පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කොණ්ඩය කපා නැතැයි කියමින් පාසල අසල කොණ්ඩය කපන ස්ථානයකින් කොන්ඩය කැප්පවීයැයි එම විද්‍යාලයයේ විනය කමිටුවේ ගුරුවරයකුට එරෙහිව සිසුවාගේ පියා පොලිසියට, අධ්‍යාපන අමාත්‍යංශයට සහ මානව හිමිකම් කොමිසට පැමිණිලි කළේය.
පුතා වෙළෙඳ දැන්වීම්වල රංගන කටයුතු කරන නිසා කොණ්ඩය ඒ අකාරයෙන් තබා ගෙන සිටි බවත්, ඊට පාසලේ අනුමැතිය තිබූ බවත් ලියා කියයි.
විදුහල්පති කියනුයේ පාසලට නොගැලපෙන ලෙස කොණ්ඩය වවාගෙන ආ සිසුවකුගේ කොණ්ඩය කප්පවා ඇති බවයි. ඔහුගේ දෙමාපියන් ගෙන්වා කළින් දැනුම්වත් කර තිබුණත් කොණ්ඩය පාසලට ගැලපෙන ලෙස කපාගෙන නොපැමිණි බව ද විදුහල්පති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ පාසලට වුණ දේ! (නි)
විදුහල්පතිතුමාත්, විනය කමිටු ගුරුතුමාත් නිවැරදියි. මෙම ලියන මමත් අධ්‍යාපනය ලැබුවේ පානදුර සුමංගලයෙන්. අද කාලේ දෙමව්පියන්, දරුවන් කිසිම හැදියාවක් නැහැ වගෙයි මෙයින් වැටහෙන්නේ. (නි)
මේ ළමයා ලොකුවෙනකොට තව මොනවා කරයිද? (නි)
තාත්තට නියම පුතෙක් අනාගතයේදී හම්බවෙයි. (නි)
අධ්‍යාපන ක්‍රමයේත් එකී විදුහලේත් තිබෙන ලොකුම ගැටලුව නම් පාසලට නොගැළපෙන ලෙස කොණ්ඩය වවාගෙන සිසුවෙකු පැමිණීමයි. අධ්‍යාපන ක්‍රමයේ අනෙක් සියලු දේ පරිපූර්ණ වී ඇති නිසා මිලිමීටරයට ගණන් බලා සිසුන්ගේ කොණ්ඩය බලෙන් හෝ කැප්පවිය යුතුය. (නි)
මෙම පියා මානව හිමිකම් කොමිසට ගෙනියන්න ඕනෑ ළමයින් මෙහෙම දැන්වීම් වලට යවනවට. තමන්ගෙ පුතා වෙළෙඳ දැන්වීම් වල රංගන කටයුතු කරන එකද කරන්න ඕනෑ? නැත්නම් විනයක් ඇතුව නිදහසේ ඉගෙනගන්න එකද? (නි)
කොණ්ඩය අධ්‍යාපනයට හෝ පාසල් විනයට කරන බලපෑම කුමක්ද? (නි)
අහෝ ඛේදයකි...! පෙර රජ කුමරුවන්ගේ පියවරුන්ද මෙවැනි දෙමව්පියන් වූවා නම්, ඉතිහාසයේ දුටුගැමුණුලාද, පරාක්‍රමබාහුලාද නැත (නි)
තාත්තට කොණ්ඩය නැතුව ඇති. (නි)
ෂා! නියම පියෙක්. මුලින්ම මෙවැනි දෙමව්පියන්ට පාසල්වල විනය කියන්නේ කුමක්ද කියන එක කියාදෙන්න අවශ්‍යය. (නි)
පාසලක විනය අනිවාර්යයි (නි)
පාසැල විසින් කොණ්ඩය කැප්පවීම සපුරා වැරදියි. විනයට පෙර තැකියයුතු ප්‍රශ්න බොහෝ ඇත. වෙන කිසිම රටක මේවා නැත. ළමුන්ට සිරගත කළා වැනි හැඟීමකින් අධ්‍යාපනය නොදිය යුතුය. දෙමාපියන් විසින් ළමුන් වෙළඳ දැන්වීම් වලට නොයැවිය යුතුය. (නි)
අද මෙරටේ විනය බල්ලට ගිහින් ව්නය හදන්න ගිහාම ගුරුවරැන්ට දඩුවම් දෙන අට පාස්වත් නැති දේශපාලකයන් ඉන්න රටක් ඒවගේ ම මේ තාත්ත පාසලේ තියන දෙමාපිය රැස්වීමකට වත් ගිහින් නැහැ වගේ (බ)
මගේ නෑදෑයෙක් වෙන මාමා කෙනෙක් ඉන්නවා නුවර පළාතේ. එයාගේ දෙවැනි පුතා නුවර නමගිය පාසල් වලින් එකක ක්‍රිකට් කණ්ඩායමේ හිටියා. පුහුණු කරන සර් දවසක් ඒ පුතාගේ වැරදි වැඩකට දඬුවම් කළා කියලා, ඒ මාමා විදුහල්පති සමඟ වාදකරලා පුතාව පාසලෙන් අස්කරගෙන තවත් නුවර ප්‍රසිද්ධ පාසලකට දැම්මා. එදා ඒ පුතා හරිම ආඩම්බර වුණා එයාගේ පියා ගත් පියවරට. අද ඒ මාමා වයසයි. පුතා නොමඟ ගිහින්. මාමාට හරියට කරදර. මේක හොඳ ආදර්ශයක් ළමයි කියන පදයට නටන දෙමාපියන්ට. (නි)
