(නිමන්ති රණසිංහ)

සිය නමින් කතා කළැයි උරණ වී 6 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවකුට කනේ පහර ගසා තරප්පුපෙළින් තල්ලු කළැයි කියන සිද්ධියට අදාළව බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් ලුම්බිණී විද්‍යාලයේ ගණීත ගුරුවරයකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (16) නියෝග කළාය.

මෙම වරද ඇප ලබාදිය හැකි වරදක් වන අතර, සැකකරුවකු මුල් අවස්ථාවේදීම අධිකරණයට ඉදිරිපත් කළහොත් නිර්දෝෂී අයකු ලෙස සලකන බවත් නඩු විභාගයකින් පසුව වැරදිකරුද නිවැරදිකරුද යන්න තීරණය කරනු ලබන බවත් සදහන් කළ මහේස්ත්‍රාත්වරිය ඇප ලබාගැනීමෙන් පසු වින්දිත දරුවාට බලපෑම් නොකරන ලෙසට තරයේ අවවාද කරමින් සැකකරු ඇප මත මුදා හැරියාය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ ලුම්බිණීය විද්‍යාලයේ ගණීත ගුරුවරයකු වන ඉන්දික කාරියවසම් මහතාය.