ජාතික ලැයිස්තුවෙන් මුලින් නම් කළ පිරිස කපා හැර පරාජිතයන් නම් කර මැතිවරණ කොමසාරිස්ට යැවීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක මහතා අද (23) අභයාරාමයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
විජේනායක මහතා ද ජාතික ලැයිස්තුවට නම් කරනු ලැබ සිටියේය.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හොරකම් කිරීමට එරෙහිව අධිකරණයට යන බව ද ඔහු කීවේය.
හිටපු ජනපතිගේ ආගමික කටයුතු සම්බන්ධීකාරක ලෙස සිටි ගලගම ධම්මරංසි හිමියන් මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය ගැන සැක බවයි. ඒ ගැන ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ හිමියෝ කීහ.
කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් සන්ධාන ජාතික ලැයිස්තුවේ සිටියේ ලෙස්ලි දේවේන්ද්‍ර සහ තමා බවත්, කම්කරු පන්තිය නියෝජනය කරන කිසිවකු ජාතික ලැයිස්තුවෙන් නම් කර නොමැති බවත්, මේ තීරණ ගත්තේ සන්ධාන විධායක සභාව සමඟ සාකච්ඡා කර නොවන බවත් මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි මහතා කීවේය.
‘උදේට පක්ෂයෙන් සාමාජිකයන් ඉවත් කළාය කියා සන්ධාන ලේකම් ලෙස විශ්වා වාර්ණපාල මහතා ලියුම් යවනවා. හවසට සන්ධාන ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත මැතිවරණ කොමසාරිස්ට යවනවා ජාතික ලැයිස්තුව නම්කරලා.‘ යැයි ද ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩී ඊ ඩබ්ලිව් ගුණසේකර මහතා ජාතික ලැයිස්තුවෙන් පත් නොකළේ කෝප් වාර්තාව එළියට එයි කියා ඇතිවූ බියක් නිසාද යන්න සැක බව ද ඔහු පැවසීය.
මාධ්‍යවේදියෙක් - කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් ලෙස්ලි දේවේන්ද්‍රගේ හා ඔබේ නම 2010 නාමයෝජනා ලැයිස්තුවේ තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ රජයත් පත් කළේ නෑ නේද?
පිළිතුර - හිටපු ජනාධිපතිතුමා අපිව පත් නොකළාට විවිධ ක්ෂේත්‍රවලට කටයුතු කරන උදවිය පත් කළා. අනික ඔහු දිගටම කම්කරු ප්‍රජාව එක්ක හිටියා.
ප්‍රශ්නය - හිටපු ජනාධිපති මේ ඡන්ද ප්‍රතිඵලය බාර ගනිමින් කිව්වා පරාජය බාර ගන්නා බව. නමුත් ධම්මරංසි හාමුදුරුවන් කිව්වා ඡන්ද ප්‍රතිඵලය සැක බව.
පිළිතුර - එතුමා එහෙම කිව්වාට ඡන්ද ප්‍රතිඵලය සැකයි. අපි යනවා අධිකරණයට.
ප්‍රශ්නය - ජාතික ලැයිස්තුවෙන් මැතිවරණ කොමසාරස් කරන පත් කිරීම අධිකරණයේ අභියෝගයට ලක් කරන්න බැහැ නේද?
පිළිතුර - අපි එහෙම දන්නේ නෑ. අපි නීති උපදෙස් අනුව කටයුතු කරනවා.
ප්‍රශ්නය - ජාතික ලැයිස්තුවෙන් ආසන නොලැබුණා නම් සන්ධාන සභාපති වන මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග සාකච්ඡා කළාද?
පිළිතුර - නෑ වෙලාවක් තිබුණේ නෑ
ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ ගැන දැනුම් දුන්නද?
පිළිතුර - එතුමාට මොනවත් කරන්න බලයක් නැහැනේ
ප්‍රශ්නය - ඔහු අගමැති අපේක්ෂක හා නායක ලෙස ඉදිරිපත් කරමිනුයි ඡන්ද ව්‍යාපාරය කළේ. දැන් ඔබට වුණු අසාධාරණය වෙනුවෙන් ඔහු කතා කරන්නේ නැද්ද?
