කඳාන ඩී මැසනද් විදුහල අසළ රථගාලේ දී පාසල් වෑන් රථ දෙකක් අතර සිරවූ පාසල් සිසුන් පස් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බවත් එක් සිසුවකු මිය ගිය බවත් පොලිසිය කියයි.
එලෙස මිය ගොස් ඇත්තේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන අට හැවිරිදි තරිඳු දිල්හාර නම් සිසුවෙකි.
කඳාන ඩී මැසනද් විදුහල අසළ රථගාලේ දී පාසල් වෑන් රථ දෙකක් අතර සිරවූ පාසල් සිසුන් පස් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බවත් එක් සිසුවකු මිය ගිය බවත් පොලිසිය කියයි.
එලෙස මිය ගොස් ඇත්තේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන අට හැවිරිදි තරිඳු දිල්හාර නම් සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිචාර වලින් තේරෙන්නේ මෙයට වගකිවයුතු මිනීමරුවන් කිහිප දෙනෙකුම සිටින බවයි. නීතිය සුරකින නිලදාරීන් මේ ගැන සොයා බලා නිසි පිළියම් ගනිත්වා. (නදී)
දවසන් මොන්ටිසෝරි වලට ළමයින් අරන් යන කැලණිය පැත්තේ වෑන් එකක් මග හිටලා අර මොන්ටිසෝරි යන ළමයින්ට කියලා තල්ලු කරනවා මම දැක්කා. පස්සේ මම යන ගමන නවත්තලා වැන් එක තල්ලු කරලා පනගන්වන්න උදව් කළා. 2013 ජුනි මාසේ දවසක. හැම තැනම වෙන්නේ ඔහොම වෙන්න ඇති. (නදී)
මෙම අනතුරට වගකිව යුත්තේ වගකිමක් නැතිව පිස්සන් සේ රථ පැදවූ රියදුරන් සහ අබලන් රථ දාවනයට යෙදවූ අයයි. අවාසනාවකට මෙවැනි අයට සුදුසුම දඬුවම් කිරීමට නීති ඇත්තෙත් නැහැ. තිබුනත් මෙවැනි අයව බේරා ගැනීමට නීති වේදීන් ඉන්නවා. මම නම් කරන්නේ මගේ කෙනෙකුට මෙවැනි දෙයක් සිදු වුවහොත් නැවත රථ පැදවීමට ඉඩ තියන්නේ නැහැ.(නදී)
මම හිතන්නේ රක්ෂණ සමාගම් වලට වඩා වැඩි වගකීම තියෙන්නේ යෝග්‍යතා සහතික දෙන ආයතන වලට. (ස)
සියලුම පාසල් වාහන රියදුරන් නැවත පරික්ශාවට ලක් කොට අලුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්න. මේ ළමයගේ පවුලට මිලියන 3ක වන්දියක් ලබා දෙන්න. (ස)
මගේ පෞද්ගලික අදහස නම් වයස අවුරුදු 60 ට වැඩි රියදුරන්ට මගී ප්‍රවාහනය ට ඉඩ නොදිය යුතුයි යන්නයි . මෙම පාසලේ රථ ගාල ඉතා ම ආරක්ෂිතයි. මෙතන වැරැද්ද නොසැලකිලිමත් රියදුරන්ගේ සහ නියම නඩත්තුවක් නැති වාහන වලයි. නමුත් දෙමාපියන් දැන ගත යුතුයි තමාගේ දරුවන්ව අනාරක්ෂිත වාහනවල සහ දුර්වල ( බීමට ඇබ්බැහි වුනු, වයසක, නොසැලකිලිමත් සහ අඩුවයස් වල ) රියදුරන් සහිත වාහන වලින් ඉවත් කිරීමට. තව කරුණක් මේ සමගම කිව යුතුයි, එනම් ප්‍රථමික පාසලේ සිට