තමන් ඇප මත මුදා හැරීම ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙන ලද නියෝගය බලරහිත කොට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සිසිලි ප‍්‍රියා කාමිනි කොතලාවල අභියාචනාධිකරණය හමුවේ ඇප අයැදුම් පෙත්සමක් ගොනු කළාය.
වයස අවුරුදු 74ක් වන තමා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළද තමන් එම සමාගමේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ නොවූ බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.
රෝගාබාධ රැසකින් පීඩා විඳි තම සැමියා වන ලලිත් කොතලාවල වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුව බලා යාමට සැලසුම් කළ අතර ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමේ ඇතිවූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ලලිත් කොතලාවල මෙරට නැවතී සිටි බවද පෙත්සමේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඇප ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් නැති බව මගේ අදහසයි (නි)
මැතිනියනි, ඔබ ඔබේ ව්‍යාපාරයේ දියුණුවට හේතු වූ ආධ්‍යාත්මික හේතුවක් සම්බන්ධ වූ මතයක් ඒ දවස් වල ඉදිපත් කළා මට මතකයි. තාමත් එය වලංගුද ? දියුණුවට හේතුව එය නම්, ඇයි මේ ලෙස සිදුවූයේ? මේ පෙන්වා දෙන්නේ කර්මය හා කර්ම ඵලයම පිළිබඳ සත්‍යය නොවේද? (නි)
ආලෝක ඔය හරියට හරි , හැමදේම අනිත්‍ය බව බුදු හාමුදුරුවෝ කිව්වා නේද? (ම)
ඔබට ඇප දෙනවා නම් තව ඇප ලැබිය යුතු නමුත්, ඇප නොලැබී සිටින ගොඩක් අය ගැනද සළකා බැලිය යුතුය. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
පසුපස එන පාප කර්ම(කෞ)