තමන් ඇප මත මුදා හැරීම ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙන ලද නියෝගය බලරහිත කොට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සිසිලි ප‍්‍රියා කාමිනි කොතලාවල අභියාචනාධිකරණය හමුවේ ඇප අයැදුම් පෙත්සමක් ගොනු කළාය.
වයස අවුරුදු 74ක් වන තමා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළද තමන් එම සමාගමේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ නොවූ බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.
රෝගාබාධ රැසකින් පීඩා විඳි තම සැමියා වන ලලිත් කොතලාවල වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුව බලා යාමට සැලසුම් කළ අතර ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමේ ඇතිවූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ලලිත් කොතලාවල මෙරට නැවතී සිටි බවද පෙත්සමේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසිලියා කොතලාවල ඇපැල් ගනී
ලලිත් Wednesday, 09 March 2016 02:59 AM
ඔබට ඇප ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් නැති බව මගේ අදහසයි (නි)
ආලෝක Wednesday, 09 March 2016 03:03 AM
මැතිනියනි, ඔබ ඔබේ ව්‍යාපාරයේ දියුණුවට හේතු වූ ආධ්‍යාත්මික හේතුවක් සම්බන්ධ වූ මතයක් ඒ දවස් වල ඉදිපත් කළා මට මතකයි. තාමත් එය වලංගුද ? දියුණුවට හේතුව එය නම්, ඇයි මේ ලෙස සිදුවූයේ? මේ පෙන්වා දෙන්නේ කර්මය හා කර්ම ඵලයම පිළිබඳ සත්‍යය නොවේද? (නි)
සුමිත් Wednesday, 09 March 2016 03:48 AM
ආලෝක ඔය හරියට හරි , හැමදේම අනිත්‍ය බව බුදු හාමුදුරුවෝ කිව්වා නේද? (ම)
සෙනරත් Wednesday, 09 March 2016 04:44 AM
ඔබට ඇප දෙනවා නම් තව ඇප ලැබිය යුතු නමුත්, ඇප නොලැබී සිටින ගොඩක් අය ගැනද සළකා බැලිය යුතුය. (නි)
නිවන්තක Wednesday, 09 March 2016 05:53 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දුමින්ද Wednesday, 09 March 2016 07:29 AM
පසුපස එන පාප කර්ම(කෞ)