රථ ගාල දක්වා උමන් මාර්ගයක් තිබුනොත් ඉතා ආරක්ෂිතයි. උදේට සහ හවසට මෙම පාසල ලඟ විශාල වාහන තදබදයක් තියෙනවා. පාරේ සිට පාසලට එන විට දකුණු පැත්තේ විශාල කානුවක් තියෙනවා,. එය කොන්ක්‍රීට් ලෑලි දමා වසා දෙන ලෙස මම පෞද්ගලිකව පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. නමුත් මේ වනතුරු එය සිදුවී නැත. යලි අනතුරකට පෙර එම කානුව වසා දමාවි යැයි විශ්වාස කරනවා.මිය ගිය සුරතලාට දෙව් මව් තුරුලේ සැනසීම ලැබේවා කියා මා පතන අතර මෙවන් අකල් වියෝවීම් මින් මතු නොම වේවා කියා දෙවිදුන් ඉදිරියේ යදිනවා. (ස)
නීතිය ක්‍රියා කරන යාන්ත්‍රනය ඇරඹෙන්නේ පොලිසිය චෝදනාව ගොනු කිරීමෙන් සහ උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මේ සඳහා රජයේ නීති වේදීන්ගේ සහය පොලිසියට ලැබෙනවා. පොලිසිය අතේ තමයි නඩුව කොයි තරම් සාර්ථක වෙනවද, එහෙම නැත්නම් අසාර්ථක වෙනවද කියන එක රැඳී පවතින්නේ. ඒ කියන්නේ පොලිසියට පුළුවන් දිනන්න නඩු දාන්නත්, පරදින්න නඩු දාන්නත්. මෙන්න මේ වගේ අඩු පාඩු කම් හින්ද තමයි ඕනෑම කෙනෙකුට ඕනෑම වරදක් කරලා 'නිත්‍යානුකුල ලෙස' නීතියෙන් ගැලවෙන්න පුළුවන්. (නදී)
ළමයි පස් දෙනෙක් හිර වෙනකන් මේ දෙන්නා මොනවද කළේ? (නදී)
මෙවන් දේ මොහොතකටවත් නොඇසේවා.(නදී)
වැරදීමක් වැරදීමක් සමාව දෙනු. (නදී)
මේ රියදුරන් දෙන්නා තනිකරම මී හරක් වෙන්න ඕනේ.(නදී)
අයියෝ මේ මොන අපරාධයක්ද .? මල් වගේ පුංචි දරුවෝ අකාලේ මිය යන්නේ කාගේ වරදින්ද ඔය දෙමාපියන් දෙපලගේම දරුවෙකුවී උපදින්න වාසනාව ලැබේවා ..!!! ඔහුගේ දෙමාපියන්ට මාගේ බලවත් ශෝකය මේ අයුරින් පුදමි....!! රෝහල් ගත කෙරුණු සියලුම දරුවන්ට ඉක්මන් සුවය පතන්නේ කදුළු පිරුණු දෙනෙතෙනි....!!(නදී)
සිත කම්පා වන තොරතුරු පමණි අසන්න ලැබෙන්නේ (අ)
කාසි කබල් වාහන පාසැල් සේවයට ගන්නේ. මේවා අවරුදු 40 ට එහා පැරණි වාහන කිසිම ප්‍රමිතියක් නැහැ. එලවන්නේ වයසක අය. කන් ඇහෙන්නෙත් නැහැ ඇස් පේන්නෙත් නැහැ කිසි ප්‍රමිතියක් නැහැ. රජය මෙයට පිළියමක් යෙදිය යුතුයි.(නදී)
පේනවා නේද රියදුරන්ගේ වැඩ.(නදී)
ගොඩක් වාහන එලවන අයගේ කිසිම විනයක් නැහැ. ළමයින් කියන්නේ බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න සමනලුන් වගේ ඉන්න පිරිසක්. අපි වැඩිහිටියන් හැටියට ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන වගකීම තියෙන්නේ අපේ අතෙයි. බොහොම ප්‍රවේසමෙන් වාහන හසුරුවන්ට ඕනේ විශේෂයෙන් පාසැල වගේ ක්‍රීඩාංගන