පිළියන්දල ගොරකා පිටියේ නිවසකින් පරවියන් 30 දෙනකු සොරා ගත් පාසල් සිසුවකු මොරටු පොළේදී මිතුරකුද සමග එක් වී ඉන්14 දෙනකු විකුණා ඇතැයි පොලීසිය කියයි.
පරවියෙකුගේ අඩුම මිළ රුපියල් 400 කි. ඉතිරි පරවියන් 16 දෙනා සමග සිසුවාද ඔහුගේ මිතුරාද සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් කොල්ල කාලේ මේ වැඩේට යාලුවෙකුට උදව් දීල තියෙනවා ඒ කොලු කමටඑ, ආසාවට, පරවියන්ට තියෙන ආදරේට විකුනන්නම් නෙවෙයි , මේ මෝඩ කොල්ලා විකුණලානේ, මේ වැඩේට පොලිස්යෙන් නම් හරිම තදයි, හොඳම දේ අයිතිකාරයොත් එක්ක කතා කරලා පාඩුව ගෙවල, පෙර වැරදි නැත්නම් මේ වගේ දේවල් නොකරන්න අවවාද කරන එක තමයි හොඳ ම නේද ? (ස)
පැටියෝ, ඉස්කෝලේ තාප්පවල තීන්ත ගාන්නද ඔය වැඩේ කළේ කියාපන්. කලින් අය කිව්වෙත් එහෙමනේ. (නි)
පරවියන් හදන ඉලන්දාරි බොහොමයක් මේ හොරකම කරනවා.සල්ලි වලට පරවියන් ගන්න පැමිණ තොරතුරු රැස් කරගෙන රාත්‍රියක හරි ගෙදර නැතිවෙලාවක් බලලා වැඩේ කරනවා (නි)
ෆොටෝ එක ඒ විකුණපු පරෙවියෙකුගේ ද ? (නි)
අර තීන්ත ගාන්න පොල් හොරකම් කළ කතාව මම නම් පිළිගන්නෙ නැහැ. මේ වැනි හොරකම් වලට දැඩි දඬුවම් දිය යුතුයි (නි)
වරුණට හොඳට පුරුදුයි වගේ පරෙවි හොරකම! (නි)
මගේ ළගත් ඉන්නවා පරවියෝ. ටිප්ලර්ස්,ඉන්දියන්... අවශ්‍ය වර්ගයක උන් (නි)
පරෙවියන්ගෙන් අද පටන් ගෙන හෙට හරක් හොරකමේ වුණත් යන්න බැරි නැහැ. මොහුට දඩුවම් දී හොද පුරවැසියෙක් කරන්න (නි)
"මගේ ළගත් ඉන්නවා පරවියෝ. ටිප්ලර්ස්,ඉන්දියන්... අවශ්‍ය වර්ගයක උන්" ඔන්න මම නොවෙයි කියන්නේ "පරවියන් හදන ඉලන්දාරි බොහොමයක් මේ හොරකම කරනවා. සල්ලි වලට පරවියන් ගන්න පැමිණ තොරතුරු රැස් කරගෙන රාත්‍රියක හරි ගෙදර නැතිවෙලාවක් බලලා වැඩේ දෙනවා. (ස)
පරවියන්ට පෙර නිදන් හොරු අල්ලන්න (නි)
වරදට සමාව දෙමු. (ස)
මේ ළමයින්ව ළමා උසාවියකට දමන්න. ලොකු අය එක්ක දාල නිකන් තවත් ලොකු කම් පුරුදු කරන්න එපා. සුළුවට තේරුම් කරලා දෙන්න. දෙමව්පියන්ට උපදෙස් දෙන්න. ළමයින්ව මෙහෙම යැව්වට. (ස)
පරෙවියන් හොරකම් කළාට දඩුවම් , වරෙන්තු පිට ඉන්න හොරුන්ට රජසැප. (නි)
පරෙවියන් හොරකම් කලට දඩුවම් , වරෙන්තු පිට ඉන්න හොරුන්ට රජසැප. (ස)
මගේ 'බබී' නම් හොරකම් කරන්නේ නැහැ.හැබැයි අතට හසුවෙන දේවල් විකුණගෙන කනවා. (නි)
මොහුට දඩුවම් දී හොද පුරවැසියෙක් කරන්න.(ස)
ඉස්කෝලේ තාප්පවල තීන්ත ගාන්නද ඔය වැඩේ කළේ.(ස)