ශ්‍රීලනිප හා සන්ධාන ලේකම්වරුන් වන දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල මහත්වරු හිටපු ලේකම්වරුන්වන අනුර ප්‍රියදර්ශන යාපාට හා සුසිල් ප්‍රේම්ජයන්තට එරෙහිව ගොනු කර තිබූ නඩු අද (28) ඉල්ලා අස්කරගත්හ.
තම ධූරයන්හි කටයුතු කිරීමේදී හිටපු ලේකම්වරුන්ගෙන් කිසිදු බාධාවක් ඇති නොවීම හේතුවෙන් හා සුසිල් ප්‍රේම්ජයන්ත එම ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල ලේකම්වරු අද අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ හේතුවෙන් කොළඹ දිසා අධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා නඩු නිෂ්ප්‍රභා කළේය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහ මැතිවරණයට පෙර ශ්‍රීලනිප හා සන්ධාන ලේකම්වරු ඉවත් කර වැඩබලන ලේකම්වරුන් ලෙස දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල මහත්වරු පත් කළ අතර ඔවුන් දෙදෙනා තම රාජකාරියට බාධා ඇති නොකරන ලෙස සුසිල් හා අනුරට එරෙහි වාරණ නියෝගයක් පසුගිය අගොස්තු 14 වැනිදා ලබාගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපේ රටේ අනාගතය ගැන අවිනිශ්චිතයි (බ)
සමගියෙන් වැඩ කරන්න. මේක පුංචි රටක්. බෙදාගන්න දෙයක් නැහැනේ ? අපි හැමෝම දවසක මැරෙන මිනිස්සු (නදී)
නඩු දානවා අපහු ඉවත් කරගන්නවා ? දැන් මේක ව්හිළුවක් වෙලා (ම)
මේවටද කියන්නේ මෙගා ඩීල් කියලා (නදී)
කට්ටියට ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය මහජන මතය විහිළුවක් වෙලා. පක්ෂයක පැවැත්ම රැදීම තියෙන්නේ පාක්ෂිකයින් මත කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලොකු ලොක්කෝ අමතක කරලා.(නදී)
ලොක්ක පක්ෂය සහ පාක්ෂිකයන් යූ එන් පී එකට පාවා දුන්නා (ම)
නින්දිත ඩබල් ගේම් එකක් මහජනතාවගේ කතිරය මේ අයට විහිළුවක් මේක ඡන්ද මංකොල්ලයක් (අ)
ගයන් ඔයයි ඇත්ත කතාව කීව්වේ (අ)