වගේ ළමයින් ගොඩක් ගැවසෙන තැන්වල. රියදුරන් ගොඩක් දෙනෙකුට හරිම හදිස්සියි. ළමයි ටික ඔහේ පටවා ගන්නවා බඩු හලනවා වගේ හලනවා. අවධානය මේ ඉන්නා ළමයින්ව ප්‍රවේසමින් ගෙදර අරලවන්ට නෙමෙයි ඊළඟ හයර් එකට පුළුවන්තරම් ඉක්මනින් දුවන්ටයි. අපරාදේ තවත් කොච්චර කල් ජිවත්වෙන්ට තිබුනද ඔය දරුවට. ඔහුට නිවන් සුව පතමි. අනෙත් දරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(නදී)
අන් පව් චූටි මල්ලි. මගේ මල්ලිගේ පන්තියේ ඉගන ගත්ත චූටි මල්ලියෙක්. ඔයාට දෙව් මව් තුරුලේ උණුසුම ලැබේවා!.මම මේ ඉස්කෝලේ අට වසරේ කයිල් ශේරෝන්. (නදී)
5ක් කොහොමද වාහන දෙකක් අතර හිරවෙන්නේ, රියදුරෝ නිදාගෙනද වාහන හොල්ලල තියෙන්නේ? පුතා ඔබට ස්වර්ග රාජ්‍යයේ දොරටු ඇරේවා. (නදී)
මෙවැනි දේවල් අහන්න දකින්න නොලැබේවා (දිල්)
පව්!!! මීට වැඩිය සැලකිලිමත් වෙන්න තිබුනා රියදුරන්ට. (නදී)
හැමදාම පාසල් දරුවෙකුට අනතුරක් වුනාම පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්තය කියනවා මේවා වලක්වන්න නීති සම්පාදනය කරනවා කියල. කෝ ඒ නීති. මම හැමදාම දකිනවා කුඩා දරුවෝ පටවගෙන කබල් වෑන් යනවා. වයසක රියදුරෝ ඔහේ පාර බලාගන යනවා. පුංචි ළමයි වීදුරුවලින් ඔලුව එලියට දානවා. ආරක්ෂාවට කිසිම ගෑණු කෙනෙක් නැහැ. රියදුරාත් වාහන අස්සෙන් යනවා. රූපවාහිනියට ඇවිත් මොකක් හරි වුනාම කයිවාරු ගහල වැඩක් නැහැ. දෙමවුපියන්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ දරුවා වාහනේකට දානකොට වාහනේ තත්වය , රියදුරාගේ හැසිරීම ආදිය ගැන හොයලා බලන්න. (ස)
පාසලේ විනය ඉහල මට්ටමක තිබුනත් විනයක් නැති රියදුරන් නිසා සිදුවන විපත් අහිංසක දරුවන් වන්දි ගෙවන එක ඉතාමත් කණගාටු දායකයි.(නදී)
රියදුරන්ගේ වගකීමකින් තොර වැඩ නිසා අපරාදේ අහිංසක දරුවන්ගේ ජීවිත. සමහර පාසැල් වාහන රියදුරන් පාරේ ගමන් කරන්නේ අධික වේගයකින් ගොඩක් අවස්ථාවල ඔවුන් වගකීමකින් තොරවයි තම රාජකාරිය කරන්නේ. කොහොම නමුත් මේ කරලා තියෙන්නේ නම් මහා අපරාදයක් හරිම කනගාටුයි.(නදී)
හරිම කණගාටුදායක සිදුවීමක්.මියගිය දරුවට නිවන් සැප ලැබෙන්න ඕන. රියදුරත් අවුරුදු 64ක් වන විශ්‍රාම ගිය ගුරුවරයෙක් කියල තමයි තිබුණේ. රියදුරත් අසරණ ඇති. අවුරුදු 64ක් වෙලත් පාසල් ප්‍රවාහන රථයක් එලවන්න වුණේ ආර්ථික පහසුකම් නිසා වෙන්න ඇති. නමුත් වාහන වල යෝග්‍යතාව නම් මීට වඩා පරික්ෂා කරනවා නම් හොඳයි. සමහර වාහන හරිම අවදානම්. (ස)
