිසිම පෙර වරදකට චෝදනා ලබා නොතිබුණු ශිෂ්‍යාට සහ අනෙක් තැනැත්තාට අමානුෂික ලෙස පහරදී වරද බලහත්කාරයෙන් ඔවුන්ගේ පිට පටවා දැමීමට උත්සාහයක යෙදී ඇති බවට මට හැඟේ. මෙයට සම්බන්ධ සියල්ලන්ටම අනිවාර්යයෙන් දඬුවම් ලබාදිය යුතුමයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 05 October 2015 05:36 AM

පුජිත ජයසුන්දර යනු චකිතයකින් තොරව ධර්ම චක්‍රය අතේ පැළඳිය හැකි මෙරටේ සිටින උතුම්ම පොලිස් නිලධාරියාය. පුද්ගලිකව ඔහු අතින් අවැඩක් සිදු නොවුනත් රාජකාරිමය වශයෙන් ඔහුද ඉහලින් ලැබෙන අණ පිළිපැදිය යුතුය. එබැවින් විශ්‍රාමික විනිසුරුවරයෙක් ඇතුලත් ස්වාධීන මඩුල්ලක් මගින් මෙම පරීක්ෂණය කිරීම වටී. (ස)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 06:52 AM

පොලිසිය පමණක්ද වැරදි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site