සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කෝතලාවල රෝහලේ සිට ගිලන් රියකින් අද (23) අළුත්කඩේ මහාධිකරණයට ගෙන එනු ලැබීය.
සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කෝතලාවල රෝහලේ සිට ගිලන් රියකින් අද (23) අළුත්කඩේ මහාධිකරණයට ගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දියුණුව ඉතා හොඳට පෙන්නුම්කරන උදාහරණයක් තමයි අපි මේ දකින්නේ . රෝද පුටුවක් ඉහල තැනකට ගෙනයාම සඳහා පහසුකම් නැත . ඉස්පිරිතාලවලත් මෙම පහසුකම් නැත. (ර)
සිසිලියා රටට සිසිලක් දුන්නානම් කර්මය පලදෙනවා. (ර)
ධර්මයට අනුව කර්මය පලදෙනව , හොඳක් වෙන කාලේ ඔක්කොම හොද වෙන්නේ ආගම නිසා කියල හිතන්න එපා. එතකොට නරක සිදුවෙන කොට කියන්න දෙයක් නැතිවෙනවා. (බ)
දැක්කහම දුක හිතෙනවා (නි)
මට නම් ලෙඩේ ගැනත් විශ්වාසයක් නැහැ. මුළු රටම රවටපු අය මේගොල්ලෝ. (නි)
මුදලට වඩා සොබා දහම බලගතුයි. (ර)
අසෝකා, ඔබ කතාකරන්නේ හරියට දැනගෙනද? මේගොල්ලෝ ගැන කියන්න වචන නැත. බොහොම අයට බොහෝ සත්කාර කළා කිවුවට විශ්‍රාම වැටුප තැන්පත් කළ පවුල් වලට මොකද වුණේ? (නි)
තිලක්, ඕවට රැවටෙන්න එපා. මේගොල්ලන්ගේ රඟපෑම් වලට හසුවී අනාථ වුණ පවුල් ගැන සිතන්න. මමත් වෙනත් ආයතනයක මුදල් තැන්පත්කොට මුදල් නැතිකරගත් කෙනෙක්. මේවාට රැවටෙන්න එපා. (නි)
අපි මේ සිදුවීම් දෙස ගැඹුරින් බැලිය යුතුයි (නි)
ලංකා ශ්‍රී, ඒ අපි හිතන විදිය. නමුත් ඒගොල්ලෝ හිතන්නේ පව් සමාකර ගන්න පුළුවන් කියලා. ඔතනයි වෙනස. (නි)
පව් දැන් මේ අයවත් නිදහස් කරලා දාන්න.(හේ)
අනේ මෙයා පවුනේ. (ර)
අද ලංකාවේ ගොඩක් අයට කර්මය පල දෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය ලෙස. (ර)
සිසිලියා යනු ඉතාමත් ගුණවත් කාන්තාවක් බවයි අප නම් දැනගෙන හිටියේ . (ර)
දැනට එංගලන්තයේ නිදහස් ව්‍යාපාරික ජීවිතයක් ගතකරන රොහාන් පෙරේරා නම් වූ ප්‍රමුඛ බැංකු හොරාව අල්ලන්නේ නැද්ද? (බ)
ඉමේෂ්, මොනවද ඔබ ඔය කියන්නේ? ආබාධිතයෙකුට කොහොමත් තනිවම යන්න බැහැ කිසිම තැනක. ඉතින් ඕකට රජය පලිද? (නි)
මානෙල්ට ලෝකය ගැන දැනීම බොහොම අඩුයි වගේ (නි)
පහුගිය රජය කාලේ රට සංවර්ධනය කළාලු. පේනවානේ රටේ දියුණුවේ තරම. ආබධිතයෙකුට තනිවම යන්න බැහැ කිසිම තැනක. (නි)
අනේ පවු! (නි)
කරන කලට පව් මිහිරිය මී සේ. (ර)
දකිනකොට නම් දුක හිතෙනවා (නි)
දිට්ට ධම්ම වේදනීය කර්ම යනු මේ ආත්මයේම පල දෙන ඉතා සුළු වූ පාප කර්මයි. අන් සියලු පාපයන් මරණින් මතු නිරයේ , තිරිසන් ,අසුර හෝ භුත ආත්ම වශයෙන් අවුරුදු කොටි ගණන් විදවන්නට සිදුවනු ඇත. වහා වහා පාපයට බිය ඇති කරගන්න. (ර)
මේ වයසක කෙනාව අවවාද කරලා ගෙදර යවන්න තිබෙන්නේ. මෙයාගෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන ගෙදර යවන්න . (ර)
මමත් අනුලාගේ අදහස දරනවා. මිනිස්සු වැරදි වහ ගන්න හොඳ මුණක් රටට පෙන්නන්නත් සමාජ සේවය කරනවා. (බ)
ෂෙල්ටන් ඔබ කියන දේ හරි. ඔවුන්ගේ වත්කම් විකුණලා මුදල් දෙන්න පොරොන්දු වෙද්දීත් පසුගිය රජය එය ප්‍රතික්ෂේප කරලා නඩු දැම්ම. අසරණ වුනේ මුදල් තැන්පත් කළ සාමාන්‍ය පවුල්වල අය. ලොකු ලොක්කෝ ජාමේ බෙර ගත්තා.(හේ)