අයියෝ අහිංසක දරුවෝ, මෙයාල උදේ පාසැල් ගියේ මෙහෙම හවසට ගෙදර එන්නද? අනේ රියදුරු මහතුනේ ටිකක් කලපනාවෙන්.(නදී)
ඉතාමත් කණගාටු දායක සිද්ධියක්, අනේ මන්ද රටේ හැම තැනම නරක සිද්ධි විතරයි. මිනිසුන්ගේ මනුශ්‍යත්වය නැති වෙලා ඉවරයි. (ස)
අහිංසක දරුවා ගැන ගොඩක් දුකයි. රියදුරන් කල්පනාවෙන් වැඩ කළ යුතුයි. පුතේ ඔයාට නිවන්සුව පතමු.(නදී)
මේ පාසැල් වෑන් තහනම් කළ යුතුයි. මේ අයට සල්ලි මිසක් දරුවන් සමිබන්දව හැගීමක් නෑ (නදී)
හරිම කණගාටු දායක සිදුවීමක්, ඒවගේම එය සිදු නොවියයුතු දෙයක්. තුවාල ලද දරුවන්ට ඉක්මන් සුවය ද, මියගිය දරුවාට නිවන් සුවය ද පතමි. (නදී)
මොනවද මේ වෙන්නේ පව් මේ දරුවෝ.(නදී)
රටේ නීතියක් නැතිකම තමා මේ සේරටම මුල. මමත් දැකල තියෙනවා සමහර දෙමවුපියෝ ඉතාම කුඩා ළමයින්ව මෝටර් බයිසිකල් වල ගෙනියනවා කිසිම ආරක්ෂාවක් නැතුව. වැඩිහිටියෝ හෙල්මට් දාල. දරුවෝ නිකන්. පොලිසියෙන් බේරෙන්න හිතනවා මිසක ආරක්ෂාවට නෙවේ මුල් තැන දෙන්නේ. හැම පාසල් වැන් එක්කක්ම නිවාඩු මාසෙකට මුළු මුදලම අය කරනවා. එත් වාහනේ අලුත්වැඩියා කරන්නේ නෑ. පස්සේ කියනවා ටයර් ගෙවිලලු, බ්රේක් නැහැලු. (ස)
දළදා සමිදු පිහිටෙන් ඔබ සැමට ඉක්මන් සුවය පතමි. මියගිය චුටි පුතේ ඔබට මොක් සුව පතමි. රියදුරු මහතුනේ ඔබගේ නොසැලකිල්ල තමයි මෙවැනි අනතුරු වලට හේතුව. පොඩි දරුවන් ඉන්න තැන් වලදී වැඩිහිටි අපි මීට වඩා කල්පනාකාරී විය යුතුයි නේද ? (නදී)
මම නිතර දකින දෙයක් තමයි ඉතා කිට්ටුවෙන් බස් නවතා තිබීම. රියදුරන් කිසි වගක් නැතුව බස් එක එකපාරටම ඉස්සරහට ගන්නවා. එතකොට අනිත් බස් එකෙන් බහින මිනිස්සු බස් දෙක අතර හිර වෙනවා. බස් නැවත් වීම සඳහා බස් අතර අවම දුරක් තිබිය යුතුයි. එහෙම නැතිනම් බස් නැවතුම් පොලක බස් එකක් පිටුපසින් එකක් නැවත් විය යුතුයි. (නදී)
අපි කුඩාකාල පාසැල් ගියේ පයින් නැත්නම් බස් එකේ. එ්ත් අද මේ පාසැල් වාහන කියලා ත්‍රී විලර්වල වෑන්වල ළමුන් ගෙනයන ව්‍යාපාරයක් කරගෙන ඒවා තුල පොල් පටවනවා වගේ පටවාගෙන විදුලි වේගයෙන් යනවා. අැයි වාර දෙක තුනක් හයර් කරන්න පුලුවන් නිසා එහෙම කරන්නේ. මේ රියදුරන්ට ජීවිත සමිබන්ධව ඒ තරමි හැගීමක් නෑ මාසික මුදල අතට අාවා නම් එය තමයි බලන්නේ. මුදල් පුමාද උනොත් ළමුන්ව දාලා යනවා. දෙමව්පියනුත් දරුවාව පාසැල් වාහනයට දැමිමාට පසුව හරිම නිදහසකින් ඉන්නේ? දෙමාපියනි, තමුන්ෙග් දරුවන්ට අාදරයක් තියෙනවා නම් තමුන්ගේ දරුවන් සමිබන්ධව මෙයට වඩා සැලකිලිමත් වන්න (නදී)
