
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල බස් නැවතුම්පොළේ බසයක් එනතුරු සිටි සිසුවකුට පොලිසියෙන් බව පවසා පැහැගෙන ගොස් පාළු ප්‍රදේශයකදී ඔහු පැළඳ සිටි රන්මාලය මංකොල්කා පළාගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
සිසුවා අමතර පන්ති නිමවා නිවෙස කරා යාමට බසයක් එනතුරු රැඳි සිටියදී යතුරු පැදියකින් ආ දෙදෙනකු තමන් වලානෙන් බව පවසා ඔහු යතුරු පැදියේ නංවාගෙන දොඩම්ගොඩ පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇඳ සිටි කමිසය ගලවා රුපියල් 1,50,000 පමණ වටිනා රන් මාලය මෙසේ කොල්ල කා පලා ගොස් ඇත.
එම සිසුවා බුලත්සිංහල ගෝවින්නේ පදිංචිකරුවෙකි. බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුවෙකුට රන් මාලයක්...?
ඇත්තටම මේ දරුවගේ වැඩිහිටියන්ට මොලේ අමාරුවද? රත්තරන් මාලයක් පළඳවලා පන්ති යවන්න. ඒකෙන් දරුවගේ ජීවිතයට වුණත් හානියක් සිදුවෙන්න පුළුවන් කියලා තේරෙන්නේ නැතිද? බොහෝ අවස්ථාවලදී, මංකොල්ලකරු අඳුරගත්තා කියලා හිතුණොත් ජීවිතේ හානිවෙන්න පුළුවන්..
පාසල් ළමයින්ට ක්ලාස් යද්දී, රත්තරන් බඩු පැළඳීම අවශ්‍ය නැහැ. මෙය දෙමව්පියන්ගේ වැරැද්දක්. හොරකම හරි කියන්න. නමුත් ඔය මාලය නිසා ජීවිතයට හානියක් වුණා නම් ...!
ලංකාවේ ප්‍රමිතියෙන් අඩු මාලයක්වත් පළඳින එක අවදානම්...!
මේ කොල්ලට හොඳ වැඩේ... ඇයි ඉස්කෝලේ යන කෙනෙකුට මෙච්චර වටිනා මිලයක් මොකටද? ඉස්සෙල්ලම දෙමව්පියන්ට දඬුවම් කළ යුතුයි. මෝඩ දෙමව්පියන්...!