සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත හා ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන්ගේ ලේකම් පදවි වාරණයකට ලක්කරමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා ලබාදුන් නියෝගය අත් හිටුවන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි මහතා අද (24) පෙත්සමක් ගොනු කළේය.
අධිකරණ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කර එම වාරණ නියෝගය ලබාගෙන ඇති බවත් එය අත් හිටුවීමට ක්‍රියා කරන්නැයි කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතාගෙන් ඉල්ලමින් අදාළ පෙත්සම ගොනු කර ඇත. ඒ අනුව ලබන 28 වැනිදා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය අදාළ පෙත්සම්කාර පාර්ශවයට අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පස්සේ ස්තලය වැහුවට වැඩක් වෙයිද ? (අ)