මියගිය මල් කැකුළට මොක් සුව පතන අතර රෝහල්ගතව සිටින දරුවන්ට ඉක්මන් සුවය පතනවා. ඉතාම හොඳ කාලෝචිත, වැදගත්, චෝදනා,යෝජනා අදහස් රැසක් ඉහත සදහන් වෙනවා. මීට පෙරත් මෙවැනි අදහස් යෝජනා චෝදනා අනන්තවත් තිබුනා. කෝ ප්‍රතිපල. වග කිවයුතු සැමදෙනාම නිහඩයි. අනෙක අපේ රටේ රිය දුරන් ගැන කතා කිරීමට පෙර ඔහුන්ට බලපත් ලැබුන හැටි සොයා බැලිය යුතුයි. රියදුරු පාසල් වැහි වැහැලා. මොනවද වෙන්නේ. යන්තම් ටිකක් වාහනය හසුරවන්න පුහුණු කරනවා. මාර්ග සංඥා ටික ලිකිත පරීක්ෂනයට එන ටික කටපාඩන් කරවනවා. පරීක්ෂකට අතයට මුදල දෙනවා. සමාර්තයි. කෝ ප්‍රමිතිය? දෙවනුව සියලුම වාහන වාර්ෂිකව ලියාපදිංචියට යනවා. ඒ සදහා තත්ත්ව පරීක්ෂන වාර්තාවක් ඉදිරිපත් කලයුතුයි. එම වාර්තාව දීම සදහා ලියා පදිංචි වූ ගරාජ තිබෙනවා. කිසිම පරීක්ෂනයක් නැහැ. එන්ජිමේ හා සැකිල්ලේ අංක බලලා එය හරිනම් නියමිත මුදල ගත්ත සහතිකය දුන්නා. හොදම විහිළුව මේ ගරාජ්වල ප්‍රායෝගික පුහුණුවක් ලබපු කාර්මිකයෙක් හෝ නැහැ. නමුත් කොලේ අස්සන් කරලා තිබෙන්නේ සහතිකලත් ඉංජිනේරු මහත්මයෙක්. ඔහු මේ ගරාජය තියෙන තැනවත් දන්නේ නැහැ. සහතික පොත අත්සන් කරලා දීල තිබෙන්නේ මුදලට. ඔහුගේ උගත්කම කොතනද? එතනත් කෝ ප්‍රමිතිය. තෙවනුව අපේ පොලීසිය. වැරදි ලෙස වාහන හසුරවන අය නවත්වනවා. ඉන්නෙම පාලු තැන්වල වෙනදේ කියන්න ඕනේ නැහැනේ. කෝ ප්‍රමිතිය? (නදී)
ටෙනිසන් ඔබගේ අදහස් සම්පුර්ණ ඇත්ත මමත් රියදුරු පාසලකින් තමා ඉගනගන රියදුරු බලපත්‍රය ගත්තේ. නමුත් ගොඩක් අය මාර්ග නීති පිළිපදින්නේ පරීක්ෂණයට පෙනී හිටලා බලපත්‍රය ගන්නකම් විතරයි. (දිල්)
හරිම කනගාටුදායක පුවතක් (දිල්)
කගේ හෝ වරදින් වටිනා ජිවිතයක් අහිමිවීඇත , අදර චුටි පුතේ ඔබ දෙව්මව් තුරුල කර ළඟා වේවා මව්පියන් හට මෙම දුක දාරගැනීමට නොහැකි වනවා නියතයි , මෙවැනි රියදුරන් සදහා නිසි වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම , සකස් කළ යුතුයි ,(දිල්)
පාසල් වෑන් රථ වල යන ළමයි පුදුම දුකක් විදින්නේ. ඒ ළමයි කාට කියන්නද මොකද රණ්ඩුවෙන්නද පොඩි ළමයිනේ. දෙමාපියන්ට ඕන උදේ දෙමවුපියන්ට කරදර වෙන්නේ නැතුව ළමය පාසලට ඇරිය කියල ඇපෙන් බේරෙන්නයි. ඊට පස්සේ ළමය මොනවා වෙලා හරි ගෙදර අවොත් ඇති. බහුතරයක් පාසල් වෑන් රථ රියදුරෝ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන්. පොලිසිය වගේම දෙමාපියනුත් තමන්ගේ වටිනාම වස්තුව තාවකාලිකව භාර දෙනකොට සිතිය යුතුයි කාටද අපි අපේ ළමය භාර දෙන්නේ කියලා. මෙම රියදුරාට මිනී මැරීම් චෝදනාව යටතේ නඩු පැවරිය යුතුයි. (නදී)