පිළිතුර - එතුමා හැමදාම අපිත් එක්ක ඉන්නවා.
ප්‍රශ්නය - සන්ධානය විසුරුවන්න යනවා නේද?
පිළිතුර - ඒ ගැන හෙට දැනුම්වත් කරන්නම්
ප්‍රශ්නය - විපක්ෂ නායක කවුද?
පිළිතුර - මේ මාධ්‍ය සාකච්ඡාව ජාතික ලැයිස්තු ප්‍රශ්නය ගැන පමණයි. වෙන දේවල් කතා කරන්නේ නැහැ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න කනගාටුයි..හිරිකිතයි..නින්දිතයි..එක වචනෙකින්වත් මැතිවරණය වෙනුවෙන් සන්ධානයට සහයෝගයක් නොදී කකුලෙන් ඇදල අවසාන් මොහොතේ ජයග්‍රහණයට යන මගට ගල් බෝර දාපු ලොකු තැන අද අනුන්ගේ ළමයින්ට අප්පච්චි වෙන්න උප්පැන්නෙට නම් දෙනවා..මේකද ප්‍රජාතන්ත්‍රවාදය..මේකද මේ කියපු යහ පාලනය..අපි ඡන්දෙ දුන්නේ ජාතික ආණ්ඩු හදන්න නෙමෙයි. අපේ ඡන්දෙන් ගොඩ ගිය මේ නපුංසකයෝ දවස් දෙකක් යන්න කලින් මහින්ද මහත්තයට ද්‍රෝහී වුණා. ද්‍රෝහීන්ට මිනිස්සු දීපු උත්තරය දැක දැක. යහපාලනය කනට ගැහුවේ ඒ මිනිස්සුන්ට..ඒ මිනිස්සු ආයේ හැරිලා ගහන්නේ කනට නම් නෙමෙයි මෛත්‍රී මහත්තයෝ..ඔබ සෙල්ලම් කරන්නේ ඔබව පිළිකුල් කරන ජන මතයක් එක්ක.ද වසින් දවස ඔබ ඔවුන්ගේ හිත්වල වෛය පුරවනවා..(අ)
යහපාල මහත්තයෝ, දැන් හොඳටම දෙපාරක්ම පැරදිලා නේද ඉන්නේ? ජන මතය මොකක් ද කියල තාම තේරුම් ගන්න බැරි උනාද කුඩා මොළේට? (නදී)
මේ සියලු අදහස් යොමු වෙන්න ඕන සුසිල් සන්ධානය පාවා දුන්න කියන දේටයි. නමුත් මෙතන ලියලා තියෙන්නේ වෙන අප්‍රබංස. මොනවා වුනත් පැරදුනාට පස්සේ ඕනෑම පක්ෂයකට අයිති වෙන නස්පැත්තිය සන්ධානේටත් වැදිලා. (නදී)
රට ගොඩ ගන්න යන මේ මොහොතේත් සන්දානේ හොරු ටික බලන්නේ රටේ මිනිස්සුන්ට බොරු කියල තමන්ගේ හොරකම් ටික වහගන්න. මේ මාධ්‍ය සාකච්ඡාට අාපු අය කරපු හොරකම් හොයලා හිරේ දාන්න ඕනේ. (නදී)
නිලමැස්සාට ලිස්ට් තෝරන්න දුන්නාම තෝරන්නේ මහජනතාව පයින් ගසා කුණු ගොඩට විසිකළ ඉහඳ මැස්සන් මිස සමනලයන් නොවේ. නිල මැස්සා ගේ ලැයිස්තුව අනුමත කල ජනපතිට ඡන්දය දීම ගැන දුක් වෙනවා හැර මොනවා කරන්නද..? (නදී)
කිසිම පලක් නැති විවාදයක් ඔය කරන්නේ. දැන් කොහොමත් පරක්කු වැඩියි. (නදී)
අසා ඇති ප්‍රස්න සහ දුන් පිලිතුරු අතරින් වෙනස වටහාගන්න (නදී)