ගම්පහ හේනේගම පාසලක 13 වැනි ශ්‍රේණියේ සිසුවකු පාසල අවසන් වීමෙන් පසු තවත් සිසුන් සිව් දෙනකුට පිහි තලයකින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් ගම්පහ රෝහලේ ද තවත් සිසුවකු රදාවාන රෝහලේද ප්‍රතිකාර ලබති.
පෞද්ගලික ආරවුලක් මත මෙසේ සිසුවා පහර දෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත බය කරලා නිකන් හිටියොත් ඕවා තව තව සුලබ වේවි. අවුරුදු 2 ක් වත් පුනුරුත්තාපන කදවුරක රදවන්න. ඒකයි නීතිය.(බ)
සමහරවිට හුගක් අහිංසක ළමයෙක් වෙන්න ඇති. ඒත් පන්තියේදී පාසලේදී මේ ළමයව නිතර විහිලුවට ලක්කරමින් කරදර කරන උපහාසයට ලක්කරන තවත් කණ්ඩායමක් ඇති. ඉවසන්න බැරිම තැන එවැනි දෙයක් සිදුවෙන්න ඇති. අවවාද කර කරුණු තේරුම්කර නිදහස් කළොත් ළමයා යහමඟ යාවී. කෝසල කියන විදියට පුනරුත්තාපන කඳවුරක දැම්මොත් ළමයාගේ අනාගතයට ලොකු කැළලක්. (නි)
පාසල් කාලේ ඔය වගේ වැඩ වලට දරුවන් යොමුවීම සාමාන්‍ය දෙයක් වුණත් දැන් එය ප්‍රචණ්ඩත්වය දක්වාම ඉහළ ගිහින්. පොලිසියේ මහත්වරුනි , දඬුවම් දෙනවා කියලා බයකරන්න. පොඩි එවුන් ඕවා කරන්නේ නැහැ ඊටපස්සේ (නි)
මොකක්ද ප්‍රශ්නයට මුල.(හේ)