අපේ රටට මොනවාද මේ වෙලා තියන්නේ. දෙයියනේ මේ මොන පාප කරුමයක්ද. මේ රියදුරු මහතුන්ගේ බලපත් කෙලින්ම තහනම් කරන්න ඕනා. මියගිය දරුවට නිවන් සුව.(නදී)
අයියෝ මේ මොන අපරාදයක්ද මේ දරුවා උදේ ගෙදරින් ගියේ හවසට මෙහෙම ගෙදර එන්ඩද ?රියදුරු මහතුනේ මිට වැඩියෙන් තම වග කීම ඉටු කරන්ඩ. පුතේ නුබට නිවන් සුව පතන්නෙමි (නදී)
ප්‍රවෘතිය කියවද්දී මටත් හිතුනෙම මි හරක් දෙන්නෙක් තමයි රියදුරු අසුන් දෙකේ ඉඳලා තියෙන්නේ කියලා. (නදී)
මේ සිසුවා කෑගහන සද්දෙවත් කාටවත් ඇහුුනෙ නැද්ද? (නි)
අපරාදේ ලයිට් හතරේ ෂෙල් මොඩ්ල් එකක්. හොයාගන්නත් අමාරුයි. (ස)
චමත්ට මියගිය දරුවා හා තුවාල වුණ දරුවන් ගැන අමතකයි. චමත්ගේ කෙටි සටහනින් ලංකාවේ අද නියම තත්ත්වය මොනවට පැහැදිලි වෙනවා. (නි)
මම දකින විදියට ප්‍රශ්නයේ මුල තමයි බොහෝ දෙනා තමන්ගේ ළමයින්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට දුර ඈත නගරයේ පාසල් වලටම යොමු කිරීම. ළමයන් දවසකට පැය 03 ක් වත් මහමග. දම්වැල් 18 ඇතුලත ලංගම පාසලට දැම්ම නම් මේ ප්‍රශ්න බොහෝ අඩු වෙයි. ළමා කාලයත් වඩා සුන්දර වෙයි. එත් අද හැම දෙයටම තියෙන තරඟයේ ප්‍රතිපලයක් තමයි මෙවැනි දේ. ගෙදර සිට පැය බාගයකින් යන්න පුළුවන් පාසලට නොයවා පැය 1 1/2 දුර පාසලට දමා එම දුර පැයකින් යාමට බලාපොරොත්තු වෙනවා. (ස)
මම දැකල තියෙනවා බොහොමයක් පාසල් වන වල පොල් පටවල වගේ ළමයි දාගෙන යනවා. පවු පොඩි දරුවන්ට වාඩි වෙන්නවත් ඉඩක් නෑ. ළමයින්ට හිටගෙනත් නින්ද යනවා. නීති වල තියෙන දුර්වලකමින් තමා කූට වෑන් රියදුරෝ ප්‍රයෝජන ගන්නේ. අහිංසක මල් කැකුළු තමා ඒවාට වන්දි ගෙවන්නේ. (ස)
අනේ අසරණ දෙමව්පියෝ මොනතරම් දුක් විදල ද ඔයවගේ පාසල්වලට දාන්නේ...රථගාලේ වාහන එහාමෙහා කරනවා බලන්න ආරක්ෂයෙක් දාන්න බෑරිද? අනෙක පාසැල් වෑන්රථ රියදුරන්ට අඩුම ගානේ පලපුරුද්ද වසර 20 වත් තිබිය යුතුයි කියා නිතියක් වත් එනවනම් මීටවඩා අනතුරු අඩුවේවි. (ස)
දැන් දින කිහිපයකට ඉහතදී ද මේවැනි සිධියක් ඉන්ධන පිරවුම් හලකත් වෙලා වටින ජීවිතයක් අහිමි වුණා නේද? රියදුරන්ගේ කිසිම වගකීමක් වගවීමක් නෑ. මේවා සොයාබලන බලධාරීන් මොලය උඩ ඉදගෙන වැඩ කරන පිරිසක්ද? අනේ මන්දා. උදෙන්ම ගෙදරින් පිටවූ මේ රජ පැටියාගේ ජීවිතය ආපහු කාටද ගන්න පුළුවන්. විශේෂයෙන් අම්ම කෙනෙක් කොහොමද දරා ගෙන ඉන්නේ. මේ දරුවට මතු බවයෙදී නම් මෙවන් අකල් මරණයක් නම් නොම වේවා!!! (නදී)