මෙතුමිය හුඟක් කරුණාවන්ත කෙනෙක්. මතකද අර වෛද්‍ය ශිෂ්‍ය සමිතාට ගොඩක් උදවු කළා. ඔබතුමියට නීරෝගී සුව! (නි)
වරද කාගේ වුණත් මටත් දරාගන්න බැරි මුදලක් නැති වුණා (ම)
මේ ආත්මයේදිම පටිසන් දීලා. බොහොම හොඳ දඬුවම. (නි)
ඇත්තටම ලෙඩෙකුට රෝද පුටුවට වාහනෙන් බහින්න හැකි ගිලන් රථයක් ගන්න පුද්ගලික රෝහල්වලට බැරි ඇයි? උවමනාවක් නැති කම, රජයේ රෝහල් ගැන නම් අපි හොඳට දන්නවනේ. (ර)
ඇයි රැදවියන්ගෙන් වැඩ ගන්නේ. (ර)
ඇත්තටම මෙතන මොනාද වුනේ ? අපි දන්නා තරමින් ව්‍යාපාරයක් කඩා වැටුනම ඒ ව්‍යාපාරයේ දේපොළ වෙන්දේසි කරලා අලාබය ගෙවනවා (හේ)
දිට්ඨ ධම්ම කර්ම කියන්නේ මේ ආත්මයේම පලදෙන කර්ම. නමුත් මම දන්නා විදියට මේ දොපොලම මේ ආත්මයේ තමන්ට දරුවන් නොමැති නිසා බොහොම අයට බොහෝ සත්කාර කලා . දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා නිසා මොවුන්ට පෙරකළ කරුමයක් ගෙවන්න සිදුවෙලා. (හේ)
බුදුදහම සත්‍යයයි (නි)
සුනාමියෙන් පසු කොතරම් පිරිසකට උපකාර කළාද? කොතැනක හෝ වැරදුනු තැනක් ඇති. අැය නිවැරදි කර නිදහසේ කලය ගතකිරීමට සැළැස්වීම රජයේ වගකීමක් (නි)
ලංකාව වගේ කලදේ අමතක කරන ගුණමකු ජාතියක් තවත් ඉන්නවාද. කෙනෙකුගේ වැරැක්දක් අල්ලාගෙන එකටම පළිගහමින් විනිශ්චය කරන්නෝ මෙරටේ බොහොය්. ඇයි මතක නැත්තේ කොතලාවලලා කරපු උදව් මිනිස්සුන්ට; සුනාමි කාලේ, පිටරට හිරවෙලාහිටපු දහස් ගණන් සෙනග ගුවන්යානා යවලා ගෙනාපු හැටි. තවත් බොහෝ උදව් රටේ මිනිස්සුන්න්ට කරපුවා. (බ)
මම අහල තියෙනවා මේ අය බුද්ධාගම අතහැරලා මිෂනාරි ආගමක් වැළදගෙන සෝම හිමියන්ගේ අපවත් කිරීමටත් වගකිය යුතුයි කියල (බ)
මේ මනුස්සයට නම් ඇත්තටම ලෙඩ වගේ , විමල්ගේ හාමිනේ වගේ පුටුවෙන් බැහැල දුවන්න බෑ.(කෞ)
කාලය මැවු වෙනසක අරුමේ (කෞ)
ලංකාවට ගොඩ බසිද්දී ඉහෙන් බහින රෝගයක් තිබුණේ නැහැ. රිමාන්ඩ් වුණ ගමන් අසරණවෙලා නැති ලෙඩ ඇතිවෙලා. මුදල් යහමින් තිබෙන අයට වැරදි කරලා රිමාන්ඩ් වුණ ගමන් හැදෙන ලෙඩ රෝග මේවා. (නි)
ගෝල්ඩන් කී තැම්පත් කරුවන්ගේ දරුවන්ට මොකද වුනේ.(හේ)
අනේ මටනම් හිතාගන්නවත් බැහැ මේ එයාමද කියලා.සංසාරේ හැටි.(ම)
දැන් ඔය ප්ලේන් එකෙන් බැහැලා යස අපුරුවට ආ කෙනා නේද මේ තරමටම අබ්බගාත වුණේ? දොස්තර මහත්වරුන්ට බේතක් වැරදුනාවද්ද? (නි)
අබාධිත අයට ලංකාවේ අධිකරණයට පැමිණීමට පහසුකම් නැද්ද ? (ර)
ඇත්තටම අපි මනුස්සයෙක් අමාරුවේ වැටිලා ඉන්නකොට අනුකම්පා කළයුතුයි (නි)
වයසට ගිහිල්ලත් යහතින් ඉන්ට නැති හැටි. දැක්කම දුක හිතෙනවා. (ර)
මේ මහත්මිය ඉතාම කරුණාවන්ත කෙනෙක් බව මීට අවුරුදු 40 කට පෙර එක වරක් ඇය හමුවූවිට මට තේරුණා. ඇයට මෙහෙම සැළකීම යුතු නැත. (නි)
මෙතන ඉන්න ගොඩක් අය වුණේ මොකද්ද දන්නේ නැතුව කියවනවා. මේ මිනිස්සු කළදෙයක් නැහැ. මිනිස්සු ඉවක් බවක් නැතුව සල්ලි ආපසු ගන්නකොට කඩා වැටෙනවා. මිනිස්සු තමයි මෝඩ වුණේ නඩු දාන්න කැමතිවෙලා. වෙන රටක ඉපදුනා නම්... ව්‍යාපාරික මොළයක් අපරාදේ නැතිවුණා (නි)