IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට

(කුරුණෑගල අධිකරණ වාර්තාකරු)

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස අවුරුදු 18ට අඩු තවත් සැකකරුවන් 6 දෙනකු අප්‍රේල් 29 දක්වා ගම්පොල ළමා නිවාසයක් භාරයේ තැබීමටත් පිලැස්ස මහේස්ත්‍රා ඩබ්ලිව්.එම්.එස්.එල් දසනායක මහත්මිය අද නියෝග කළාය.

වෙලගෙදර පොලිස් වසමේ රිදීගම අංහංදිය ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පිරිමි ළමයකුට තවත් පිරිමි ළමුන් කිහිප දෙනකු එක්ව පසුගිය 16 වැනි දා  අතින් පයින් හා හෙල්මට් එකකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබුණි.

සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ පිරිමි ළමයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ පෙරවරුවේ මිය ගියේය.

එලෙස මියගොස් ඇත්තේ සැකරලියා වත්ත, හැවන්පොළ ප්‍රදේශයේ පදිංචි ජෝශප් තිළිණ විරාජ් නමැති වයස අවුරුදු 16ක පාසල් වියේ පසුවන පිරිමි ළමයෙකි.

 



අදහස් (3)

සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට

ගුණරත්න Wednesday, 23 April 2025 06:37 PM

දැන් මොවුන්ගේ ජීවිත කාලෙම මිනිමරුවෙක් කියන හංවඩුව වැදිලා තියෙනවා. මොවුන්ගේ ළමයිනුත් මිනීමරුවෙක්ගෙ ළමයි...! ඔන්න වැඩි දුර කල්පනා නොකිරීමේ වරද...!

:       0       0

Perakum Thursday, 24 April 2025 04:51 AM

මහ උන් හිටගෙන කරනකොට පොඩි උන් දුව දුව කරනවලු…!

:       0       1

Lalla Thursday, 24 April 2025 07:50 AM

ගෙවල්වල පවුල් පසුබිම තියෙන විදියට තමා දරුවෝ හැසිරීම....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site