මෙයාලා වගකීම සහ ජීවිත වල වටිනාකම නොදන්නා නොමිනිසුන්. (නදී)
මල් වගේ දරුවෝ හදලා මේ වගේ දේවල් දෙමව්පියන්ට අහන්න පුළුවන් වෙයි ද ? මේ නරුමයෝ මෙච්චර දෙයක් වෙනකන් මොනවා ද කෙළේ ? රටේ අපරාද බොහොම වැඩියි (නදී)
ඉස්සර වගේ පාසල් බස් රථ තිබුනා නම් ළමයින්ට යන්න, මේ කිසි කරදරයක් නැහැ. (නදී)
පාසැල් වැන් කාරයෝ නිවාඩු මාසෙටත් දෙමාපියන්ගෙන් සල්ලි ගන්නවා. ඒ මාසේ ඒගොල්ල වෙන බිස්නසුත් කරනවා. ඉතාම පහත් වැඩත් පාසල් වැන් ඇතුලේ වෙනවා. සල්ලි ගැන විතරයි වැඩි දෙනෙක් බලන්නේ, ළමයි ගැන තියෙන සැලකිල්ල මේ සිදුවීමෙන් පේනවා නේද? (නදී)
රියදුරාට වයස අවු.80යි, වාහනේ බ්‍රේක් නෑ. ඉතින් අහන්නත් දෙයක්ද මෙහෙම අපරාද වෙන එක. වාහනේ රෝද වලට තියලා තිබුන ගල් ඉවත් කරාට පස්සේ තමයි ගිහිල්ලා නවත්වලා තිබුන අනිත් වාහනේ වැදිලා තියෙන්නේ, රථ ගාලේදි. (නදී)
මේ වගේ අය එක්කනේ ළමයි පාසැල් යවන්නේ.(නදී)
ආදරණීය චුටි පුතේ, ඔයා හැමදාමත් දෙව් මවගේ තුරුලේ සැතපෙන්න. මමත් ඔය විද්‍යාලයේ ආදී ශිෂ්‍යෙයක්. (ස)
නීති හරියාකාරව පිළිපදින රටවල පාසෙල් බසයට නැගීම හා බැසීම කරන අවස්තාවේදී බසයේ රියදුරු රථයේ රතු එලි දල්වා සිසුන්ට ආරක්ෂාව ලබා දෙනවා මෙන්ම එම අවස්ථාවේ බසයේ අවට ප්‍රවාහනය වන වාහන එම බසයේ දල්වන ලද රතු එලිය නිවා දමන තුරු නවත්වා තබා ගනිමින් කරන ක්‍රියාව දකින විට අපේ රටේ පාසැල් බස් රථ වලින් මෙන්ම අවට වාහන වලින්ද දරුවන්ට උදා කර දෙන්නේ මාරක විපත්මය. මා දකින ලෙස මෙලෙස වෙන්නේ අපේ රටේ ඕනෙම කෙනෙකුට කිසිම ප්‍රමිතියකින් ,නීත්‍යානු තාවයකින් තොරව දැන හැදුනුම් කමට, බලයට , මුදලට ඕනෙම බලපත්‍රයක් අරගෙන ඕනෙම කාර්යයක යෙදීමට පුළුවන් කම අපේ රටට පුරුදු පුහුණු කර තිබීමේ හේතුව නිසාවෙනි. (නදී)
සුනේත්‍රා, ඔබ කියන දෙය තර්කයක් වශයෙන් හරි. නමුත් එය ප්‍රායෝගික නැහැ. දෙමාපියන් තම දරුවන් නගරයේ වඩා හොඳ පාසලකට දමන්නේ ඇයි කියා හිත බලන්න. ගමේ පාසලේ සහ නගරයේ වඩා පහසුකම් තිබෙන පාසල් අතර වෙනස මේ කපේදී නැති වෙන්නේ නැහැ. (නි)
කොහොමද හිරවුණේ? අපේ ළමයකුට උප දෙසක් දෙන්න වත් කතාව දන්නේ නැහැනේ. වාහනයට නගින්න ගිහිල්ලද, නතර කර තිබුන වාහන දෙකක හිර වුනාද, එහෙම නැත්නම්, රියදුරන් ළමයින් හිර කලාද? (නදී)