මානව හිමිකම් නිලධාරී මහතුනි, ඔය පියා ආවොත් ගහලා එළවාගන්න තියෙන්නේ, පුතා වයසේ විදියට හදාගන්න කියලා. (නි)
මේ වගේ අයට දඬුවම් නියම කරන ක්‍රමයක් තියෙන්නේ ඕනෑ, කරන පැමිණිල්ල සාධාරණ නැත්නම්. තාත්තාත් කොණ්ඩය වවලා ඇති සමහරවිට. ඒ වගේම ගුරුවරුත් පරිස්සම් වෙන්න තම සීමාව දැනගෙන ළමුන්ගේ ගෞරවය ලබාගන්න (නි)
අර සර්ට තිබුනේ කොණ්ඩය කපාගෙන එනතුරු පාසලට භාර නොගන්න. (නි)
මිනිසුන්ට විනය කියන දේ අත්‍යවශ්‍යයි. මේ තාත්තාවත් මීට කලින් දැනුවත් කරලා තියනවා කියලත් තියනවා. එහෙනම් තව මොනවටද මානව හිමිකම්?(හේ)
පාසල් විනය ගැන ළමයින්ට කලින් තාත්තලට උගන්නන්න වෙයි වගේ. (අ)
ඔක්කොටම ඉස්සර මේ තාත්තගේ කොණ්ඩේ ස්ටයිල් එක බලන්න ඕන. (ර)
පාසල්වලට ළමයි අරන් යන ඇතැම් දෙමාපියන් පාසලට නොගැලපෙන ඇඳුම් ඇඳගෙන පිරිමි අය කොණ්ඩය වවා පච්ච කොටා කරාබු දාලා කිසිම සංවරයක් නැතුව අම්මලාද නුසුදුසු ඇඳුම් ඇඳගෙන යනවා මේවා නරක ආදර්ශ මේගොල්ලෝ තමයි විනය පියවරට විරුද්ධ අනාගත පරපුර (බ)
මේ වයසේ ලමයෙක්ගේ කොන්ඩේ වවාගෙන ගන්න වෙළද දෙන්වීම මොකක්ද ? වැදී චරිතයක්ද ? (ර)
පුදුමයි ඔයින් ගියා, දණ ගස්සන්නේ නැතුව. (නි)
මොනවා කරන්නද? වැස්සකටවත් පාසලකට ගොඩනොවුණ තාත්තා කෙනෙක් වගෙයි. පාසලක විනය පවත්වා ගැනීම විනය පාලක ගුරුතුමාට හා විදුහල්පති ඇතුළු අනෙකුත් ගුරුවරුන්ට පමණක් බාරදී දෙනෙත් පියාගන සිටීම දෙමාපියන්ට තරම් නොවේ. එනිසා බුද්ධිමත් දෙමාපියන් මෙයට මැදිහත් වනතුරු බලා සිටිමු. (නි)
මේ වගේ තාත්ත කෙනෙක් ලබන්න ඒ ළමය ලොකු පවක් කරලා තියෙනවා. ලොකු උනාම මේ ළමය තාත්ත ත් උසාවි අරගෙන යයි. තාත්තත් පාසල් ගිය කෙනෙක් නෙමෙයි වගේ. (ර)
විනය තියෙන්නේ කොණ්ඩයේ නෙමෙයි. ඉස්සර ඉස්කෝල වල ළමයි කොණ්ඩය දිගට වවලනේ හිටියේ. ඒ කාලේ කොණ්ඩය කොටට කපන එකටයි බැන්නේ. අද ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගැහිලා. (නි)
මෙහෙම දෙමව්පියන් ඉන්න දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. මේ තාත්තට ඕනෑ කරන්නේ මුදල් මිස දරුවාව යහපත් පුරවැසියකු කිරීම නොවේ. පාසල යනු ශිල්පය ,විනය ,හොඳ නරක යන මේ සියල්ල ලබාදෙන ආයතනයකි. (නි)
ඔය දරුවාගේ කොණ්ඩය කප්පවන්න ගිය මුදල ඉතුරුවුණා කියලා සතුටු වෙන්නේ නැතුව එයාගේ අප්පච්චි මොන එහෙකට මානව හිමිකම් එකට ගියාද? මීට පස්සේ ඔක්කොම දරුවෝ කොණ්ඩය වවාගෙන පාසල් එයි. නොමිලයේ කරණවෑමියා ළඟට යන්න පුළුවන්නේ (නි)
කොණ්ඩය කැපුවත් නැතත් අන්දිරිස් අන්දිරිස්මයි කියලා කියමනක් තියෙන්නේ කට කහනවට නොවෙයි නේද? (නි)
සංජය කියන කිසිම අවබෝදයක් නැති කෙනෙක්. නැත්නම් මෙහෙම අදහස් දායිද..? (ර)
පුදුම තාත්ත කෙනෙක්නේ! (නි)
අනේ මෙහෙමත් දෙමාපියෝ! (නි)
මෙහෙම ගියොත් හොද්දට ලුණු වැඩිවුණත් සැමියා බිරිඳට විරුද්ධව මානව හිමිකම් යයි (නි)
මෙවැනි තාත්තලාට පොල් පිත්තෙන් ගහනවා මම හිටියා නම් (නි)