පාසල් දරුවන්ට රියදුරන් අතින් සිදුවුන පළමු අනතුර මෙය නොවේ. ඒ නිසා සියලුම පාසල් ප්‍රවාහන රියදුරන්හට දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් ආරක්ෂාව පිළිබද වැඩමුළු පැවැත්විය යුතුයි. උපදෙස් නොපිළිපදින රියදුරන්ගේ රියදුරු බලපත්‍ර ජීවිතකාලය තුලම අවලංගු කලයුතුයි. නීති ලිහිල්වන තරමට අනතුරු සුලබ වන බව වග කිවයුතු අය දැනගත යුතුයි. (නදී)
හරිම කනගාටුයි. මෙහෙම දරුවන් වාහන අතර හිරවුණේ කොහොමද ? මියගිය දරුවාට නිවන් සුව පතමි. අනෙක් දරුවන් ටත් ඉක්මන් සුවය ලැබේවා. (නදී)
මේ රටේ දරුවෝ කී දෙනෙක් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා මැරෙනවාද? අන්තිමට කියන්නේ මේක දරුවගේ කරුමෙ කියලා. එක්කෙනෙක් ගල් රෝලට යටවුනා. දැන් තව කෙනෙක් වෑන් එකට හිරවෙලා. තව පිරිසක් ඩෙංගු හැදිලා මැරෙනවා. මේවාට හේතුව කරුමෙ නොවේ. තමන් සතු වගකීම ගැන හැගීමක් නැති කම. රටේ නීතිය මේවාට එරෙහිව ක්‍රියාත්මක නොවීම. දියුණු රටවල මෙහෙම නොසැලකිලිමත්කම නිසා ඇතිවෙන මරණ ගැන අහන්න ලැබෙන්නේ නැහැ. මොකද දරුවන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක වන නිසා. රියැදුරන්, විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත සමාජය ඒ ගැන වගකීමකින් හිතන නිසා. මේ තත්ත්වය වෙනස් කරන්න දේශපාලඥයින්ට උවමනාවක් නැහැ. මේවාට විරුද්ධව හඬක් නගන්න මාධ්‍ය දැනුවත් වෙලා නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය පසුපසම පමණක් දුවන බොහෝ දෙමාපියන්ට අවබෝධයක් නැහැ! ලංකාදීපය ඇතුළු මාධ්‍ය මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කාලයයි මේ! (නදී)
වාහනේ ස්ටාර්ට් නැතුව තල්ලු ස්ටාට් දල තියෙනවා. බ්රේක් නැහැ කියල දන්නේ පස්සේ. මෙතන වැරැද්ද කාගේද කියල කියන්න අමාරු උනත් දැනට වැරදිකරුවා රියදුරයි. තවත් දෙයක් කියන්න ඕනා ඕනෑම වාහනයක නිවරදි ක්‍රියාකාරිත්වය ගැන වග කියන්න ඕන කට්ටියක් ඉන්නවා එයාලට කියන්නේ "ඉන්ෂුවරන්ස් කාරයෝ" කියලයි මෙයාල වාහන හදන බාස්ල නොවුනත් අර ඔප්ෂන් මේ ඔප්ෂන් දීල වාහන බිලි බා ගන්නවා. වාහනවල තත්වය බලන්නේ නැහැ. එවෙලේම මුදල් දෙනවා කියනවා. අර සමාගමට වැඩිය අපේ හොඳයි කියනවා. සල්ලි ලැබෙනවා නම් ඕන කුණු ගොඩක් රක්ෂණය කරනවා. අඩුම ගානේ හදිසි තත්ත්ව පරීක්ෂාවක් වත් කරනවද ඊ ළඟ අවුරුද්දේ රක්ෂා සහතිකේ දෙන්න කලින්. රියෝදුරොත් හතිදාගෙන දුවනවා. එහෙන් දානවා මෙහෙන් දානවා හප්පා ගන්නවා ප්‍රශ්නයක් නැ "පුල් ඔප්ෂන්" කියනවා අඳුරන කෙනෙක් ලව්වා රිපෝර්ට් ගන්නවා අලාබෙ ඉල්ලනවා. දෙන්න බැ කිව්වොත් තව සමාගමකට යනවා එයාලත් එන්න එන්න අපේ හොඳයි කියනවා. කවුද හරි? (නදී)